මේ වන විට ආනයන සීමා යටතේ මෙරටට ගෙන්වීම තහනම් කර ඇති ටයිල් ඇතුළු ඉදිකිරීමේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා වාහන ඇතුළු භාණ්ඩ වර්ග රැසක් කොන්දේසි සහිතව ආනයනය කිරීමට අදාළව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ආයෝජන මණ්ඩල ව්‍යාපෘති නොවන අනුමත සහාධිපත්‍ය (Condominium) ව්‍යාපෘති, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති,…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (24) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 91 බිල්පත් පොලිය නැවත වරක් 30% සීමාව ඉක්වා ගොස් තිබිණි. මේ අනුව පසුගිය වෙන්දේසියේ දී 29.44% ක් ලෙසින් සටහන්ව තිබූ දින 91 බිල්පත් පොලිය මෙවර 30.51% ක් දක්වා වැඩි වී ඇති අතර දින 182 බිල්පත් පොලිය 28.96%…
2022 අප්‍රේල් මාසය වන විට මෙරට සමස්ත ණය තොගය රු. බිලියන 23,310 ඉක්මවා ගොස් තිබෙන අතර එය 2021 වසර අවසානයේ දී දැක්වුණේ රු. බිලියන 17,589.4 ක් ලෙසයි. ඒ අනුව 2022 වසරේ මුල් මාස 04 තුළ දී පමණක් මෙරට සමස්ත ණය ප්‍රමාණය 32.5% කින් ඉහළ ගොස් ඇත. ඊට පෙර වසර එනම් 2021 සමස්ත වර්ෂයටම මුළු ණයෙහි…
ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි රාජ්‍ය ව්‍යවසායන් හි සේවකයින් සඳහා විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාගැනීමට අදාළ චක්‍රලේඛය භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ. රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම් සඳහා මෙම චක්‍රලේඛයේ ප්‍රතිපාදන අදාළ වේ. මෙම චක්‍රලේඛයට අනුව රැකියා සඳහා විදෙස්ගත වන රාජ්‍ය සේවකයින් මාස්පතා මෙරටට යම් විදේශ විනිමය ප්‍රමාණයක්…
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය යුරෝපීය ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සියේ (EASA) අනුමත පකිස්තාන ගුවන් සේවයට අයත් SereneAir පුළුල් බඳ සහිත Airbus A330-202 ගුවන් යානයක C-Check පරීක්ෂාව පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය විසින් මේ වසරේ දී පාරිභෝගික ගුවන් සේවා කිහිපයක් සඳහා නඩත්තු සේවා , අලුත්වැඩියා සහ පිරිපහදු සේවා සිදුකර ඇති අතර එමගින් සැලකිය…
කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හර්ෂ කුමාර නවරත්න මහතා 2022 අගෝස්තු 11 වැනි දින ටොරොන්ටෝහි දී, කැනේඩියානු සංක්‍රමණික සඟරාවේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය සඳහා සහභාගී විය. එහිදී ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනේඩියානුවන් දෙදෙනෙකු වන මහාචාර්ය ජනක රුවන්පුර සහ ආචාර්ය සිවකුමාර් ගුලසිංහම් යන මහත්වරු 2022 වසරේ හොඳම කැනේඩියානු සංක්‍රමණිකයන් 25 දෙනා අතරට ඇතුළත් වූහ. මෙම වාර්ෂික සම්මාන…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (23) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16.06 කින් පහළ ගොස් ඒකක 9,071.53 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 17.92 කින් පහළ ගොස් ඒකක 2,989.78 ක් ලෙසත් දිනය අවසානයේ දී වාර්තා වී තිබුණි. රු. බිලියන 4.93 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින…
රාජ්‍ය ආයතන ඩිජිටල් පද්ධති මත කටයුතු කිරීමේ වැඩි ප්‍රවණතාවක් පවතින නමුත් තොරතුරු හා සයිබර් ආරක්ෂාව පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම, යල් පැන ගිය තාක්ෂණ භාවිතය සහ රාජ්‍ය අංශයේ සයිබර් ආරක්ෂාව කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය නිපුණ කාර්යමණ්ඩල හිඟය හේතුවෙන් එම ආයතනවල තොරතුරු හා තොරතුරු තාක්ෂණ පද්ධති දැඩි අවදානමකට ලක්ව ඇත. එම තත්ත්වය පාලනය කිරීම පිණිස ශ්‍රී…
විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) අවසර ලබා දීමත් සමඟ කර්මාන්ත අංශය සඳහා අදාල වන කාර්යබහුල නොවන (off-peak) සහ දිවා කාලයේ (Daytime) විදුලි ගාස්තු ඉතා සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇත. මහජන උපයෝගිතා කොමිසමේ මූලික යෝජනාවට අනුව, කාර්මික අංශය සඳහා කාර්යබහුල නොවන වේලාවන්වලදී වන විදුලි ගාස්තුව රුපියල් 6.85 සිට රුපියල්…
කුච්චවේලී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා කෙටි තරංග සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබන ඉඩම සූර්යබල විදුලිජනක ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීම පිණිස 2022-01-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, සුදුසු ආයෝජකයෙකු තෝරාගැනීම සඳහා ව්‍යාපෘති යෝජනා කැඳවා ඇති අතර, යෝජනා 7ක් ලැබී තිබේ. එකී යෝජනා ඇගයීම සඳහා පත්…
Video Story