ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (18) දිනයේ ඩොලරයක විකුණුම් මිල රු. 334.99 ක් ලෙස සහ ගැනුම් මිල රු. 322.72 ක් ලෙස සටහන් කර ඇත. මේ අතර වාණිජ බැංකු කිහිපයකම අද දිනයේ දී ඩොලරයක විකුණුම් මිල රු. 340 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
ගෝලීය ණය ශ්රේණිගත කිරීමේ ආයතන විසින් ශ්රී ලංකාව C කාණ්ඩයේ රටක් ලෙස වර්ගීකරණය කිරීම ඉහළ අවදානමක් ඇති ණය ශ්රේණියක් බවත්, එවැනි රටකට ණය දීම කොතරම් සුදුසු ද යන්න එමඟින් පිළිබිඹු වන බවත් කොළඹ විශ්ව විද්යාලයේ ආර්ථික විද්යා අධ්යයනාංශයේ ජ්යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසයි. අද දෙරණ Big Focus හා එක්වෙමින් මහාචාර්ය අබේරත්න මහතා මේ බව…
විදේශ කටයුතු අමාත්යාංශයේ පැවති සාකච්ඡාවක් අතරතුර දී විදේශ කටයුතු අමාත්ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා, මුදල් අමාත්ය ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා යනාදීහු ශ්රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ආධාර දෙන රටවල නියෝජිතයින් දැනුම්වත් කළහ. 2022 අප්රේල් 12 වැනි දින මෙම සාකච්ඡාව පැවැත්විණි. මෙහිදී,…
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 340ක් ලෙස මෙරට බලපත්රලාභී වානිජ බැංකු කිහිපයක් අද (18) ප්රකාශයට පත් කර ඇත. අද පෙරවරුවේ දී වානිජ බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ. ලංකා බැංකුව – රු. 340.00 මහජන බැංකුව – රු. 329.99 සම්පත් බැංකුව – රු. 340.00 සෙලාන් බැංකුව – රු. 340.00 කොමර්ෂල්…
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය සමාජ මාධ්ය ගිණුම් අක්රීය කිරීමට පියවර ගෙන ඇත. ඔහුගේ නිල ට්විටර් ගිණුම මේ වන විට නොපවතින බව එය පිරික්සීමේ දී නිරීක්ෂණය වේ. එසේම සිය පුද්ගලික ෆේස්බුක් ගිණුමෙහි ද විවෘත තොරතුරු අනාවරණය සීමා කිරීමට කටයුතු කර ඇති බව දැක ගත හැකිය. කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධූරයෙන්…
නව ගෙවීම් උපකරණ, ක්රම සහ ක්රියාවලි හඳුන්වාදීම හේතුවෙන් ශ්රී ලංකාවේ ගෙවීම් කර්මාන්තය මේ වන විට සීඝ්ර වෙනසකට භාජනය වෙමින් පවතී. සාම්ප්රදායික ගෙවීම් ක්රම ඇතුළුව, මෙම නව ගෙවීම් ක්රියාවලි විසින් පාරිභෝගික අත්දැකීම නව්යකරණය කර ඇති අතර ව්යාපාරවලට සහ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මූල්ය ගනුදෙනු ආරක්ෂිතව සහ කාර්යක්ෂමව සිදු කිරීමටද හැකියාව ලබා දී ඇත. මෙම පසුබිම තුළ, සාමාන්ය ජනතාව…
එළඹෙන සඳුදා (2022 අප්රේල් 18) දින සිට බලපැවැත්වෙන පරිදි වෙළෙඳ දින 5 ක කාලපරිච්ඡේදයක් සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමීමට තීරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) අධ්යක්ෂ මණ්ඩලය 2022 අප්රේල් 15 වැනි දින රටේ වත්මන් තත්ත්වය සඳහන්…
ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් විදෙස්ගත ශ්රී ලාංකිකයන් වෙත නිකුත් කරන ලද පණිවුඩය පහතින් දැක්වේ. කොවිඩ්-19 වසංගතයේ දිගු කාලීන බලපෑම, ගෝලීය දේශපාලනික අසමතුලිතතා සහ රටේ සාර්ව ආර්ථික අසමතුලිතතා හේතුවෙන්, මේ වන විට ශ්රී ලංකාව සමාජ, ආර්ථික සහ මූල්ය ව්යසනයකට මුහුණ දෙමින් සිටින අතර එමගින් රටේ ජනතාව අසීරු තත්ත්වයකට පත්…
ශ්රී ලංකාව බාහිර ණයසේවාකරණය තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කළ ප්රකාශයක් පහතින් දැක්වේ. අපි කිව්ව දේ ඇහුව නම් මෙහෙම විනාශයක් වෙන්නෙ නෑ. ලංකාවට විදේශ ණය සේවාකරණය කරන්න හැකියාවක් නොමැති බවත් එය අත්හිටුවන බවත් මුදල් අමාත්යාංශය ඊයේ (12) නිල වශයෙන් කිව්වා. අපිට දැන් කරන්නම දෙයක් නැති නිසා තමයි මේ තීරණය…
මේ වන විට විදෙස්ගත ශ්රී ලාංකිකයින් වෙතින් මෙරටට විදේශ විනිමය පරිත්යාග කිරීම වෙනුවෙන් විශාල ඉල්ලීම් ප්රමාණයක් ලැබී ඇති බවත් ඒ වෙනුවෙන් භාරකාර මණ්ඩලයක් යටතේ ශ්රී ලංකා මහ බැංකුවේ විශේෂ ගිණුමක් ආරම්භ කිරීමට කටයුතු කරනු ලබන බවත් ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (12) පෙරවරුවේ පැවති මාධ්ය හමුවක දී අධිපතිවරයා…
Video Story