Top News

කොටස් වෙළෙඳපොළේ අද විශාල වැටීමක්

පසුගිය ගනුදෙනු දින 4ක කාලපරිච්ඡේදය තුළ දී තෙවැනි වතාවටත් කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (09) දිනයේ දී වාර්තා විය. කෙසේවෙතත් අද දින කොටස් වෙළෙඳපොළ කඩා වැටීම පසුගිය දින කිහිපයට සාපේක්ෂව ඉහළ මට්ටමේ එකක් වූ අතර පසුගිය 2025 ජූනි 23 න් පසු තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය වැඩිම ඒකක ප්‍රමාණය…

(0)Comments | September 9, 2025 4:28 pm

නව ජාතික සංඛ්‍යාන පනතක් 

ශ්‍රී ලංකාවේ සංගණන පැවැත්වීම සඳහා බලපැවැත්වෙන ප්‍රධාන නීතිමය රාමුව 1900 අංක 9 දරන සංගණන ආඥාපනතයි. 1935 අංක 44 දරන සංඛ්‍යාලේඛන ආඥාපනත මඟින් ශ්‍රී ලංකාවේ නිල සංඛ්‍යාලේඛන රැස් කිරීම, සකස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ බෙදාහැරීම සඳහා පුළුල් ව්‍යවස්ථාපිත රාමුවක් ස්ථාපිත කර තිබේ. එසේ වුවද, වත්මන් නීතිමය රාමුව, නිල සංඛ්‍යාලේඛන නිපදවන්නන් සියලුදෙනාගේ සම්බන්ධීකරණය ඇති කිරීම, පරිපාලන හා…

(0)Comments | September 9, 2025 2:28 pm

ආයෝජකයින් 38 දෙනෙකුගේ රු. මිලියන 2,500ක ආයෝජන ව්‍යාපෘති සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් ඉඩම්

1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනතේ විධිවිධාන ප්‍රකාරව පිහිටුවා ඇති “ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුව” මඟින් සහ අමාත්‍යාංශ ලේකම් විසින් පත්කර ඇති “අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීම් කමිටුව” මඟින් කර්මාන්තපුරවල ආයෝජනය කිරීම සඳහා ආයෝජකයින් තෝරා ගැනීම සිදු කරනු ලබයි. ඒ අනුව, ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටු විසින් නිර්දේශ කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනා 42ක් අතරින් ආයෝජන ව්‍යාපෘති 38ක්…

(0)Comments | September 9, 2025 12:57 pm

2026 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

2026 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස 2025-07-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති 2026 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය…

(0)Comments | September 9, 2025 12:45 pm

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් මාලදිවයිනේ නිවාඩු නිකේතනයක් ඩොලර් මිලියන 57.5කට විකුණයි

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී විසින් සිය අනුබද්ධ සමාගමක් වන Browns Ari Resort (Private) Limited විසින් හිමිකාරීත්වය දරනු ලබන මාලදිවයිනේ පිහිටි Barceló Whale Lagoon නිවාඩු නිකේතනය විකිණීමට තීරණය කර තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමක් සිදුකරමින් එහි ලේකම් සමාගම වන LOLC CORPORATE SERVICES (PRIVATE) LIMITED පවසන්නේ ඩොලර් මිලියන 57.5කට මෙම නිවාඩු නිකේතනය ASB Hotel Properties Maldives…

(0)Comments | September 9, 2025 10:55 am

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා සහ අපනයන සංවර්ධන නිලධාරීන් අතර විශේෂ හමුවක්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතේ දිවයිනේ දකුණ ,බස්නාහිර සහ සබරගමුව පලාත් ආවරණය කරමින් සේවය කරන අපනයන සංවර්ධන නිලධාරීන් සහ  කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර විශේෂ හමුවක් පසුගිය (03)  දා අපනයන සංවර්ධන මණ්ඩලය පරිශ්‍රයේදී පැවැත්විණ. මෙම සාකච්ඡාවේ අරමුණු වූයේ ශ්‍රී ලංකාවේ අපනයන දිශානතිය පිළිබඳ අපනයන සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීම, අපනයන ඉලක්කයන්…

(0)Comments | September 9, 2025 10:24 am

සංචාරකයෝ ලක්ෂ 16ක් වසරේ මේ දක්වා දිවයිනට

මෙම වසරේ සැප්තැම්බර් 07 දින දක්වා කාලය වන විට මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දහසය ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එහි නවතම දත්ත වාර්තාවලට අනුව සැප්තැම්බර් මාසයේ මුල් දින 07 තුළ දී 37,495ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණීමත් සමඟම මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,604,018ක් දක්වා…

(0)Comments | September 8, 2025 4:25 pm

රන් මිලේ වාර්තාගත වැඩිවීමක්

අද (08) වන විට මෙරට කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 293,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ අතර කොළඹ හෙට්ටි වීදීයේ රන් වෙළෙඳපොළේ කැරට් 22 ක රන් පවුමක මිල රු. 271,000 ක් ලෙසින් ද නියම වී ඇත. ලෝක රන් මිල සීඝ්‍රයෙන් ඉහල යාමත් සමග මෙරට රන් මිල අද තෙවන වරටත් ඉහල…

(0)Comments | September 8, 2025 4:02 pm

ලාෆ්ස් කොටස් මිල ගණන්වල දැවැන්ත වැඩිවීමක්

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කර තිබෙන ලාෆ්ස් සමූහයට අයත් සමාගම් ද්විත්වයක් වන ලාෆ්ස් ගෑස් පීඑල්සී සහ ලාෆ්ස් පවර් පීඑල්සී යන සමාගම්වල කොටස් මිල ගණන් අද (08) දින දැවැන්ත ඉහළ යාමක් වාර්තා කළේය. එහිදී ලාෆ්ස් ගෑස් පීඑල්ස් (ඡන්ද බලය හිමි) කොටසක මිල රු. 40.20 සිට රු. 66.50 ක් දක්වා රු. 26.30කින් හෙවත් 65.42%කින් සහ ලාෆ්ස් ගෑස්…

(0)Comments | September 8, 2025 3:09 pm

AI හා නවතම කෘෂි විසඳුම් සමඟ Govi Mithuru පුළුල් කිරීමට ඩයලොග් සහ MDF, සිය සහයෝගීතාවය අලුත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, සිය Govi Mithuru සේවාව තවදුරටත් පුළුල් කිරීම සඳහා, ඕස්ට්‍රේලියානු රජයේ අරමුදල් සැපයෙන Market Development Facility (MDF) සමඟ පවත්වාගෙන යන සහයෝගීතාවය නැවතත් අලුත් කර තිබේ. එම සහයෝගිතාවය තුළින්, මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අභියෝග සඳ‌හා සාර්ථකව පිළියම් යෙදීම පමණක් නොව, කෘෂි කර්මාන්ත‌යේ නිරත සියලු දෙනා ඇතුළත් වන පරිදි…

(0)Comments | September 8, 2025 12:08 pm