Top News

බදු සහන ඇතුළත් දේශීය ආදායම් පනත් සංශෝධනයට කැබිනට් අනුමැතිය

සරල, විනිවිද පෙනෙන හා කාර්යක්ෂම බදු ක්‍රමයක් යළි නිර්මාණය කරන බවට රජය විසින් ලබාදුන් පොරොන්දු ඉටුකරමින් දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. නව රජය බලයට පත්වීමෙන් පසුව පැවැති මුල්ම අමාත්‍ය මණ්ඩල රැස්වීමට ආර්ථික පුනර්ජීවනය ආරම්භ කිරීම…

(0)Comments | January 21, 2020 2:21 pm

තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනයේ දී සහ රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයේ දී එක්සත් ජාතීන්ගේ සහාය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තිරසර සංවර්ධන වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය ප්‍රසාදය පළ කරයි. පසුගිය දා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා හමු වූ හැනා සිංගර් මහත්මිය මේ බව ප්‍රකාශ කළාය. දිළිදුබව පිටුදැකීම, කාලගුණික විපර්යාස, රජයේ ආයතන ඩිජිටල්කරණය, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලුව කළමනාකරණය කිරීම ඇතුළු කරුණු ගණනාවක් සාකච්ඡාවට ලක් කෙරිණි. දිළිඳුකම පිටුදැකීම රජයේ ප්‍රධාන අරමුණකි….

(0)Comments | January 21, 2020 11:38 am

ණය සහන පැකේජයේ ප්‍රතිලාභ ලබන්න, ජනවාරි 31ට පෙර බැංකුවට කියන්න

පසුගිය වසර කිහිපයෙහි පවත්වාගෙන යනු ලැබූ සංකීර්ණ බදු ප්‍රතිපත්තිය හා බැංකු නීති රීති හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කඩා වැටීමකට ලක් වූ අතර රජයේ නව ප්‍රතිපත්ති රාමුව වන ‘සෞභාග්‍යයේ දැක්ම‘ අනුව  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රය නංවාලීමට විශේෂ යෝජනා මාලාවක් ක්‍රියාවට නංවා ඇත. ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ක්‍රියාවට නංවමින් හඳුන්වා දී ඇති මෙම ණය…

(0)Comments | January 20, 2020 6:09 pm

කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති

කඩා වැටී ඇති කොළඹ කොටස් වෙළෙඳපොළ  නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින්  රජය මැදිහත් වන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද (20) පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙදපොල තැරැව්කාර සමාගම් නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදී අග‍්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කලේය. පසුගිය වසර හතර හමාරක කාලය තුළ දී කොළඹ කොටස් වෙළඳපොළ බරපතළ ලෙස කඩා වැටීමට ලක්වී ඇති…

(0)Comments | January 20, 2020 4:50 pm

උපාධිධාරීන්ගේ වගකීම රජය භාර ගනිමින් රැකියා ලබා දීම මාර්තු 01දාට පෙර අරඹනවා – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

උපාධිධාරීන් රැකියා විරහිතව මහ පාරේ කාලය ගත කිරීම වෙනුවට ඔවුන්ට රැකියා ලබා ගත හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතු බවත් එතෙක් රැකියා අපේක්ෂිත උපාධිධාරීන්ගේ වගකීම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ රජය භාර ගන්නා බවත් සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය  ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විශ්ව විද්‍යාල සිසුන් මහ පාරේ…

(0)Comments | January 20, 2020 4:20 pm

රුපියලේ අලුත්ම තත්ත්වය මෙන්න

2019 වසරේ නොවැම්බර් අවසානය දක්වා වූ කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක දැක්වේ. එම වාර්තාවේ වැඩිදුරටත් පහත කරුණු සඳහන් වේ. 2019 වසරේ දෙසැම්බර් මාසය තුළ දී විනිමය අනුපාතය ස්ථාවරව පැවතීමත් සමඟ 2019 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල සියයට 0.6කින් අතිප්‍රමාණය විය. තවද, 2020 වසරේ ජනවාරි…

(0)Comments | January 20, 2020 3:39 pm

ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරන්න ප්‍රංශ-බෙල්ජියම් ජනමාධ්‍යවේදීන් කණ්ඩායමක් පැමිණෙයි

ප්‍රංශයේ සහ බෙල්ජියමේ කීර්තිමත් මාධ්‍ය ආයතන 20 ක් නියෝජනය කරමින් මාධ්‍යවේදීන් 20කට අධික පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පසුගිය 18 දා ශ්‍රී ලංකාවට පැමිණි අතර ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකම සංචාරය කිරීමට ඔවුන් කටයුතු කරන ලදී. Connaissance de Ceylan සහ Theme Resorts & Spas හි සභාපති චන්ද්‍රා වික්‍රමසිංහ මහතාගේ මුලපිරීමකට අනුව මෙම සංචාරය සංවිධානය කරන ලදී. ප්‍රංශයේ ප්‍රමුඛතම…

(0)Comments | January 20, 2020 2:05 pm

වෙළෙඳ හිඟයේ අඩුවීමක්

ආනයන සහ අපනයන අඩු වීම සමඟ 2019 නොවැම්බර් මාසයේදී වෙළඳ හිඟය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට  සාපේක්ෂව සුළු වශයෙන් අඩු විය. ආනයන වියදම සැලකිය යුතු ලෙස අඩු වීම හා අපනයන ආදායම සුළු වශයෙන්  වැඩි වීම හේතුවෙන් 2019 වසරේ පළමු මාස එකොළහ තුළදී වෙළඳ හිඟය 2018 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව අඩු විය. පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව…

(0)Comments | January 20, 2020 10:55 am

ගුවනින් යන්න. ගෝල්ෆේස් එන්න. ගාලු මුවදොර හෙලිකොප්ටර් අංගනය යළි ක්‍රියාත්මකයි

කොළඹ ගාලුමුවදොර හෙලිකොප්ටර් යානා අංගනයේ සිට මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ඊයේ (16) යළි ආරම්භ විය. මෙලෙස ගාලුමුවදොර පිටියේ සිට හෙලිකොප්ටර් යානා මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ වසර 25කට පසුව වීම විශේෂත්වයකි. මේ පිළිබඳ සමාරම්භක ඉසව්වක් කොළඹ ගාලුමුවදොර හෙලිකොපටර් අංගනයේ දී පැවැත්වුණු අතර ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ප්‍රමුඛ පෙළේ ගුවන් යනා මෙහෙයුම් සමාගම් කිහිපයක්ම එක්විය. මෙහිදී අදහස්…

(0)Comments | January 17, 2020 12:36 pm

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අඩු වේගයකින් ඉහළට

2019 දෙසැම්බර් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අඩු වේගයකින් වර්ධනයක් පෙන්නුම් කරමින් දර්ශක අගය 54.3ක් ලෙස වාර්තා වූ අතර, නව ඇණවුම්, නිෂ්පාදන සහ සේවා නියුක්තියේ සිදු වූ මන්දගාමී වර්ධනය මේ සඳහා ප්‍රධාන වශයෙන් ම හේතු විය. නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සියලු ම උප දර්ශක 2019 නොවැම්බර් මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වුව…

(0)Comments | January 17, 2020 11:09 am