Top News

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල විදේශ ආයෝජන සීමාව සියයට 5 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර වල විදේශ ආයෝජන සීමාව, පවත්නා මුළු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයෙන් සියයට 10 සිට සියයට 5 දක්වා අඩු කිරීමට තීරණය කර ඇත. 2019 ජනවාරි 18 වනදා සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකුව විසින් මෙම තීරණය ගෙන තිබේ.

(0)Comments | January 28, 2019 5:45 pm

රටේ ලොකු ප්‍රශ්න සමඟින් ගැටෙන්නට – හර්ෂ දත්ත විශ්ලේෂකයින්ට එන්න කියයි

දත්ත විශ්ලේෂණය පිළිබඳව මනා දැනුමක් ඇති විශ්ලේෂකයින් තිදෙනෙකු පමණ අවශ්‍යව ඇති බව ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයුම් පිළිබඳ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. සිය ෆේස්බුක් හා ට්විටර් පිටුවල මේ බව සඳහන් කරමින් අමාත්‍යවරයා කියා සිටින්නේ ඒ වෙනුවෙන් දැන්වීමක් අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර ඇති බවත් සුදුසුකම් ඇති අය හැකි ඉක්මනින් ඒ සඳහා ඉල්ලුම්…

(0)Comments | January 28, 2019 4:26 pm

ඔස්ට්‍රියාවෙන් මොරටු සරසවියට නවීන අංග සම්පූර්ණ මෝටර් රථ විද්‍යාගාරයක්

දේශීය මෝටර් රථ කර්මාන්තයේ ඇති වන අවශ්‍යතාවන්ට පහසුකම් සැපයීම, නවීන අංග සම්පූර්ණ මෝටර් රථ විද්‍යාගාරයක් පිහිටුවීම, නූතන දැනුමෙන් සපිරි ඉංජිනේරුවරුන් බිහිකිරීම සහ මෝටර් රථ කර්මාන්තය හා අදාළ පාරිසරික ගැටලු ආශ්‍රිත පර්යේෂණ, සමීක්ෂණ හා සංවර්ධන ධාරිතාවයන් ඉටු කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යයන අංශයේ මෝටර් රථ හා බල පද්ධති (powertrain) විද්‍යාගාරයක් ඉදි කිරීමට…

(0)Comments | January 28, 2019 2:25 pm

නෝර්වේ රාජ්‍යය සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානය නැන්සන් සමීක්ෂණයේ සොයා ගැනීම් සාදරයෙන් පිළිගනියි

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සහ නෝර්වේ සාගරික පර්යේෂණ ආයතනය (IMR) ආචාර්ය ෆ‍්‍රිජොෆ් නැන්සන් නමැති නෝර්වේ පර්යේෂණ යාත‍්‍රාව 2018 වසරේ ශ‍්‍රී ලංකාවේ සිදු කළ සමීක්ෂණයේ ප‍්‍රධාන පර්යේෂණ සොයා ගැනීම් එළි දැක්වීම සඳහා උත්සවයක් පැවැත්වූයේ ය. 2018 ජූනි 23 සිට ජුලි 16 දක්වා කාලය තුළ දී ආචාර්ය ෆ‍්‍රිජොෆ් නැන්සන් නමැති නෝර්වේ පර්යේෂණ යාත‍්‍රාව ශ‍්‍රී…

(0)Comments | January 28, 2019 2:21 pm

කලාපීය වැවිලි සමාගම් සහ වතු සේවක වෘත්තීය සමිති වැටුප් පිළිබඳ ගැටළුව නිරාකරණය කරගනිමින් රු. 750ක දෛනික වැටුප සඳහා එකඟතාව පළ කරති

