Top News

ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ නිෂ්පාදිත ඛණිජ වැලි විකුණන්න සමාගම් 3කට පවරයි

රජයට අයත් ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනයේ නිෂ්පාදිත ඛනිජ වැලි විකිණීම සඳහා වන ටෙන්ඩර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ටෙන්ඩර් කමිටුවේ සහ තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශය පරිදි, Non -Magnetic Heavy Mineral Concentrate මෙට්‍රික් ටොන් 40,000 මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 283.91ක් බැගින් සහ Low-Grade Zircon Crude මෙට්‍රික් ටොන් 13,000ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 25.11…

(0)Comments | January 17, 2019 1:05 pm

බත්තරමුල්ල මංසන්ධියේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය

බත්තරමුල්ලේ ඉදි කිරීමට යෝජිත බහු මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයට ඒකාබද්ධ වන පරිදි කඩුවෙල මාර්ගයේ බත්තරමුල්ල මංසන්ධියේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 415ක ඉඩමක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එම්/එස්. එසර් ප්‍රොජෙක්ට්ස් ලිමිටඩ් වෙත බදු පදනම මත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය…

(0)Comments | January 17, 2019 12:51 pm

ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා මහ බැංකුව රු. බිලියන 90 ක භාණ්ඩාගාර බිල්පත් මිලදී ගනී

2019 ජනවාරි මස සඳහා මහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහයේ සැලසුම්ගත විදේශ මුදල් ලැබීම් ප්‍රමාද වීම හේතුවෙන් රජයේ මූල්‍ය අවශ්‍යතාවන් සපුරාලීම උදෙසා මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු. බිලියන 90 ක වටිනාකමින් යුතු භාණ්ඩාගාර බිල්පත් සඳහා දායක වීමට කටයුතු කරන ලදී. ජාතික අවශ්‍යතාව සහ සුවිශේෂී තත්ත්වයන් සලකා බලා මහා භාණ්ඩාගාරය විසින් කර ඇති…

(0)Comments | January 17, 2019 10:26 am

ශ්‍රීලංකන් ගුවන් සමාගම, IATA හි ගුවන් යානා මෙහෙයුම් කළමනාකරණය සහ පාලන පද්ධති සඳහා ගෝලීය මිණුම් සලකුණක් වන IOSA ලියාපදිංචිය අලුත් කරයි

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) මෙහෙයුම් නිරුපද්‍රතා විගණනය (IOSA) තවත් වසර දෙකක් එනම් 2020 දෙසැම්බර් මස 4 වෙනිදා තෙක් ලියාපදිංචිය අලුත් කර ඇත. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ නිරුපද්‍රතා විගණනය (IOSA) යනු ගුවන් සේවාවක මෙහෙයුම් කළමනාකාරිත්වය සහ පාලන පද්ධති ඇගයීමට නිර්මාණය කරන ලද ජාත්‍යන්තරව පිළිගත් ඇගයුම් පද්ධතියකි….

(0)Comments | January 17, 2019 10:00 am

2018 තුන්වන කාර්තුවේදී ආර්ථික අපේක්ෂාව මෙන්න

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2018 තුන්වන කාර්තුව (ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර්) ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2018 ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාස වලදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic…

(0)Comments | January 17, 2019 9:57 am

කොල්ලුපිටියට නව වෙරළක්. චෛත්‍ය පාරේ සිට උමං මාර්ගයක් – චම්පිකගේ නව සැලසුම් මෙන්න

ඉදිරියේ දී කොටුව ච්‍යෛ පාරේ සිට කොල්ලුපිටිය දක්වා උමං මාර්ගයක් ඉදිරිකරනු ලබන බවත්, කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා තවත් වෙරෙළ නගරයක් ඉදිකිරීමේ කටයුතු දැනටමත් දියත් කර ඇති බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි. අද (16) උදෑසන කොළඹ පෝට් සිටි පරිශ්‍රයේ වැලි පිරවීමේ කටයුතු නිල වශයෙන් අවසන් කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ…

(0)Comments | January 16, 2019 2:49 pm

මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් පෙබරවාරියේ දී ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවකට පසුගිය දා ඇමරිකා එක්සත් ජනපදයට ගිය මුදල් අමාත්‍ය මංගල සමරවීර, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි හා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා Christine Lagarde අතර හමුවක් ඊයේ (15) දිනයේ දී වොෂිංටන් නුවර දී පවත්වා ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…

(0)Comments | January 16, 2019 1:11 pm

ශ්‍රීලංකන් ගොඩගන්න පුළුවන් හැරීට විතරයි – ධම්මික

දිගින් දිගටම පාඩු ලබමින් තිබෙන ශ්‍රීලංකන් ගුවන් සේවය ගොඩගැනීමට නම් කළ යුතු එකම දේ හැරී ජයවර්ධන මහතා එහි සභාපතිධූරයට පත්කිරීම බව ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. පසුගිය (14) දා දෙරණ 360 සමඟ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී ශ්‍රීලංකන් ගුවන්සේවය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ධම්මික පෙරේර මහතා මෙසේ පැවසීය. “ශ්‍රීලංකන් එයාර්ලයින්ස් වගේ ගොඩගන්න…

(0)Comments | January 16, 2019 11:09 am

කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවට පළමු වරට ‘WeChat Pay’ ගෙවීම් සේවාව හඳුන්වා දෙයි

කොමර්ෂල් බැංකුව සහ Tenpay Payment Technology Ltd සමාගම ඒකාබද්ධ වී ශ‍්‍රී ලංකාවේ පළමු වරට චීනයේ ප‍්‍රමුඛතම ජංගම දුරකතන ගෙවීමේ විසඳුමක් වන ‘WeChat Pay’ ශ‍්‍රී ලංකාවට හඳුන්වා දී තිබෙන අතර මේ තුළින් මෙරටට පැමිණෙන චීන ජාතිකයින්ට මෙරටදී භාණ්ඩ සහ සේවාවන් සඳහා මුදල් ගෙවීමේ පහසුව හිමිවී තිබේ. මෙම ජංගම දුරකතන ඇප් විසඳුම ශ‍්‍රී ලංකාවට කොමර්ෂල් බැංකුව විසින්…

(0)Comments | January 16, 2019 11:00 am

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සෙරන්ඩිබ් ව්‍යාපාරික පන්තියේ විවේකාගාරයට SkyLights’ VR සිනමා අත්ඳැකීම හඳුන්වාදෙයි

ශ්‍රීලංකන් එයාර්ලයින්ස්, විනෝදාස්වාද විශේෂඥ ස්කයි ලයිට්ස් (SkyLights) සමඟ  එක්වී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සෙරන්ඩිබ්  ව්‍යපාරික පන්තියේ  විවේකාගාරය වෙත පැමිණෙන මගීන් සඳහා VR හෙවත් වර්චුවල් රියැලිටි (Virtual reality) සිනමා අත්දැකීමක් ලබාදීම පසුගිය දා (10) ආරම්භ කරන ලදී. අති නවීන ඩිජිටල් තාක්ෂණය උපයෝගි කරගනිමින් Allosky සහ Skykids  හෙඩ්සෙට් මගින් නවතම චිත්‍රපට සහ ටෙලි නාට්‍ය  2D ,3D සහ අති…

(0)Comments | January 16, 2019 10:09 am