Top News

කාන්තාවන් පමණක් මෙහෙයවූ ශ්‍රීලංකන් ගුවන් යානයෙන් ‘Raid Amazones 2022 ක්‍රීඩිකාවන් පැරිසියේ සිට දිවයිනට පැමිණෙයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම ‘Raid Amazones 2022’ තරඟාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩිකාවන්ගෙන් සැදුම් ලත් පළමු කණ්ඩායම පැරිසියේ සිට  අද උදෑසන (14) දිවයිනට රැගෙන එන ලදී. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ජ්‍යේෂ්ඨතම ගුවන් නියමුවරියක් වන චාමිකා රූපසිංහ සහ ගුවන් මැදිරි කළමණාකාර අංජු ජයසිංහ ප්‍රමුඛ කාන්තා කාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවන ලද UL 564 දරණ ගුවන් යානයෙන් ඔවුන් ශ්‍රීලංකාවට පැමිණීම විශේෂත්වයකි….

(0)Comments | March 14, 2022 5:09 pm

ඉන්ධන බදුවලින් ආණ්ඩුවට දවසකට රු. මිලියන 750 ක ආදායමක්

වර්තමානයේ දී රජය විසින් ඉන්ධන මත පනවා ඇති බදු හරහා එක දිනකට රු. මිලියන 750කට වැඩි ආදායමක් උපයනු ලබන බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අද (14) පැවති මාධ්‍ය හමුවක ද ඔහු මේ බව පැවසීය. ඉන්ධන මිල මෙතරම් දැවැන්ත ලෙස ඉහළ දමනවා වෙනුවට ආණ්ඩුව විසින් ඉන්ධන මත අයකරන බදුවලින් යම් ප්‍රමාණයක් අඩු කරලා…

(0)Comments | March 14, 2022 4:51 pm

ශ්‍රී ලංකාවේ සංචාරයේ දී සැලකිලිමත් වන්නැයි බ්‍රිතාන්‍ය වැසියන්ට දැනුම් දීමක්

එක්සත් රාජධානිය විසින් සිය පුරවැසියන් හට දැනුම් දීමක් සිදුකර තිබේ. ඒ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී, දැනට ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි. ආනයන සඳහා ගෙවීමට ප්‍රමාණවත් විදේශ විනිමය නොමැති වීම හේතුවෙන් ඖෂධ, ඉන්ධන සහ ආහාර ඇතුළු මූලික අවශ්‍යතා හිඟයක් නිර්මාණය වීම හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිරිහෙමින් පවතින බව එක්සත් රාජධානිය සිය…

(0)Comments | March 14, 2022 3:48 pm

නව කාර්යාල සංකීර්ණයකට ඩොලර් මිලියන 25ක ආයෝජනයක්

Grafeio One (Pvt) Ltd සමාගම විසින් නව කාර්යාල සංකීර්ණයක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ ආයෝජන ගිවිසුමක් පසුගියදා අත්සන් කරන ලදී. කොළඹ 03 ගාලු පාරේ මෙම නවීන කාර්යාල සංකීර්ණය පිහිටුවීමේ ව්‍යාපෘතිය සඳහා Grafeio One (Pvt) Ltd ආයතනය සිදුකරනු ලබන ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 25.18 කි. Phoenix Ventures (Pvt) Ltd හි අනුබද්ධිත ආයතනයක් වන…

(0)Comments | March 14, 2022 3:44 pm

කැලණිතිස්සේ තවත් තාප බලාගාරයක් ස්ථාපිත කරන බව ඇමති පවිත්‍රා කියයි

“නිවාස පියසි යොදාගනිමින් සූර්ය විදුලිබල උත්පාදනය විදිමත් කිරීම සදහා ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවීමට අදහස් කර ඇති අතරම ජාතික විදුලිබල පද්ධතියට දායක වියහැකි බලාගාර කිසිවක් මෑත භාගයේ ස්ථාපිත නොවීම හේතුවෙන් මේ වනවිට බලපා ඇති විදුලි අර්බුධය මගහරවා ගැනීම වෙනුවෙන් කඩිනමින් පියවර ගන්නවා. ඒ යටතේ කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ තවත් මෙගාවොට් 105 ක තාප බලාගාරයක් ඉදිකිරීමට කඩිනමින්…