ඵලදායීතා සහ පැමිණීමේ දීමනාවන් ගිවිසුමට ඇතුලත් නොවේ වතු සේවක වැටුප් ගැටලූව නිරාකරණය කර ගැනීම සඳහා ශ‍්‍රී ලංකා සේව්‍ය සම්මේලනය සහ කලාපීය වැවිලි සමාගම්වල වතු සේවකයින් නියෝජනය කරන වතු සේවක වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව දැනට පවතින සාමුහික ගිවිසුම සංශෝධනය කිරීමට දෙපාර්ෂවය එකඟ වූ බව ශ‍්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය නිවේදනය කර සිටී. ශ‍්‍රී ලංකා වැවිලිකරුවන්ගේ…

(0)Comments | January 28, 2019 1:25 pm

ලංකා IOC – මාස 3 ට රු. මිලියන 986 ක අලාභයක්

2018 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා ලංකා IOC සමාගමේ නවතම මූල්‍ය වාර්තා පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව 2018 ඔක්තෝබර් – දෙසැම්බර් මාස 03 තුළ දී සමාගම වාර්තා කර ඇති බදු ගෙවීමෙන් පසු ශුද්ධ අලාභය රුපියල් මිලියන 986.88 ක් ලෙසින් සටහන් වේ. මෙය 2017 වසරේ සමාලෝචිත කාර්තුවෙහි වාර්තා කර ඇති අලාභ අගය…

(0)Comments | January 28, 2019 11:15 am

වාලච්චේන ජලසම්පාදන ව්‍යාපෘතියේ යන්ත්‍ර හා සැලසුම් නිර්මාණ කොන්ත්‍රාත්තුව චීන සමාගමකට පවරයි

කෝරලේපත්තු, කෝරලේපත්තු බටහිර, කෝරලේපත්තු මධ්‍යම, කෝරලේපත්තු දකුණ, කෝරලේපත්තු උතුර සහ එරාවුර්පත්තු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06 ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත වාලච්චේන ජලසම්පාදන ව්‍යාපෘතියේ සිවිල්, යාන්ත්‍රික හා විදුලි වැඩ සඳහා යන්ත්‍ර හා සැලසුම් නිර්මාණ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි M/s. China Geo Engineering Company Limited සහ China…

(0)Comments | January 28, 2019 10:37 am

මාසික වැටුප රු. දශලක්ෂය ඉක්මවන 190 ක් ශ්‍රීලංකන් ගුවන්සේවයේ

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව (කෝප් කමිටුව), රාජ්‍ය ආයතන 17කට අදාළව සිදු කරන ලද විමර්ශනයේ වාර්තාව කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඊයේ (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය වසරේ මාස 09 ක් තුළ රුපියල් බිලියන 40 ක පාඩුවක් ලබා ඇති ශ්‍රීලංකන් ගුවන්සේවය සම්බන්ධයෙන්…

(0)Comments | January 25, 2019 11:46 am

ආයතනික සෞඛ්‍ය ඵලදායිතා සම්මාන උළෙල සඳහා ayubo.life අනුග්‍රහය

ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ වාණිජ මණ්ඩලය (COYLE) ජපාන බාහිර වෙළඳ සංවිධානය (JETRO) සමග අත්වැල් බැඳගනිමින් සංවිධාන කරන ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන 2019 සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම ස්මාර්ට් සෞඛ්‍ය සහ සුවතා යෙදවුම වන ayubo.life අනුග්‍රහය හිමිවී තිබේ. ආයතනික සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා සිය විශේෂඥ දැනුම ලබාදීමට එම සමාගම…

(0)Comments | January 25, 2019 10:11 am

2019 අයවැය සඳහා යෝජනා පෙබරවාරි 11ට කලින් එවන්න – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය

ශක්තිමත් ආර්ථිකයක් සහ සාරවත් දේශයක් යන තේමාව යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය මාර්තු මස 05 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. එය වඩා ජනතාවාදී අයවැයක් බවට පත් කිරීමේ අපේක්ෂාවෙන් ඒ සඳහා ඇතුළත් කළ යුතු යෝජනා ඇත් නම් පෙබරවාරි මස 11 වැනි දින හෝ එදිනට පෙර…

(0)Comments | January 24, 2019 1:17 pm