අද (12) දිනයේ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 335 ක් ලෙස මෙරට බලපත්රලාභී වානිජ බැංකු කිහිපයක් ප්රකාශයට පත් කර ඇත. මේ අතර ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයක ගැනුම් මිල රු. 319.20 ක් සහ විකුණුම් මිල රු. 329.99 ක් ලෙසින් සටහන් කර තිබුණි. අද පෙරවරුවේ දී වානිජ බැංකු කිහිපයක් විසින්…
ශ්රී ලංකා රජයේ ප්රතිපත්තිය අනුව ජාතන්තර මූල්ය අරමුදලේ සහාය ලබන ආර්ථික ගැළපුම් වැඩසටහනකට අනුරූපී වන ආකාරයට මෙම වගකීම් ක්රමානුකූලව සහ සමමිතික ලෙස ප්රතිව්යූහගතකරණය සිදුකරන තෙක් සියලුම බලපෑමට ලක්ව ඇති රාජ්ය ණය සඳහා සාමාන්ය ණය සේවාකරණය අන්තර්කාලීනව නවතාලීමට කටයුතු කරනු ලබන බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අද (12) ප්රකාශ කළේය. ශ්රී ලංකාව 1948 නිදහස ලැබූ…
ජාත්යන්තර මූල්ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ද්විපර්ශවික රටවල මුදල් අමාත්යවරුන් සහ නියෝජිතයින් සමඟ අප්රේල් 18 සිට 25 දක්වා වැඩසටහන් මාලාවක් පැවැත්වෙන බව මුදල් අමාත්ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය. මේ අතර එළඹෙන සතිය වන විට අත්යාවශ්ය ඖෂධ ආනයනය සඳහා ඩොලර් මිලියන 10 ක හදිසි ආධාරයක් ලබා දීමට ලෝක බැංකුව එකඟ වී…
මහ බැංකුව රුපියල පාවෙන්නට හැරීමේ දී ඩොලරයේ රඳවා තබා ගැනීමට හැකියාවක් නොතිබුණි නම් රු. 230ක අපේක්ෂිත අගයයක ප්රකාශ කිරීම නිශ්ඵල ක්රියාවක් වූ බවත්, තම දැනුම පරිදි ලෝකයේ කිසිම රටක මහ බැංකු අධිපතිවරයෙකු මෙවැනි අමනෝඥ ක්රියාවක් කර නොමැති බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඩොලරය රු 203…
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (11) කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පසුගිය වසර 25 ක් තුළ වාර්තා වූ ඉහළම පොලී අනුපාත වාර්තා වී තිබේ. මේ අනුව එක් එක් කල්පිරීමේ කාලයන්ගෙන් යුතු භාණ්ඩාගාර බිල්පත් පොලිය පහත දැක්වෙන ලෙස ඉහළ ගොස් ඇත. දින 91 – 14.12% සිට 19.71% දක්වා දින 182 –…
මූල්ය ආයතනවලට ඔවුන්ගේ මූල්ය උපකරණ සඳහා වන පොලී අනුපාතික ඉහළ නංවන ලෙස මුදල් මණ්ඩලය විසින් සියලූම මූල්ය ආයතන වෙත දන්වා ඇත. මෙහි දී මුදල් මණ්ඩලය විසින් විශේෂයෙන් දන්වා ඇත්තේ තැන්පත්කරුවන් හට ප්රතිලාභ ලබා දීම සඳහා තැන්පතු පොලී අනුපාතික ඉහළ නංවන ලෙසයි. මේ අතර ඊයේ (11) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පසුගිය වසර 25 ක් තුළ…
ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත. පසුගිය සිකුරාදා (08) ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ප්රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 700 කින් ඉහළ නැංවීමට තීරණය කළ අතර ඒ අනුව ප්රතිපත්ති වෙනස් කිරීම් ඵලදායි ලෙස සම්ප්රේෂණය වීම සඳහා පහසුකම් සැලසීමට ණය කාඩ්පත්,…
2022 අප්රේල් 6 වැනි දින ශ්රී ලංකාව පිළිබඳව නිකුත් කරන ලද එක්සත් ජනපද සංචාරක උපදේශනය සංශෝධනය කිරීම කෙරෙහි සිය අවධානය යොමු වී ඇති බව විදේශ කටයුතු අමාත්යාංශය සඳහන් කරයි. කොවිඩ් -19 වසංගතයත් සමඟම, එනම් 2021 ජූනි මාසයේ සිට, ශ්රී ලංකාව පිළිබඳ එක්සත් ජනපද සංචාරක උපදේශනය 3 වැනි මට්ටමේ පැවති අතර, නවතම සංශෝධනය තුළ ඒ පිළිබඳව…
යුද්ධයෙන් පසු ඇති වුණු ආර්ථික වර්ධනය පුස්සක් බව ඇස් පනා පිට දකින්නට ඇති බවත්, එය විශාල ණය කන්දක් විසින් මෙහෙයවන ලද ආර්ථික වර්ධනයක් බවත් ආචාර්ය ප්රියංග දුනුසිංහ මහතා පවසයි. අද (11) පෙරවරුවේ විකාශය වූ ‘Big Focus’ සජීවී වැඩසටහන සමඟ එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. ඊලඟ කාල සීමාව තුළ දී අපිට එහෙම ක්ෂණිකව ආර්ථික…
ශ්රී ලංකාව ජාත්යන්තර මූල්ය අරමුදලේ සහාය ලබා ගැනීමට මේ මොහොතේ කටයුතු කරනු ලබන්නේ සියලු කාර්යයන් අසාර්ථක කරගැනීමෙන් පසුව බවත්, මේ මොහොතේ දී මූල්ය අරමුදලට ශ්රී ලංකාව වෙත මුදල් ආධාර ලබා දීමට නොහැකි බවත් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්රනාන්දු මහතා පවසයි. අද (11) පෙරවරුවේ අද දෙරණ 24 ඔස්සේ විකාශය වූ ‘Big Focus‘ සජීවී වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු…
Video Story