Top News

ආනයන සීමා තාවකාලිකයි – මහ බැංකු අධිපති

මේ මොහොතේ රටක් වශයෙන් අපට ඇති සීමිත සම්පත් ප්‍රමාණය වඩාත් කාර්යක්ෂම සහ වඩාත් ප්‍රයෝජනවත් අයුරින් භාවිතා කිරීම ඉතාමත් වැදගත් වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියි. අද (26) පෙරවරුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් අධිපතිවරයා මේ බව පැවසීය. මේ අවස්ථාවේ ඇතැම් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග කිහිපයක් ආනයනය තහනම්…

(0)Comments | August 26, 2022 5:10 pm

සිව්වැනි දිනයටත් කොටස් වෙළෙඳපොළ පහළ යද්දී විදෙස් මිල දී ගැනීම් ඉහළ යයි

අඛණ්ඩව සිව්වැනි දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (26) දිනයේ දී පහළ යන ලදී. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,793.39 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 2,863.75 ක් ලෙසත් සටහන්ව තිබුණි. මෙය පෙර දිනයට සාපේක්ෂව පිළිවෙලින් ඒකක 34.69 ක හා ඒකක 2.49 ක පහළ යාමක් වේ. රු….

(0)Comments | August 26, 2022 3:51 pm

තේ වෙන්දේසියේ දී නව වාර්තා දෙකක්

2022 අගෝස්තු මස 23 වෙනි දින කොළඹ තේ වෙන්දේසියේදි, ඒෂියා සියක කොමොඩිටීස් පී එල් සී සමාගම (Asia Siyaka Commodities PLC.) නව වාර්තා දෙකක් තබා තිබේ. මෙයට ප‍්‍රථම කොළඹ තේ වෙන්දේසියේ දී රු. 2,350.00 ලෙස වාර්තාගත උපරිම මිලක පැවති ඌව මැද රට “බී ඕ පී එෆ් ” (BOPF ) තේ වර්ගය සඳහා නව අලෙවි වාර්තාවක් පිහිටවනු…

(0)Comments | August 26, 2022 3:15 pm

ශ්‍රී ලංකාවට එන ඉන්දියානුවන්ට ඉන්දියාවෙන් දැනුම් දීමක්

උග්‍ර ආර්ථික අර්බුදයකට සහ දැඩි මුදල් අවප්‍රමාණයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ වෙසෙන තම ජාතිකයන්හට අවධානයෙන් සිටින ලෙස ඉන්දියාව දන්වා සිටී. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක Arindam Bagchi මාධ්‍ය හමුවකට එක්වෙමින් ඊයේ (25) කියා සිටියේ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන බවයි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගෙන් විශාලතම මූලාශ්‍රය වන්නේ ඉන්දියාව බව සඳහන් කළ ඔහු…

(0)Comments | August 26, 2022 1:41 pm

රජය, ඉදිකරන්නන්ට බිලියන 150 ක පොලු තියලා

පසුගිය දා භාණ්ඩ කිහිපයක් ආනයනය කිරීම තහනම් කරමින් රජය නිකුත් කළ ගැසට් නිවේදනය මඟින් ඉදිකිරීම් ක්‍ෂේත්‍රය අවදානම් තත්ත්වයකට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි. ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ හිටපු සභාපති, එම්. ඩී පෝල් මහතා පවසන්නේ පසුගිය මාස 8ක් 10ක් වැනි කාල සීමාව තුළ රුපියල් බිලියන 150ක පමණ මුදලක් රජය විසින් ඉදිකිරීම් ක්ෂේත්‍රයට…

(0)Comments | August 26, 2022 1:16 pm

‘Yuan Feng’ අත්දැකීමක් ලබන්නට ශ්‍රී ලංකාවට එන්නැයි තානාපති කොහොනගෙන් ආරාධනා

ගෝලීය සංචාරක ව්‍යාපාරය යළි පණ ගැන්විය යුතු බව තානාපති ආචාර්ය පාලිත කොහොන ප්‍රකාශ කරයි Asian Mountain Tourism Alliance සිය හයවැනි සමුළුව 2022 අගෝස්තු 17-18 යන දිනවල චීනයේ ග්විෂූයි පළාතේ ග්වියැංග් හිදී පැවැත්වීය. මෙම සමුළුවේ දී නිෂ්පාදන රැසක් විදහා දැක්වූ අතර, විශේෂයෙන්ම මෙම පළාතේ හස්ත කර්මාන්ත රැසක් ඊට ඇතුළත් විය. මධ්‍යම, පළාත් සහ නාගරික ආණ්‌ඩුවල ඉහළ පෙළේ…

(0)Comments | August 26, 2022 11:50 am

“ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා ඉදිරි මඟ” – මහ බැංකු අධිපතිගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දේශනයක්

“ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා ඉදිරි මඟ” මැයෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මෙහෙයවනු ලබන සංවාදමය කථිකාව සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සියලු මන්ත්‍රීවරයන් වෙත දැනුම් දී තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කරන ලද, මෙම  සංවාදමය කථිකාව 2022 අගෝස්තු 30 වැනි…

(0)Comments | August 25, 2022 4:55 pm

කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබැස්මක්. පිරිවැටුමත් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (25) දිනයේ දී ඒකක 183.16 ක දැවැන්ත පහළ යාමක් වාර්තා කරන ලදී. මෙය පෙර දිනය හා සැසඳීමේ දී 2.03% ක කඩා වැටීමක් වන අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,828.08 ක් ලෙසින් සටහන් විය. මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 78.27…

(0)Comments | August 25, 2022 3:06 pm

ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනය සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා එක්ව “Business Against Corruption” දියත් කරයි

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනික සහ ආර්ථික අර්බුදයට හේතු වූ මූල සාධකය ලෙස විශ්ලේෂකයන් විසින් දූෂණය හඳුනාගෙන ඇත. ව්‍යාපාරික, මහජන සහ රාජ්‍ය යනාදී මට්ටම්වල එය පැතිර පවතින අතර, රටේ ආර්ථිකය ගොඩ ගැනීම සහ දිගුකාලීන තිරසරබව තහවුරු කිරීමේ දැක්මෙන් යුතුව, පවතින අර්බුදයට විසඳුමක් සෙවීමේ ජාතික ප්‍රයත්නයේ දී ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුය. දූෂණය විසින් ආයෝජකයන් අධෛර්යමත්…

(0)Comments | August 25, 2022 2:41 pm

ඇමරිකාවේ Magic Las Vegas විලාසිතා වෙළඳ සල්පිලට ශ්‍රී ලාංකික ඇඟලුම් අපනයනකරුවන් රැසක් එක්වෙයි

ශ්‍රී ලංකාවේ අපනයන සමාගම් නවයක් 2022 අගෝස්තු 7 සිට 10 යන දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් සම්මේලන මධ්‍යස්ථානයේ පැවති ‘මැජික් ලාස් වේගාස්’ (Magic Las Vegas, USA) නමැති ඇඟලුම් මූලාශ්‍රකරණ වෙළඳ සල්පිල සඳහා සහභාගී විය. එක්සත් ජනපදයට සහ උතුරු සහ දකුණු ඇමරිකානු වෙළඳපොළවෙත ප්‍රවේශ වීම සඳහා මෙම අවස්ථාව මඟින් නිර්මාණය වූ බොහෝ ව්‍යාපාරික අවස්ථා, මෙම…

(0)Comments | August 25, 2022 12:51 pm