(0)Comments | March 14, 2022 2:44 pm

මහ බැංකුව ඩොලරයේ මිල රු. 260 ක් කියද්දී අනෙක් බැංකු රු. 265 ක් කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (14) දිනයේ දී එක්සත් ජනපද ඩොලරය ගැනුම් මිල රු. 249.96 ක් සහ විකුණුම් මිල රු. 259.99 ක් ලෙසින් සටහන් වී තිබේ. කෙසේවෙතත් බලපත්‍රලාභී වානිජ බැංකු විසින් ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයක විකුණුම් අගය රු. 265 සීමාවේ පවතින බව නිරීක්ෂණය කළ හැකිය. මේ…

(0)Comments | March 14, 2022 1:18 pm

හවුල්කාර රටවලින් ඉල්ලුම් කළ හැකි හදිසි අවශ්‍යතා පිළිබඳ ලැයිස්තුවක් සකස් කරන්න අනු කමිටුවෙන් උපදෙස් 

චීනය, ජපානය සහ මැදපෙරදිග කලාපයේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගිය මස පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටු ත්‍රිත්වය, විදේශ   කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් 2022 මාර්තු 9 සහ 10 යන දෙදින තුළ පාර්ලිමේන්තුවේ දී පළමු වරට රැස් විය. සිය කාර්යයන් ඇරඹූ මෙම කමිටු ත්‍රිත්වය, අමාත්‍ය මණ්ඩල අනුකමිටු සාමාජිකයන්…

(0)Comments | March 14, 2022 8:15 am

IMF ලොක්කෙක් හෙට ශ්‍රී ලංකාවට. කඩා වැටුණු ආර්ථිකය ගැන වාර්තාවක් ජනපතිට

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳුදා සහ අඟහරුවාදා දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී Masahiro Nozaki රොයිටර් පුවත් සේවය වෙත පවසා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මෙතෙක් ශ්‍රී ලංකාවෙන් මූල්‍ය ආධාර…

(0)Comments | March 13, 2022 8:58 pm

රුපියල පිරිහීම නිසා රටට ගලා එන විදේශ විනිමය වැඩිවෙන්න පුළුවන් – මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

රුපියලට වැඩි නම්‍යශීලීභාවයක් ලබා දීමට කටුයුතු කිරීමේ දී රුපියලේ අගය පිරිහීමට ලක්විය හැකි නමුත් ඒ හරහා රටට ගලාඑන විදේශ විනිමය ඉහළ යාම වැනි සුභදායී කටයුතු සිදුවීමට හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. රුපියල නම්‍යශීලී කිරීමේ මහ බැංකු තීරණය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.  …

(0)Comments | March 11, 2022 5:06 pm

යට ඇඳුම් ආනයනයට වැඩියෙන් ඩොලර් යන්නේ ඇයි?

ශ්‍රී ලංකාවට යට ඇඳුම් ගෙන්වීම සඳහා ඉහළ ආනයන වියදමක් දැරීමට සිදුවන බවට පළවූ ප්‍රවෘත්ති පසුගිය කාලයේ දී නිරන්තරයෙන් දක්නට ලැබුණි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවක සඳහන්ව තිබුණේ 2021 වසරේ නොවැම්බර් මාසයේ දී පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම 2020 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව සියයට 19.7කින් ඉහළ ගිය බවත්, බෙහෙත් සහ ඖෂධීය නිෂ්පාදිත (ප්‍රධාන…

(0)Comments | March 11, 2022 2:21 pm