Top News

තෙල් බෙදන්න විදෙස් සමාගම් 3ක් ශ්‍රී ලංකාවට

මෙරට ඉන්ධන බෙදාහැරීමේ කර්මාන්තය සඳහා ප්‍රවේශවීමට චීනයේ Sinopec, ඕස්ට්‍රේලියාවේ United Petroleum සහ එක්සත් ජනපදයේ RM Parks යන සමාගම් වෙත බලපත්‍ර පිරිනැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ අනුව මෙම සමාගම් තුන වෙත ශ්‍රී ලංකාව තුළ ඉන්ධන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවිය සඳහා අවසර හිමිවනු ඇත.

(0)Comments | March 27, 2023 6:03 pm

ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම සමාගම බවට ටෙලිකොම් පත්වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් හි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව, දෙවැනි විශාලතම සමාගම බවට ශ්‍රී ලංකා ටෙලිකොම්, අද (27) දිනයේ දී පත්විය. ඒ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටසක ගනුදෙනු මිල රු. 115 මට්ටමට පැමිණීමත් සමඟ එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 207 සීමාව ඉක්මවීමා යාම හේතුවෙනි. එය සමස්ත වෙළෙඳපොළෙන් 5%කට වඩා වැඩි අගයයක් වේ. මේ දක්වා…

(0)Comments | March 27, 2023 12:18 pm

“ඇසුරුම්කරණය තුළින් සන්නාමකරණය” යන තේමාව ඔස්සේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කාන්තා ව්‍යවසායිකාවන් සවිබලගන්වයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් “ඇසුරුම්කරණය තුළින් සන්නාමකරණය” යන තේමාව යටතේ, කාන්තා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් පසුගියදා සංවිධානය කෙරිණි. ජාත්‍යන්තර වෙළෙඳපොළට පිවිසීමට උපකාර කිරීම සඳහා සන්නාමකරණය සහ ඇසුරුම්කරණය පිළිබඳ ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය. වැඩසටහනට සහභාගීවන්නන්ට මනා මග පෙන්වීමක් සැපයීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය, සන්නාමකරණය සහ ඇසුරුම්කරණය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍ර‍මුඛ…

(0)Comments | March 27, 2023 11:21 am

පේරාදෙණියේ ගැහිලි රැසක් කෝප් කමිටුවේදී දිගහැරෙයි

කෝප් කමිටුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්‍රියා පටිපාටි අක්‍රමිකතා සහ මූල්‍ය අවභාවිතයට අදාළ සිද්ධීන් ගණනාවක් විමර්ශනය කරයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 2020 සහ 2021 වර්ෂවලට අදාළව විගණකාධිපති වාර්තාවෙන් මතු කර ඇති ගැටලු සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සදහා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව පසුගියදා රැස්විය. මූල්‍ය වගවීමක් නොමැති වීම සහ විගණන හා කළමනාකරණ කමිටු සාමාජිකයින් සහභාගී නොවීම…

(0)Comments | March 27, 2023 9:03 am

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් ඩොලර් බිලියන 6.2ක වන්දියක්?

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළ ඇ.ඩො බිලියන 6.2 ක වන්දි ලබා ගැනීමට නඩු පැවරිය යුත්තේ සිංගප්පූරුවේද ? ශ්‍රී ලංකාවේද? පරිසර කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අදාළ පාර්ශ්ව සමග නැවත රැස්වී කරුණු සමාලෝචනය කිරීමට තීරණය කෙරේ තව දින 58 ක් ඇතුළත නඩු පැවරීම සිදුකළ යුතුයි මෙරට මුහුදු සීමාවේදී 2021.05.19 වැනි දින සිදුවූ එක්ස්ප්‍රස් පර්ල් නෞකා…

(0)Comments | March 27, 2023 7:16 am

“මූල්‍ය අරමුදලෙන් ලැබුණේ ගොඩ එන්න කඹයක්. ගොඩ ඇවිත් රට හදන එක අපේ වැඩක්”

ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී අවධාරණය කරයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යනු වතුරේ ගිලෙන්නට යන මිනිසෙකුට ගොඩ එන්නට ලබාදුන් කඹයක් පමණක් බව සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. ඔහු මෙහිදි, පැවසුවේ මෙය දිගු දුෂ්කර ගමනක ආරම්භය බවයි. ඉදිරියේදී ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව සිදුකරන ගැනීම සහ දුෂ්කර ආර්ථික ප්‍රතිසංස්කරණ…

(0)Comments | March 27, 2023 7:05 am

IMF සල්ලිවලින් ඉන්දියාවේ ණය ගෙවයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 330ක් වූ විස්තීරණ ණය මුදලේ පළමු වාරිකය ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ වාරිකය ගෙවීමට යොදා ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමෙරිකානු ඩොලර් මිලියන 121ක් වූ අදාළ වාරිකය ඊයේ දින ගෙවා දැමූ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන මෙවැනි…

(0)Comments | March 24, 2023 4:39 pm

2023 පෙබරවාරි මාසයේ දී ඩොලර් බිලියනයක අපනයන ආදායමක්

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව පසුගිය පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,005.2 ක් ලෙසින් සටහන්ව ඇත. මෙය 2022 පෙබරවාරි මාසයට වඩා 8.06%ක පහළ යාමකි. කෙසේ වෙතත්, එය 2021 පෙබරවාරි මාසයට සාපේක්ෂව 5.62% ක වැඩිවීමකි.

(0)Comments | March 24, 2023 11:19 am

සෙලින්කෝ ලයිෆ් 2022 වසරේදී අඛණ්ඩව 19 වන වසර සඳහා වෙළෙඳපොළ ප‍්‍රමුඛයා බවට පත්වෙයි

සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන්ට 2022 වසරේදී රුපියල් බිලියන 18.9 ක සුවිශාල ශුද්ධ හිමිකම් සහ ප‍්‍රතිලාභ හිමිවූ අතර දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මාස 12 ක කාලය තුළදී සමාගම රුපියල් බිලියන 29.16 ක දළ ලිඛිත රක්ෂණ වාරික ආදායමක් වාර්තා කරමින් පිට පිටම 19 වසර සඳහාත් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබේ….

(0)Comments | March 24, 2023 11:05 am

ප්‍රංශ ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් Raid Amazones 2023 නුවර දී ඇරඹෙයි

ප්‍රංශ ක්‍රීඩිකාවන් 250 දෙනෙකු තරගවදින Raid Amazones 2023′ ත්‍රාසජනක තරගාවලිය මහනුවර දී ඊයේ (22) ආරම්භවිය . එහි දෙවනි දිනය වූ  අද (23)  ක්‍රීඩිකාවන් වික්ටෝරියා ජලාශයේ ඔරුපැදීමේ තරගය සදහා එක්ව වූහ. Raid Amazones යනු ලොව එකම සංචාරක කාන්තා ත්‍රාසජනක  තරඟාවලිය  වන අතර ශ්‍රීලංකන් ගුවන් සේවය එහි නිල ගුවන් සේවා  හවුල්කරුවා ලෙස කටයුතු කරයි. තරගයේ ආරම්භක දිනය…

(0)Comments | March 24, 2023 9:10 am