Top News

කිරුළපන කොළඹගේ මාවතේ නිවාස 624 ක ව්‍යාපෘතියේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව මාගා ඉංජිනියරින් සමාගමට

කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත් වන ජනතාවගේ නිවාස අවශ්‍යතාවන් සලසා දීම පිණිස නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. එම ව්‍යාපෘතිය සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ලබාගැනීමට කටයුතු කෙරෙමින් පවතී. එම අරමුදල්වලින් කොටසක් භාවිත කර කිරුළපන, කොළඹගේ මාවතේ පිහිටි නිවාස 624 ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කටයුතු සැලසුම්…

(0)Comments | February 21, 2020 4:58 pm

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්ත ධාරිතාව වැඩි කිරීමේ රු. බිලියන 35 ක කොන්ත්‍රාත්තුවක් ජපානයේ Taisei Corporation වෙත

වර්ෂ 2025 වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විසින් මෙහෙයවනු ලබන වාර්ෂික ගුවන් මගීන් සංඛ්‍යාව මිලියන 20 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, එම තත්ත්වයට මුහුණ දීමට ගුවන්තොටුපළ මගී පර්යන්ත ආශ්‍රිත ධාරිතාව වැඩි කිරීමේ කටයුතු නොපමාව සිදු කිරීම අත්‍යවශ්‍ය වී ඇත. ඒ අනුව, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ II වන අදියර 2 වන පියවර ‘අ’ පැකේජයට අදාළ…

(0)Comments | February 21, 2020 3:33 pm

රාගම බ්‍රවුන්ස් රෝහල ඉෂාරගෙන් හැරීට. රු. බිලියන 1.6 ක ගනුදෙනුවක්

කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන Brown and Company PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Browns Health Care (Pvt) Ltd හි පූර්ණ කොටස් අයිතිය Melsta Healthcare Colombo (Pvt) Ltd සමාගම විසින් අත්පත් කර ගෙන තිබේ. Melsta Healthcare Colombo (Pvt) Ltd මේ වෙනුවෙන් ආයෝජිත මුදල රුපියල් බිලියන 1.6 කි. බදාදා දින…

(0)Comments | February 21, 2020 11:25 am

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ‘Serendipity Right Next Door’ සන්නාම වීඩියෝව සඳහා සමාජ මාධ්‍ය තුළ වාර්තාගත ඇගයුමක්

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ කීර්තිමත් වන්වර්ල්ඩ් ගුවන් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය සිය විශාලතම විදේශ වෙළෙඳපොළ වන ඉන්දියාව ඉලක්ක කර ගනිමින් සිදු කළ “Serendipity Next Door” සන්නාම වීඩියෝව එළිදක්වා පැය 19 ක කාලයක් තුළ ගෝලීය  සමාජ ජාල හරහා එය නැරඹූ ප්‍රමාණය මිලියන 5 ඉක්මවා තිබේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රීලංකන් වෙළඳනාම වීඩියෝවක් මිලියන…

(0)Comments | February 21, 2020 10:30 am

මහින්ද සිරිවර්ධන මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධූරයට

මුදල් මණ්ඩලය විසින් ගරු මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමාගේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන කේ . එම් . මහින්ද සිරිවර්ධන මහතා 2020 පෙබරවාරි මස 12 වැනි දින සිට නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත්කර ඇත. සිරිවර්ධන මහතා වසර විසි අටකට අධික කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කර ඇත. නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස…

(0)Comments | February 21, 2020 10:16 am

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනයට ඉන්දියාවෙන් රු. මිලියන 300ක්

පලාලි හි පිහිටි යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා මේ වන විට ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එම ගුවන්තොටුපොළේ සිට කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයවීම ද ආරම්භ කර ඇත. ඒ සඳහා සහයෝගය පළ කරමින් ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර ඇත. යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි පර්යන්ත වෙනස් කිරීම්, විදුලිබල…

(0)Comments | February 20, 2020 4:29 pm

ජාතික කඩදාසි සමාගම ඈවර කිරීමේ තීරණය කැබිනට් මණ්ඩලය අවලංගු කරයි

නිෂ්පාදන කටයුතු සිදු නොකර වසා දමා ඇති රාජ්‍ය ව්‍යාපාර නැවත ආරම්භ කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වශයෙන් හඳුනාගෙන ඇති අතර, දැනට නිෂ්පාදන කටයුතු සිදු කරනු නොලබන, ප්‍රතිව්‍යුහගතකරණය සඳහා විභවතාවයක් සහිත සියලුම රාජ්‍ය ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව, සීමාසහිත ජාතික කඩදාසි සමාගම යටතේ පවතින දැනට නිෂ්පාදන කටයුතු නවතා…

(0)Comments | February 20, 2020 4:24 pm

සිංගප්පූරුවේ සිට කොළඹට එන මිල අඩුම අලුත්ම ගුවන් සේවය මෙන්න

ජෙට්ස්ටාර් ඒෂියා ගුවන් සේවය 2020 ජුලි 1 වන දින සිංගප්පූරුවේ සිට කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් වාර අරම්භ කරනු ලබන බව නිවේදනය කර සිටී. මේ අනුව සිංගප්පූරුවේ සිට ගමන් අරඹන ජෙට්ස්ටාර් ඒෂියා හි 25 වන ගමනාන්තයට බවට කොළඹ පත්වන අතර මෙරටට පැමිණෙන Qantas සමූහයේ පළමු ගුවන් සේවය බවට ද එය පත් වනු ඇත. එසේම සිංගප්පූරුව සහ…

(0)Comments | February 20, 2020 4:09 pm

එයාර්බස් ගනුදෙනුවට නිමල් පෙරේරා ගේ නමත් ඈඳෙයි – අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක්

මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළ මහාපරිමාණ ආයෝජකයෙකු ද වන නිමල් පෙරේරා හට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (19) නියෝග කරන ලදී. තවද ඔහුට අයත් මෙරට බැංකු ගිණුම් 4 ක තොරතුරු ලබා ගැනීමට ද අධිකරණය විසින් නියෝග කර ඇත. ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල…

(0)Comments | February 20, 2020 1:46 pm

ඇළුමිනියම් පවුඩර් ආනයනය හා බෙදාහැරීමේ පූර්ණ බලය රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවට

2003 වසරේ දී පෞද්ගලික අංශය මඟින් ඇළුමිනියම් පවුඩර් දේශීයව නිෂ්පාදනය කිරීම ආරම්භ කිරීමට පෙර මෙරටට අවශ්‍ය ඇළුමිනියම් පවුඩර්, ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ආනයනය කරන ලදී. නමුත්, ඇළුමිනියම් පවුඩර් ආනයනයට පැවති නීතිමය පසුබිම ලිහිල් වීමත් සමඟ පෞද්ගලික අංශය විසින් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමකින් තොරව ඇළුමිනියම් පවුඩර් දිගින් දිගටම…

(0)Comments | February 20, 2020 12:16 pm