Top News

මාස 06කින් රටක් බංකොලොත් වුණු හැටි

නිසි කලට ගත යුතු නිසි තීරණ නොගත් නිසාත්, කිසි කලෙක නොගත යුතු අනිසි තීරණ ගත් නිසාත්, රාජ්‍යයක් කඩා වැටෙන අයුරු අපි දැන් ප්‍රායෝගිකවම අත්විඳිමින් සිටින්නෙමු. රටේ සල්ලි ඇති පුරවැසියා මෙන්ම සල්ලි නැති පුරවැසියා ද අද වන විට දුප්පතුන් වී හමාරය. ඔබට සුඛෝපභෝගී මෝටර් රථයක් තිබුණ ද ඊට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම අද වන විට ඔබට…

(0)Comments | April 20, 2022 4:47 pm

රටේ තත්ත්වය ගැන MAS සමූහයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් අර්බුද තත්වය පිළිබඳ MAS සමූහ ව්‍යාපාරය විසින් කළ ප්‍රකාශයක් පහතින් දැක්වේ. සාමකාමී විරෝධතාවලට සහභාගී වීමට සහ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට, අපගේ පුරවැසියන් සතු අයිතියට සහය පළ කරමින් අප්‍රේල් 4 වෙනිදා MAS නිවේදනයක් නිකුත් කරන ලදී. ඉන් අනතුරුව වූ සිදුවීම්ද සැලකිල්ලට ගනිමින්, වත්මන් ආර්ථික හා සමාජ අර්බුදය සාමකාමීව සහ තිරසාර ලෙස විසඳීමට…

(0)Comments | April 20, 2022 4:40 pm

සිය වත්කම් විකිණීම පිළිබඳ පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ටෙලිකොම් කියයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය සතු වත්කම් විකිණීමට ඇති සූදානමක් පිළිබඳව පළවන විවිධ පුවත් සහ වාර්තා මුළුමනින්ම අසත්‍ය බව SLT-MOBITEL කළමනාකාරීත්වය දැඩිව අවධාරණය කර සිටියි. මෙසේ පළවන පුවත් සහ වාර්තා, ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් හෝ, සමූහයේ 49.5%ක කොටස් හිමිකාරීත්වයකට හිමිකම් කියන මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ හෝ තහවුරු කිරීමකින් තොරව පළවී ඇති බව ද සමාගම පෙන්වාදෙයි. එමෙන්ම,…

(0)Comments | April 20, 2022 12:56 pm

උගන්ඩාවට යැවූ මුදල් ගැන ආණ්ඩුවෙන් පූර්ණ පිළිතුරක් අද සවස 4ට

උගන්ඩාවට මුදල් යැවීම සම්බන්ධයෙන් අද (20) සවස 4 ට පූර්ණ පිළිතුරක් ලබා දීමට කටයුතු කරන බව සංචාරක සහ ධීවර රාජ්‍ය අමාත්‍ය පාර්ලිමෙනේතු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසයි. අද පෙරවරුවේ දී පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. උගන්ඩාවේ පිළිබඳ ප්‍රශ්නය මම අද හවස 4ට පූර්ණ පිළිතුරක් දෙන්න බලාපොරොත්තු වෙනවා. තොරතුරු දැන ගැනීමේ පනත හරහා…

(0)Comments | April 20, 2022 12:22 pm

ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිය අසමත් වීම

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody’s Investors Service විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය Ca දක්වා පහත හෙළීමට පසුගිය (18) දා කටයුතු කළේය. මීට පෙර පසුගිය අප්‍රේල් 13 දින තවත් ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙකක් වන S&P Global Ratings විසින් CC දක්වාත්, Fitch Ratings විසින් C දක්වාත් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහළ දැමීමට…

(0)Comments | April 20, 2022 11:56 am

පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව සල්ලි අච්චු ගැසීම තහනම් කරන්න – රනිල්

මෙරට මූල්‍ය පාලනය පාර්ලිමේන්තුව යටතට ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ ය. ඊයේ (19) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී සභාහ අමතමින් මන්ත්‍රී  වරයා විසින් මේ බව පවසා සිටියේය. ඔහු එහි දී වැඩි දුරටත් පවසා සිටියේ මහ බැංකුවට පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව නව මුදල් මුද්‍රණය කිරීම තහනම් කළ යුතු බවයි….

(0)Comments | April 20, 2022 11:47 am

ඩොලරය රු. 345 ක් බව ජාත්‍යන්තර බැංකුවක් කියයි

අද (19) දිනයේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු විසින් ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතයන් ඊයේ (18) දින වාර්තා වූ මට්ටමේම පවතින බව නිරීක්ෂණය කළ හැකිය. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 340 ක් ලෙසින් වානිජ බැංකු ගණනාවක්ම දක්වා තිබුණි. කෙසේවෙතත් මෙරටට මෙහෙයුම් කටයුතු සිදුකරන ජාත්‍යන්තර බැංකුවක් වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවට අනුව ඩොලරයක…

(0)Comments | April 19, 2022 12:27 pm

එක් අයෙකුට මාසයක් ජීවත් වීමට අවශ්‍ය මුදල රජයේ ආයතනයක් නිල වශයෙන් කියයි

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නවතම නිල දරිද්‍රතා සීමා සටහන දිස්ත්‍රික්ක අනුව නිකුත් කර ඇත. 2022 පෙබරවාරි මාසය සඳහා නිකුත් කර ඇති එම සටහනට අනුව ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුට දුප්පත් නොවී සිටීම හෙවත් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රු. 5,972 ක මුදලක් ප්‍රමාණවත් වනු ඇති බව සඳහන් වේ.‍ මේ වන විට නිකුත් කර ඇති ජාතික…

(0)Comments | April 19, 2022 11:39 am

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකවල වර්ධනයක්

මාර්තු මාසයේ දී නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශක ඉහළ යන ලදී. සෑම වසරකම මාර්තු මාසයේ නිෂ්පාදන ක්‍රියාකාරකම්වල දක්නට ලැබෙන වර්ධනයට අනුරූපව, එහෙත් සාපේක්ෂව අඩු වේගයකින් 2022 මාර්තු මාසයේ දී නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය පෙර මාසය‍ට සාපේක්ෂව, දර්ශකාංක 57.8ක් දක්වා ඉහළ යන ලදී. සේවා අංශයේ වර්ධනයක් පෙන්නුම් කරමින් සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2022…

(0)Comments | April 19, 2022 11:14 am

කොටස් වෙළෙඳපොළ වැහුවේ ඇයි?

දැනට රට තුළ පවතින විශේෂිත ආර්ථික තත්ත්වය හේතු කොට ගෙන ආයෝජකයින්ට නිවැරදි ආයෝජන තීරණ ගැනීමට අපහසු වී ඇති බවත්, ආන්තික ණය පහසුකම් මත කොටස් මිල දී ගෙන ඇති ආයෝජකයින් පිළිබඳ ද අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා නව පනතෙහි විධිවිධානවලට අනුව දින 5 ක කාලයක් සඳහා පමණක් කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වසා…

(0)Comments | April 18, 2022 1:57 pm