Top News

කොටස් වෙළෙඳපොළ අද (17) වැසෙයි

අද (17) දින සිට දින තුනක කාලයක් විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති තීරණය අනුව අද, එනම් 2020 මාර්තු 17 දින කොළඹ කොටස් වෙළෙඳපොළට ද නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශ කිරීමට තිරණය කර ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළ තැරැව්කාර ආයතන වෙත මේ බව දැනුම් දෙමින් කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී…

(0)Comments | March 17, 2020 9:43 am

ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් කරුණු පැහැදිලි කිරීමක්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ පළමු පියාසර නිලධාරියෙකු හට කොරෝනා වෛයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා වන ප්‍රවෘත්තිවලට අමතරව, පහත සඳහන් කරුණු පැහැදිලි කිරීමට ගුවන් සමාගම බලාපොරොත්තු වේ. අදාළ පළමු පියාසර නිලධාරියා සිය අවසන් දිගු මෙහෙයුම් පියාසැරිය සිංගප්පූරුව වෙත ගොස් ඇත්තේ 2020 පෙබරවාරි මස 28, වන දින වන අතර ඉන්පසුව ඔහු ක්‍රියාත්මක කළ සියලුම ගුවන් ගමන් ආපසු…

(0)Comments | March 17, 2020 12:21 am

මහ බැංකුව පොළී අනුපාතික තවදුරටත් අඩුකරයි – කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම මධ්‍යයේ ආර්ථික ක්‍රියාකාරිත්වයට සහායවීම සඳහා ගත් තීරණයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2020 මාර්තු 16 වැනි දින පැවැති හදිසි රැස්වීමේදී, 2020 මාර්තු 17 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 6.25 සහ සියයට 7.25 දක්වා පදනම් අංක 25 කින් අඩු කිරීමට සහ බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියළු…

(0)Comments | March 16, 2020 8:16 pm

කොරෝනා මගින් සිදුවන ආර්ථික බලපෑම බරපතලයි. වහාම සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවන්නැයි කොළඹ වාණිජ මණ්ඩලයෙන් ඉල්ලීමක්

දැනට කොරෝනා වෛරසය හේතුවෙන් රටතුල අතිවී ඇති අවදානම් තත්වය සදහා දේශපාලන පක්ෂ භේදයකින් තොරව රටේ සියලු පාර්ශව පෙලගැස්වීම වෙනුවෙන් වහාම සර්වපාක්ෂික නායකයන්ගේ රැස්වීමක් කැඳවන්නැයි කොළඹ වාණිජ මණ්ඩලය ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටී. කොළඹ වාණිජ මණ්ඩලය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහතිින් දැක්වේ. රටේ ආර්ථිකයත්, සාමන්‍යය ජන ජීවිතයත් දැඩි අවදානම් හා ගැටලු සහගත තත්වයකට මුහුනදී…

(0)Comments | March 16, 2020 3:56 pm

කොටස් වෙළෙඳපොළ හෙට වැසෙයි

ශ්‍රී ලංකා රජය විසින් හෙට (16) දිනය රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. එබැවින් හෙට (16) දිනය කොළඹ කොටස් වෙළෙඳපොළට ද නිවාඩු දිනයක් ලෙසින් නම් කර ඇත. මේ වන විට ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා උත්සන්න වී ඇති කොරෝනා වෛරස වසංගතය හමුවේ ගෝලීය ආර්ථිකය දැඩි කඩා වැටීමකට ලක්ව ඇත. මේ හේතුවෙන්…

(0)Comments | March 15, 2020 3:41 pm

භාණ්ඩ හිඟයක් නැහැ – ජෝන් කීල්ස් සිල්ලර වෙළෙඳ ප්‍රධානියා කියයි

මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ජනතාව අනවශ්‍ය ලෙස භාණ්ඩ තොග රැස් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඇති වූ අධික ඉල්ලුම නිසා කෙටිකාලීනව තම වෙළෙඳසැල්වල භාණ්ඩ අලෙවි වී අවසන් වීම කිසිසේත් භාණ්ඩ හිඟයක් නොවන බව ජෝන් කීල්ස් සමූහයේ සිල්ලර වෙළෙඳ අංශ සභාපති චරිත සුබසිංහ මහතා පවසයි. අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා…

(0)Comments | March 13, 2020 7:05 pm

බැංකු නොවන මූල්‍ය අංශයේ ණය ගැනුම්කරුවන්ට විශේෂ ණය සහන යෝජනා ක්‍රමයක්

රටේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය ගැනුම්කරුවන් සඳහා විශේෂ ණය සහන යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට බැංකු අංශය කටයුතු කර ඇත. මෙහි ප්‍රතිලාභය ලබා දීමේ වැදගත්කම සලකා බැලීමෙන් පසු ඒ හා සමාන ණය යෝජනා ක්‍රමයක් බැංකු නොවන මූල්‍ය අංශයේ ණය ගැනුම්කරුවන්ට ද හඳුන්වා දීමට තීරණය කරන ලදී. ඒ අනුව, ආර්ථික…

(0)Comments | March 13, 2020 6:30 pm

සියලු කොටස් 5,000 න් පහළට. 2012 ජූලි මාසයෙන් පසු අඩුම තැනට කොටස් වෙළෙඳපොළ පතිත වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (13) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 144.82 කින් පහළ ගොස් ඒකක 4,874.73 ක් වශයෙන් වාර්තා විය. මෙය 2012 ජූලි 24 දිනෙන් පසු වාර්තා වූ අඩුම සියලු කොටස් මිල දර්ශක අගය වේ. මේ අතර අද (13) දින සතියේ තෙවැනි වරටත් දෛනික ගනුදෙනු අතරවාරයේ දී S&P SL20 දර්ශකය පූර්ව…

(0)Comments | March 13, 2020 6:07 pm

‘2020 – ඩිජිටල් ගනුදෙනු වර්ෂය’ ප්‍රවර්ධන වැඩසටහන දියත් කෙරේ

‘2020 – ඩිජිටල් ගනුදෙනු වර්ෂය’ ප්‍රවර්ධන වැඩසටහන 2020.03.11 වන දින ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් ජ්‍යෙෂ්ඨ බැංකුකරුවන්, බැංකු නොවන මූල්‍ය ආයතන නිලධාරින්, ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් දියත් කරන ලදී. මෙම ප්‍රවර්ධන වැඩසටහනට සමගාමී ව ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂක ඩී. කුමාරතුංග…

(0)Comments | March 13, 2020 3:56 pm

සතිය තුළ තෙවැනි වරටත් කොටස් ගනුදෙනු අක්‍රීය වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පෙරවරු 10.02 ට මිනිත්තු 30 ක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවනු ලැබීය. S&P SL20 දර්ශකය 5% ක් ඉක්මවා ප්‍රමාණයකින් යළිත් වතාවක් පහත වැටීම මීට හේතුවයි. මීට පෙර ඊයේ (12) සහ අඟහරුවාදා (10) දිනවල ද S&P SL20 දර්ශකයේ කඩා වැටීම හේතුවෙන් දෛනික ගනුදෙනු තාවකාලිව අත්හිටුවනු ලැබීය. පෙරවරු 10.32 ට දෛනික ගනුදෙනු යළී…

(0)Comments | March 13, 2020 10:41 am