හෙට (28) දිනයේ දී ලංකා බැංකු සේවක සංගමය විසින් සංකේත වැඩ වර්ජනයක් ක්රියාත්මක කිරීමට නියමිත බැවින්, හෙට පෙරවරුවේ පැය 2ක කාලයකට අත්යාවශ්ය බැංකු සේවා සඳහා පමණක් සිය ශාඛා විවෘතව තැබෙන බව කොමර්ෂල් බැංකුව දැනුම් දී සිටී. මෙහිදී වැඩිදුරටත් කොමර්ෂල් බැංකුව පවසන්නේ සිය වෙබ් අඩවියට පිවිසීමෙන් විවෘතව තැබෙන ශාඛා ලැයිස්තුව පිළිබඳ දැනුවත් විය හැකි බවයි.
ඊයේ (26) රාජ්ය වියදම් පාලනය කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්යාංශය විසින් චක්රලේඛයක් නිකුත් කරනු ලැබූ අතර මෙම වාතාවරණය යටතේ ශ්රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා විසින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉදිරි මාස තුනක කාලයක් සඳහා සියලු ඉදිකිරීම් කටයුතු නවතා දමන ලෙසයි. මෙම සම්බන්ධයෙන් අද (27) විකාශය වූ “අද දෙරණ BIC FOCUS” වැඩසටහනේ දී ඉදිකිරීම්…
ණය ප්රතිව්යුහගත කිරීම සඳහා ශ්රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස තාවකාලිකව නැවත වර්ගීකරණය කරන ලෙස ඉන්දියාව පවසයි. පසුගිය දා ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) පාලක මණ්ඩල රැස්වීමේදී ඉන්දීය මුදල් අමාත්ය නිර්මලා සීතාරාමන් ශ්රී ලංකාවට සහාය ඉල්ලා සිටිමින් මේ බව පවසා ඇත. මෙහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්රී ලංකාව මුහුණ දී සිටින පෙර නොවූ විරූ මූල්ය…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි දැවැන්ත ඉහළ යාමක් අද දිනයේ (27) දී වාර්තා විය. පෙර දිනය හා සැසඳීමේ දී සියලු කොටස් මිල දර්ශකය 5.43% ක හා S&P SL20 දර්ශකය 13.52% ක වර්ධනයක් අද දින වාර්තා කරන ලදී. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 375.15 කින් ඉහළ ගොස් ඒකක 7,280.52 ක්…
සියලුම අමාත්යාංශ, රාජ්ය අමාත්යාංශ, පළාත් සභා, දෙපාර්තමේන්තු, රාජ්ය සංස්ථා සහ ව්යවස්ථාපිත මණ්ඩලවල සත්ය වශයෙන්ම සේවයේ නිරත වී සිටින බව/ පැමිණීම තහවුරු කර ගැනීමකින් තොරව සිදුකරනු ලබන සියලුම අතිකාල දීමනා ගෙවීම් අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. තවද විවිධ අයුරින් ලබා ගන්නා අතිකාල දීමනාවන් හි එකතුව වැටුප ඉක්මවා නොයන පරිදි කටයුතු කළ හැකි ක්රමවේදයක් සකස් කළ යුතු…
ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 350 සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව ඩොලරයක විකුණුම් මිල රු. 350.49 ක් ලෙසින් අද දින සටහන් වී ඇත. ඩොලරයක ගැනුම් මිල රු. 337.82 ක් වශයෙන් දක්වා ඇත.
අද (27) මෙරට බලපත්රලාභී වානිජ බැංකු කිහිපයකම දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 350 – රු. 360 සීමාවෙහි ඇති බව නිරීක්ෂණය කළ හැකිය. ඒ අනුව මෙරට බලපත්රලාභී වානිජ බැංකු කිහිපයක් අද දිනයේ ඩොලරයේ විකුණුම් මිල දක්වා තිබුනේ පහත අයුරිනි. ලංකා බැංකුව – රු. 353.00 මහජන බැංකුව – රු. 352.99 සම්පත්…
ශ්රී ලංකාවේ පොල් මද නිෂ්පාදන බෙල්ජියම වෙත අපනයනය කිරීම ප්රවර්ධනය කිරීම සඳහා බ්රසල්ස් හි ශ්රී ලංකා තානාපති කාර්යාලය විසින් 2022 අප්රේල් 21 වැනි දින “COCONUT WONDER- Truly Sri Lankan” නමින් වැඩමුළුවක් පවත්වන ලදි. මෙම වැඩමුළුව සඳහා ශ්රී ලංකාවේ පොල් නිෂ්පාදන අපනයනකරුවන්ගේ සහභාගීත්වය අතථ්ය අයුරින් සැලසීමේ කටයුතු ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ලංකා වාණිජ මණ්ඩලය සහ වාණිජ හා කර්මාන්ත පදනම…
රාජ්ය වියදම් ඉතාම අත්යාවශ්ය සේවාවන් සඳහා පමණක් යොදා ගැනීමට හැකිවන පරිදි දැඩිව පාලනය කිරීමට සිදුව ඇති බැවින්, වියදම් දැරීමේ දී සහ දේශීය අරමුදල් භාවිතයෙන් සිදුකරන ව්යාපෘති ක්රියාත්මක කිරීමේ දී වියදම් පාලන ක්රමවේදයන් අනුගමනය කළ යුතු ආකාරය දක්වමින් මුදල් අමාත්යාංශය විසින් චක්රලේඛයක් නිකුත් කර තිබේ. එම සම්පූර්ණ චක්රලේඛය පහතින් දැක්වේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (26) දිනයේ දී ඒකක 608.48 කින් පහළ යන ලදී. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,905.37 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනය හා සැසඳීමේ දී 8.10% ක පහළ යාමක් වේ. මේ අතර අද දිනයේ දී සාමාන්ය ගනුදෙනු සමාප්ති වේලාවට පෙර…
Video Story