Top News

සංචාරක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

මේ දිනවල සමාජය තුළ කතිකාවතක් නිර්මාණය වී තිබෙන LGBTQ තේමාව සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ. LGBTQ තේමා සහිත සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) සන්නිවේදනය වටා ඇති මෑත කාලීන මහජන කතිකාව පිළිබඳව අවධානය යොමු කිරීමට සංචාරක අමාත්‍යාංශය අපේක්ෂා කරයි. අපගේ සමාජයේ විවිධත්වය අපි හඳුනා…

(0)Comments | September 30, 2025 3:16 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය මාර්ගගත ගෙවීම් පහසු කිරීම සඳහා UnionPay හඳුන්වා දෙයි

ශ්‍රීලංකන් ගුවන් සේවය UnionPay International සහ ලංකා බැංකුව සමග එක් වී UnionPay ගෙවීම් ක්‍රමය සිය නිල වෙබ් අඩවියට ඇතුළත් කිරීමට පසුගියදා කටයුතු කළේය. මෙමගින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ මාර්ගගත (Online) ගෙවීම් පහසුකම් තවදුරටත් පුළුල් වන අතරම, මේ වන විට වැඩි වැඩියෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිතා කරමින් සිටින චීන සංචාරකයන්ටද එමගින් වැඩි පහසුවක් අත්වනු ඇත.   මීට…

(0)Comments | September 30, 2025 3:02 pm

ජනපති ජපාන – ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අමතයි

 ශ්‍රී ලංකාවේ නැඟී එන ආර්ථික අවස්ථා සොයා බැලීමට එක්වන ලෙස ජනපතිගෙන් ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් ජපාන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සහ පෞද්ගලික අංශය ඊට දිරි ගන්වමින්, ශ්‍රී ලංකාවේ නැගී එන ආර්ථික අවස්ථා සොයා බැලීමට එක් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කළේය. ජනාධිපතිවරයා…

(0)Comments | September 30, 2025 2:38 pm

ශ්‍රී ලංකා මහ බැංකුව “ශ්‍රී ලංකා සමාජ-ආර්ථික දත්ත – 2025” ප්‍රකාශනය නිකුත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ, “ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත – 2025” වාර්ෂික ප්‍රකාශනය මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. මෙය, එම ප්‍රකාශන මාලාවේ 48 වන වෙළුමයි. පහසුවෙන් පරිශීලනය කළ හැකි මෙම ප්‍රකාශනයෙහි ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වයන්, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්,…

(0)Comments | September 30, 2025 11:16 am

ශ්‍රී ලංකාවේ නිර්මාණශීලී රෙදිපිළි නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළට යොමුකිරීමට වැඩපිළිවෙලක්

අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සමග එක්ව, ශ්‍රී ලංකාවේ නිර්මාණශීලී රෙදිපිළි අංශය ජාත්‍යන්තර වෙළඳපොළවලට සම්බන්ධ කිරීම අරමුණු කරගත් වැඩමුළුවක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී සාර්ථකව සංවිධානය කෙරිණි. මෙම වැඩමුළුව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රජයේ සංස්ථා සහ ආයතන සඳහා දේශීය සහ ජාත්‍යන්තර වෙළඳපොළවල් සම්බන්ධයෙන් දැනුවත්භාවය ඇති කිරීම සහ වෙළදපල…

(0)Comments | September 30, 2025 11:05 am

IMF දූත මණ්ඩල ප්‍රධානී අගමැතිනිය හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් මණ්ඩල ප්‍රධානී,  Evan Papageorgiou මහතා ඊයේ (29) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. එහිදී රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය ඔහුගේ ඇගයීමට ලක් වූ අතර, විශේෂයෙන්ම පාලනය ශක්තිමත් කිරීමට සහ දූෂණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ඔහු ප්‍රශංසා පළ කළේය. බදු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණවල…

(0)Comments | September 30, 2025 9:17 am

ශ්‍රී ලංකාව සහ ජපානය අතර  ආයෝජන, ආර්ථික සහයෝගිතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ සාකච්ඡා

ජපාන රජයේ ආරාධනයකට අනුව එහි නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන මුදල් අමාත්‍ය කතෝ කසුනොබු (KATO Katsunobu) මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් ඊයේ (29) පස්වරුවේ ටෝකියෝ අගනුවර පිහිටි ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි. මෙහිදී දෙරට අතර වෙළෙඳ, ආයෝජන සහ ආර්ථික සහයෝගිතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ මෙන්ම, ජපන් ආධාර /JICA සහයෝගීතාව යටතේ දැනට ක්‍රියාත්මක සහ…

(0)Comments | September 30, 2025 8:59 am

ජනපති ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡාවක

ජපාන රජයේ ආරාධනයකට අනුව එහි නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (29) පෙරවරුවේ ජපාන විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේදී ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සමඟ වට මේස සාකච්ඡාවකට එක් විය. ජපාන විදේශ වෙළඳ සංවිධානයේ (JETRO) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඉෂිගුරො නොරිහිකො (ISHIGURO Norihiko) මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා ජපන් ශ්‍රී…

(0)Comments | September 30, 2025 8:45 am

ශ්‍රී ලංකාවේ සිසුන්ට Google Gemini නොමිලේ

Google සමාගම තම AI වේදිකාව වන Gemini හි ඇති වි‍ශේෂාංගයන් සහ ඒ ආශ්‍රිත අනෙකුත් ප්‍රතිලාභ ඔක්තෝබර් මස මැද භාගයේ සිට මෙරට සිසුන්ට නොමිලේ ලබා දීමට එකඟ වී ඇත. මෙම පියවර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ Google සමාගම අතර මාස ගණනාවක් ගත් උත්සාහයේ අවසානය බවත්, නවීන ඩිජිටල් මෙවලම් සහ අධ්‍යාපන සම්පත් ලබාදීමේ අරමුණින් මෙය ආරම්භ කෙරෙන බවත්…

(0)Comments | September 29, 2025 3:53 pm

SLT-MOBITEL ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය කරා යන ගමන බලගන්වයි

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සැපයුම්කරුවන SLT-MOBITEL, ශක්තිමත් මූල්‍ය ප්‍රතිසාධනයකින් පසුව, ජාතික උපාය මාර්ග සක්‍රීය කරමින් ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් ගමන් මඟ මෙහෙයවන ගාමක බලවේගය බවට පත්ව ඇත. එමෙන්ම SLT-MOBITEL සමාගම මෙරට ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම සහ සමස්ත ආර්ථික වර්ධනය ඉලක්ක කර ගත් රජයේ ප්‍රතිපත්ති සඳහා සිය සක්‍රීය දායකත්වය ලබා දෙන ප්‍රමුඛතම සමාගමක්…

(0)Comments | September 29, 2025 12:39 pm