Top News

ඩොලරය රු. 265 යි. ප්‍රධාන පෙළේ බැංකුවක් කියයි

අද (11) දින විනිමය අනුපාතිකයන්ට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 265 ක් බව මෙරට ප්‍රධාන පෙළේ බලපත්‍රලාභී වානිජ බැංකුවක් සඳහන් කර සිටී. එහිදී ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ආනයන බිල් සඳහා ඩොලර් ලබා දෙන මිල ද රු. 265 ක් බවයි. කෙසේවෙතත් සෙසු වානිජ බැංකුවල විනිමය අනුපාතික සටහන් පිරික්සීමේ දී ඩොලරයක ගැනුම් මිල රු. 250 සීමාවේ…

(0)Comments | March 11, 2022 12:35 pm

වසර 50කට පසු රත්මලානේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන්

ශ‍්‍රී ලංකාවේ ගුවන්සේවා කර්මාන්තය දියුණු කිරීම සඳහා ගුවන්තොටුපොල හා ගුවන්සේවා (ශ‍්‍රී ලංකා) (පුද්ගලික) සමාගම දිගු කාලීන අරමුණු ඉදිරියට ගෙනයමින්, කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපල, රත්මලාන (CIAR) 2022 මාර්තු මස 27 දා සිට මාලදිවයින් එයාර් (Maldivian Air) සමඟ මාලදිවයින දක්වා කලාපීය ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත අතර මෙය දශක පහකට පමණ පසු මෙරට ගුවන් ක්‍ෂේත‍්‍රය ලැබූ සුවිශේෂි ජයග‍්‍රහණයකි….

(0)Comments | March 11, 2022 12:00 pm

රුපියල අවප්‍රමාණයෙන් රජයට වාසියක්

දැනට ක්‍රියාත්මක තීරු බදු ප්‍රමාණයන් හා විදේශ ණය ලබා ගන්නා ප්‍රමාණය අනුව සෑම අවප්‍රමාණය වන රුපියලක් හේතුවෙන් රජයේ ආදායම රු. මිලියන 800 කින් පමණ වැඩිවෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා පවසයි. මේ පිළිබඳ වීඩියෝව පහතින් දැක්වේ.

(0)Comments | March 10, 2022 5:50 pm

කඩා වැටුණු කොටස් වෙළෙඳපොළ වාර්තාවක් සමඟින් යළි නැගිටියි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ වාර්තා කරන ලද විශාලතම වර්ධනය අද (10) දින සනිටුහන් කරන ලදී. මේ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 692.35 ක ඉහළ යාමක් වාර්තා කරමින් දිනය අවසානයේ දී ඒකක 10,856.07 ක් දක්වා වර්ධනය විය. එය 6.81% ක ඉහළ යාමක් වේ. එසේම S&P SL20 දර්ශකය…

(0)Comments | March 10, 2022 5:21 pm

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සහ කොළඹ කොටස් හුවමාරුව එක්වෙයි

අඛණ්ඩව හත්වන වසරටත්, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් ‘ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා සීනුව නාද කිරීම‘ වෙනුවෙන් කොළඹ කොටස් හුවමාරුව (CSE) සමඟ ඒකාබද්ධව සිදුකෙරුණි. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව වාර්ෂිකව පවත්වන ලබන මෙම උත්සවය, ආර්ථිකය තුළ කාන්තාවන්ගේ වැඩි සහභාගිත්වය, වඩා සමාන අනාගතයක් හැඩගස්වා ගනිමින් තිරසාර සංවර්ධනයක්  ඇති කර ගැනීම යන අරමුණු මුලිකව සමරනු ලැබීය. මේ වෙනුවෙන් ජාත්‍යන්තර…

(0)Comments | March 10, 2022 4:25 pm

ශ්‍රී ලංකාවේ බතික් මෙල්බර්න් නුවරට

මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ශ්‍රී ලංකාව සඳහා වූ කමිටුව (CFSL), දකුණු ආසියානු ඕස්ට්‍රේලියානු සන්ධානය සහ ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සමඟ එක්ව, 2022 මාර්තු 08 වැනි දිනට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා බතික් කලාව විදහා දැක්වෙන ඡායාරූප රූගත කිරීමක් සංවිධානය කළේ ය. නව විලාසිතා ප්‍රවණතා කෙරෙහි උනන්දුවක් දක්වන තරුණ ඕස්ට්‍රේලියානුවන්…

(0)Comments | March 10, 2022 12:32 pm

ඩොලරයේ විකුණුම් මිල රු. 260 යි – බැංකු රැසක් නිල වශයෙන් කියයි

අද (10) දින ප්‍රකාශයට පත් කර ඇති විනිමය අනුපාතික සටහන්වලට අනුව මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 260 ක් බව සටහන් කර ඇත. වහාම ක්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළඳපොළට ඉඩ සලසනු ලබන බව පසුගිය මාර්තු 07 වන දා ශ්‍රී ලංකා මහ බැංකුව…

(0)Comments | March 10, 2022 11:41 am

ජනවාරි මාසයේ දී ඇඟළුම් අපනයන වසර 5 ක් තුළ ලද ඉහළම ආදායම වාර්තා කරයි

2022 ජනවාරි මාසයේදී ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් අපනයනය පසුගිය වසර පහ තුළ වාර්තා කළ ඉහළම ආදායම වාර්තා කිරීමට සමත් විය. මෙම කාර්යසාධනය මගින් පසුගිය වසර දෙක තුළ කොවිඞ් වසංගතයෙන් ඇති කළ පෙර නොවූ විරූ අභියෝග හමුවේ වලින් කර්මාන්තය නැවත නැගී සිටීමේ ශක්තිය පෙන්නුම් කරයි. ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් අපනයන ආදායම 2022 ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 487.6…

(0)Comments | March 10, 2022 10:46 am

භාණ්ඩාගාර බිල්පත් පොලිය තවදුරටත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (09) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතික ඉලක්කම් දෙකක සීමාව ඉක්මවා ගොස් තිබේ. මේ අනුව කල්පිරීමේ කාලය අනුව දින 90 බිල්පත් පොලිය 9.33% සිට 10.29% දක්වා ද, දින 182 බිල්පත් පොලිය 9.88% සිට 10.48% දක්වා සහ දින 364 බිල්පත් පොලිය 9.95% සිට 10.66%…

(0)Comments | March 9, 2022 6:32 pm

කබ්රාල් කිව්වේ කුමක්ද?

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් හා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර හමුවක් අද (09) දිනයේ දී පැවැත්විණි. පැය 1 1/2 කට ආසන්න කාලයක් පැවති මෙම හමුවේ දී සාකච්ඡා වූයේ කුමක් ද? මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ…

(0)Comments | March 9, 2022 4:16 pm