Top News

මහ බැංකුවෙන් බැංකුවලට නියෝගයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී බැංකු වෙත නියෝගයක් නිකුත් කර තිබේ. සියලුම ණය උපකරණ හා බැංකු තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලී අනුපාතික සම්බන්ධයෙන් එම නියෝගය නිකුත් කර ඇත. ඒ අනුව ණය කාඩ්පත්, පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා සහ උකස් පසුකම් මත පනවා තිබූ උපරිම පොලී අනුපාතික සඳහා ඉහළ සීමාවක් පනවමින් 2020 අගෝස්තු…

(0)Comments | April 22, 2022 5:22 pm

ලංකාවේ ලොකුම සමාගමකින් දේශපාලන නායකයින්ට ඉල්ලීමක්

වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් අතුරින් දෙවැනියට විශාලතම සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. මේ තීරණාත්මක අවස්ථාවේදී ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා, ජනතාවගේ කැමැත්තට ගරු කරමින්, හැකි ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නා මෙන් රටේ දේශපාලන නායකයන් සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරන බව එහි සඳහන්ය. මෙම සම්පූර්ණ…

(0)Comments | April 22, 2022 12:30 pm

ශ්‍රී ලංකාව වෙත සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට චීන තානාපතිවරයා ප්‍රතිඥා දෙයි

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා 2022 අප්‍රේල් 21 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී චීන තානාපති චී චෙන්හොන්ග් මහතා  හමුවිය. තානාපතිවරයා පිළිගත් අමාත්‍ය පීරිස් මහතා, දෙරට අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමට පෙර සිටම ශ්‍රී ලංකාව වෙත චීනය ලබා දුන් අඛණ්ඩ සහයෝගය අගය කළේ ය. චීන රජයේ අරමුදල්වලින් ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද චීන ස්මාරක…

(0)Comments | April 22, 2022 10:27 am

ඉන්ධන මිල වැඩි කිරීම නීත්‍යානුකූල නැහැ – හර්ෂ

මුදල් අමාත්‍යවරයා සහ මුදල් ලේකම්වරයා රටේ නොසිටින අවස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීම නීත්‍යානුකූල නොවන දෙයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඉන්ධන මිල සංශෝධනය සඳහා මේ අවස්ථාවෙ දී විදේශගතව සිටින මුදල් අමාත්‍යවරයාගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය දුරකතන මාර්ගයෙන් ලබා ගෙන ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසූ අවස්ථාවේ…

(0)Comments | April 21, 2022 5:35 pm

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව 2016 න් පසු මූල්‍ය වාර්තා සකස් කර නැහැ

සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව තුළ 2016 වර්ෂයෙන් පසුව කිසිදු මුල්‍ය ප්‍රකාශන වාර්තාවක් සකස්කොට නොමැති බව කෝප් කමිටුවේ දී අනාවරණය විය. මේ පිළිබඳව තොරතුරු අනාවරණය වූයේ සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ 2015 සහ 2016 මූල්‍ය වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තාව සහ එහි වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී…

(0)Comments | April 21, 2022 4:06 pm

ශ්‍රී ලංකන් ගුවන් සමාගම යළිත් ‘කෝප්’ කමිටුව හමුවට

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වත්මන් කාර්ය සාධනය පිළිබඳ කරුණු විමසීම සඳහා එම සමාගම කෝප් කමිටුව වෙත කැඳවා ඇති බව කෝප් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු චරිත හේරත් මහතා පැවසීය. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම එළඹෙන 25 වැනිදා පෙරවරු 10.00 ට කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ගුවන්යානා 21ක් බද්දට ගැනීම…

(0)Comments | April 21, 2022 3:58 pm

ලංකාවට මංගල ගමන ආ සුඛෝපභෝගී මගී නැව අයත් සමාගම බංකොලොත්

Dream Cruise Lines සුඛෝපභෝගී මගී නෞකාවන් අයත් Genting Hong Kong සමාගම සිය බංකොලොත්භාවය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. මේ වන විට අධිකරණ නියෝග අනුව එම සමාගමේ වත්කම් ඈවර කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතී. මේ අතර හොංකොං කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර තිබුණු Genting Hong Kong සමාගමේ කොටස් ගනුදෙනු 2022 ජනවාරි 18 දින සිට අත්හිටුවා තිබේ. තවද අදාළ…

(0)Comments | April 21, 2022 2:30 pm

ඉන්ධන තොග නොලැබීමෙන් පිරවුම්හල් රැසක් වැසේ

ඉන්ධන තොග නොලැබීම හේතුවෙන් මෙ වන විට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් ගණනාවක් වසා දමා තිබේ. ප්‍රදේශ ගණනාවකටම මේ වන විට දින 3-4ක පමණ කාලයක පටන් ඉන්ධන බෙදාහැරීමක් සිදුව නොමැති බව වැඩිදුරටත් වාර්තා වේ. මේ අතර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා යුද හමුදා සහ ගුවන් හමුදා ආරක්ෂාව ලබාදීමට ඊයේ පස්වරුවේ තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය…

(0)Comments | April 21, 2022 12:15 pm

විස්ස අහෝසි කරන්න – වානිජ මණ්ඩල සියල්ල එක හඬින් ජනපතිට කියයි

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාපිත ක්‍රියාමාර්ග වහාම ආරම්භ කරන ලෙස ඒකාබද්ධ වාණිජ මණ්ඩල ජනාධිපතිගෙන් ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත යවන ලද සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.   2022 අප්‍රේල් 19 අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය,  ජනාධිපති ලේකම් කාර්යාලය,  කොළඹ 01    අතිගරු ජනාධිපතිතුමනි,  වත්මන් ආර්ථික හා දේශපාලන…

(0)Comments | April 21, 2022 10:52 am

AIA ඉන්ෂුවරන්ස් සහ කොමර්ෂල් බැංකුව ගිවිසුම්ගත වෙමින් ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලය හා එක්ව ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ මූල්‍ය සුරක්ෂිතතාවය තහවුරු කිරීමට සහය වෙයි

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ කාන්තාවන් වෙනුවෙන්ම වෙන්වූ ‘ඇය සුරකින AIA’ වැඩසටහනෙහි ඉතා වැදගත් පියවරක් සනිටුහන් කරමින් කොමෙර්ෂල් බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයෙහි සහයෝගීතාවයෙන් (IFC-International Finance Corporation) එහි “IFC-DFAT Women in Work” වැඩසටහන යටතේ දිවයින පුරා විසිර සිටින කාන්තාවන් සවිබල ගැන්වීමටත් ඒ ඔස්සේ ජීවිත රක්ෂණයේ රැකවරණය සමගින් ඔවුනගේ මූල්‍ය ස්ථාවරත්වය සවිමත් කිරීමටත් අපේක්ෂා කරයි. කොමර්ෂල් බැංකුව…

(0)Comments | April 21, 2022 9:55 am