‘Visa Direct’ සහ ‘Mastercard Send’ යන කාඩ් පදනම් කරගත් කාඩ්පත් අතර මුදල් හුවමාරු කිරීමේ පහසුකම් ශ‍්‍රී ලංකාව තුළ පළමු වරට සක‍්‍රීය කරන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. මෙම නවතම ඩිජිටල් පියවර මගින් කොමර්ෂල් බැංකුවේ Visa සහ Mastercard ඩෙබිට් සහ ප‍්‍රීපේඞ් කාඩ් හිමියන්ට කොමර්ෂල් බැංකුවේ ස්වයංකී‍්‍රය යන්ත‍්‍ර මගින් සහ Q+ ගෙවීමේ ඇප් පහසුකම මගින් දේශීයව…
ඇල්ල සංචාරක කලාපයේ ඉදිරි සංවර්ධන කටයුතු උදෙසා නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කටයුතු කරමින් පොදු සැලසුමක් යටතේ කටයුතු කළ යුතු බව රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඇල්ල සංවර්ධන වැඩසටහන පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී තවදුරටත්…
රු. මිලියන 160,000 ක් හෙවත් රු. කෝටි 16,000 ක දැවැන්ත වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් කැඳවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පවසන්නේ 2023 ජනවාරි 12 වැනි බ්‍රහස්පතින්දා මෙම වෙන්දේසිය පැවැත්වෙන බවයි. ඒ අනුව පරිණත කාල දෙකක් යටතේ රු. මිලියන 160,000 ක බැඳුම්කර ප්‍රමාණයක් මෙම…
ජනපති දැනුවත් කිරීමට තීන්දුවක් කථානායකටත් පැමිණිල්ලක් පාර්ලිමේන්තුවට විශේෂ වාර්තාවක් ලබන 17 වැනිදා අමාත්‍යාංශ ලේකම්වරයා නැවත කැඳවීමටත් තීරණයක් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (කෝප් කමිටුවේ) විශේෂ රැස්වීමක් එම කාරකසභාවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජන. 05) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එහිදි පහත සදහන් කරුණු ත්‍රිත්වය පිළිබඳව අවධානය යොමුවිය. කෝප් කමිටුවේ ක්‍රියාකාරීත්වය වඩාත් පුළුල් කිරීමේ සහ එහි…
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සඳහා නිල වෙබ් අඩවියක් නොමැති බවත් හෙළි වෙයි විගණන වාර්තා පාර්ලිමේන්තුවට ලබාදීමේ ප්‍රමාදය පිළිබඳව කමිටුව කොමිෂන් සභාවෙන් ප්‍රශ්න කරයි කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සහභාගී නොවීම සහ ඒ පිළිබඳව විධිමත්ව කාරක සභාව දැනුවත් නොකිරීම පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා…
ඉදිරි වසර 25 තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය, සංස්කෘතික හා දේශපාලන ක්ෂේත්‍රයන්හි අභිවෘද්ධිය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදී: (i) පහත සඳහන් නව ආයතන ස්ථාපිත කිරීම: * ඉතිහාසය පිළිබඳ ආයතනය * ආර්ථික විද්‍යා සහ වෙළඳ ආයතනය * කාන්තා සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ආයතනය *…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් විසින් ශ්‍රී ලංකාවට සල්ලි අච්චු ගැසීම තහනම් කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (10) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දී මේ මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියේය. “මේ සෑම වියදමක්ම දරන්නේ මහජනයාගෙන් අය කරන ගන්න බදු මුදල්වලින්. මහජනතාව මත විශාල පීඩනයක් බදුවලින් පැනවෙලා තියෙනවා. ඒ…
හම්බන්තොට ආශ්‍රිතව අපනයන අරමුණු කර ගත් ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ ඉහළ විභවතාවක් පවතින බව හඳුනාගනු ලැබ ඇත. එකී ආයෝජන අවස්ථාව උපයෝගී කර ගැනීම පිණිස විවිධ පාර්ශවයන් හා විදේශීය ආයෝජකයන් විසින් උනන්දුවක් දක්වනු ලබයි. ඒ අනුව හම්බන්තොට ආශ්‍රිතව ඛනිජ තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරාගැනීම සඳහා අභිලාෂ කැඳවීමේ…
ශ්රී ලංකාවේ ලිහිසි තෙල් වෙළඳපොළ ලිහිල්කරණය හා නව ප්‍රවේශකයින් තෝරා ගැනීම 1961 අංක 28 දරන ලංකා ඛනිජතෙල් නීති ගත සංස්ථා පනත සහ ඊට ආනුෂංගික සංශෝධිත විධිවිධාන මඟින් ලිහිසි තෙල් කර්මාන්තය සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත නව අයදුම්කරුවන් තෝරා ගැනීම සඳහා සහ ඊට අනුරූපව බලපත්‍ර ලබා දීම සඳහා ඛනිජතෙල් සම්පත් සංවර්ධන විෂයභාර අමාත්‍යවරයාට බලය ලබා දී තිබේ….
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පිරිසැලසුමට අනුව ගුවන් මෙහෙයුම් මෙන්ම ගුවන් මෙහෙයුම් නොවන වෙනත් කාර්යයන්ට අදාළ ව්‍යාපාරික අවස්ථාවන්ද ක්‍රියාත්මක කරමින් බහුකාර්ය ව්‍යාපාරිත මධ්‍යස්ථානයක් බවට එකී ගුවන්තොටුපොළ පරිවර්තනය කිරීමේ විභවයක් පවතී. එබැවින් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ආයෝජන අවස්ථා ඇති කිරීම මඟින් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට අදාළ පහසුකම හා වත්කම් ඵලදායී අයුරින් භාවිත කිරීම සඳහා පියවර ගැනීම කෙරෙහි අවධානය යොමුවී…
Video Story