Top News

මහ බැංකුවේ ඩොලරය රු. 327 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 327.49 ක් ලෙසින් වාර්තා වේ. මෙහිදී ගැනුම් මිල රු. 316.79 ක් ලෙසින් සටහන්ව ඇත. බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම ඩොලරයේ විකුණුම් මිල අද දිනයේ දී රු. 330.00 ක් ලෙසින් සටහන්ව තිබුණි.

(0)Comments | April 11, 2022 12:28 pm

සමන්ත කුමාරසිංහ මුදල් මණ්ඩලයෙන් ඉවත්වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් කටයුතු කළ ව්‍යාපාරික සමන්ත කුමාරසිංහ මහතා පසුගිය සතියේ දී සිය ඉල්ලා අස්වීම භාර දී ඇත. මේ අතර ඊයේ (10) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ, මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත් කරන ලද ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ ආචාර්ය රානී…

(0)Comments | April 11, 2022 10:57 am

ලංකා වාණිජ මණ්ඩලය වත්මන් බලශක්ති අර්බුදය විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරයි

ලංකා වාණිජ මණ්ඩලයෙහි බලශක්ති අංශ කමිටුව විසින්, ශ්‍රී ලංකාවේ වර්තමාන බලශක්ති අර්බුදය පිළිබඳ අධ්‍යයනයන් සිදුකර ඇත. එමගින් මෙරට බැංකු පද්ධතිය තුල වර්තමානයේ ඇතිවී තිබෙන විදේශ විනිමය හිඟය මඟින් බලශක්ති ක්ෂේත්‍රයේ සැලසුම් හා මූල්‍ය කළමනාකරණයෙහි දීර්ඝ කාලීන ලෙස මුල් බැසගත් දුර්වලතාවයන් රැසක්ද අනාවරණය වී තිබේ. මෙම අර්බුදය හරහා, ආනයනික ඛනිජ තෙල් මත බරපතල ලෙස යැපීමේ සහ…

(0)Comments | April 11, 2022 10:36 am

ඩොලරයේ මිල රු. 330 ක් වෙයි

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 330 ක් ලෙස මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක්ම අද (11) දිනයේ දී ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව අද පෙරවරුවේ දී වානිජ බැංකු කිහිපයක ඩොලරයක විකුණුම් මිල දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ. ලංකා බැංකුව – රු. 330.00 මහජන බැංකුව – රු. 329.99 සම්පත් බැංකුව – රු. 330.00 සෙලාන් බැංකුව…

(0)Comments | April 11, 2022 10:21 am

මුදල් මණ්ඩලය ගැන මහ බැංකු අධිපති මෙසේ කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් මුදල් මණ්ඩල සාමාජිකයින් පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශයක් සිදු කර තිබේ. මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත් කරන ලද ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ ආචාර්ය රානී ජයමහ මහත්මිය මුදල් මණ්ඩලයේ අඛණ්ඩව සේවය කිරීමට එකඟ වීම ගැන ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස මම ඉමහත්…

(0)Comments | April 10, 2022 1:41 pm

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කළ යුතු නැහැ – මහ බැංකු අධිපති

දේශීය ණය ප්‍රතිව්‍යූහතකරණය කිරීමක් අවශ්‍ය නොවන බවත්, දැනට ඇත්තේ විදේශ ණය ගෙවීමේ අපහසුතාවයක් බැවින් කළ යුත්තේ විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමක් බවත් මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (08) පස්වරුවේ මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී, අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අධිපතිවරයා මේ බව සඳහන් කළේය. මගේ පුද්ගලික අදහස විදිහට…

(0)Comments | April 9, 2022 12:07 pm

ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සැලකිය යුතු ලෙස දැඩි කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද (2022 අප්‍රේල් මස 08) දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පදනම් අංක 700 බැගින්, පිළිවෙළින්, සියයට 13.50 සහ සියයට 14.50 දක්වා, 2022 අප්‍රේල් මස 08 වැනි දින ව්‍යාපාර කටයුතු අවසානයේ සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නැංවීමට තීරණය…

(0)Comments | April 8, 2022 11:53 pm

නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ රාජකාරි අරඹයි

ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 17 වන අධිපතිවරයා ලෙස සිය රාජකාරි කටයුතු අද (08) පෙරවරුවේ ආරම්භ කරන ලදී. ආචාර්ය වීරසිංහ මහතා මුදල් සහ විනිමය අනුපාතික ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ අත්දැක‍ීමක් සතු මහ බැංකු වෘත්තිකයෙකි.  ඒ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් සිටිය දී 2011 සැප්තැම්බර් 27 වන දින …

(0)Comments | April 8, 2022 2:59 pm

දැනට මතුව ඇති ‘ආර්ථික ව්‍යසනය’ හේතු කොටගෙන පෞද්ගලික අංශය ව්‍යවස්ථා සම්පාදකයින්ගෙන් කඩිනම් විසඳුම් ඉල්ලා සිටී

අපනයන, ආනයන සහ භාණ්ඩ ප‍්‍රවාහන යන ක්ෂේත‍්‍රවලට සම්බන්ධ පෞද්ගලික අංශය නියෝජනය කරන සමාගම්වලට අයත් සංගම් 23ක් දැනට පවතින ආර්ථික හා දේශපාලන අර්බුදයට කඩිනමින් විසඳුම් ලබා නොදුනහොත් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට සහ ජනතාවට බරපතල ප‍්‍රතිවිපාක විඳීමට සිදු වනු ඇති බව අනතුරු ඇඟවීය. ‘‘මෙම තත්වයට සුදුසු විසඳුම් කඩිනමින් ක‍්‍රියාත්මක කිරීමටත් පසුව මෙම තත්වය මැඩපැවැත්වීමට වහාම ක‍්‍රියාමාර්ග ගැනීමටත් පාර්ලිමේන්තු…

(0)Comments | April 8, 2022 1:43 pm

ඩොලරයේ මිල තවත් ඉහළට. බැංකුවේ 325 යි. මහ බැංකුවේ 321.49 යි

අද (08) දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 310.88 ක් සහ විකුණුම් මිල රු. 321.49 ක් ලෙසින් දක්වා ඇත. මේ අතර අද දිනයේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රු. 325 ක් ලෙස සටහන් කර තිබුණි. පහත දැක්වෙන්නෙ අද දින වානිජ බැංකු…

(0)Comments | April 8, 2022 1:15 pm