කොළඹ පාරිභෝගික මිල දර්ශකයට (CCPI) අනුව 2022 මාර්තු මාසයේ උද්ධමන අගය වාර්ෂික පදනම මත 18.7% ක් ලෙසින් දක්වා තිබේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. එසේම ආහාර උද්ධමනය 30.2% ක් ලෙසත්, ආහාර නොවන උද්ධමනය 13.4% ක් ලෙසත් අදාළ වාර්තාවෙහි සඳහන් වේ. 2022 පෙබරවාරි මාසයේ දී මෙම අගයයන්…
රට තුළ පවත්නා විදුලිබල අර්බුදය හමුවේ අද (31) දින කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පැය 2ක කාලයකට පමණක් සීමා කර තිබුණු පසුබිමක සියලු කොටස් මිල දර්ශක අගය මාස 06කට පසු පළමු වරට ඒකක 9,000 සීමාවෙන් මෙපිටට අද දින පැමිණෙන ලදී. ඒ අනුව පස්වරු 12.30 ට දෛනික ගනුදෙනු සැසිය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 391.02…
ශ්රී ලංකාවේ ඇඟළුම් අංශය රටේ දළ දේශීය නිෂ්පාදිතයට 6% ක දායකත්වයක් සපයන අතර සියලූම වෙළඳ භාණ්ඩ අපනයනයෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයකට දායක වේ. මෙම අංශය කම්කරුවන් 350,000 කට සෘජු රැකියා සපයන අතර ප‍්‍රධාන සැපයුම් දාමයේ කොටසක් ලෙස ශ‍්‍රී ලාංකිකයන් 700,000 කට රැකියා අවස්ථා ලැබේ. ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ (JAAF) සභාපති සහ MAS Holdings (Pvt) Ltd හි…
ඉහළ විනිමය අනුපාත පිරිනමන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවෙහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් 2022.03.30 දින ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමෙහි ස්ථානීය පරීක්ෂණයක් සිදුකරන ලදී. එකී විමර්ශනයට අනුව, ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම විසින් ඔවුන් වෙත බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාත තම ගනුදෙනුකරුවන් වෙත ලබා…
මේ වන විට ශ්‍රී ලංකාව තුළ රත්‍රං සඳහා ආයෝජනය විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් හා රන් ආභරණ නිෂ්පාදනය සඳහා රන් හිඟ වීම හේතුවෙන් රත්‍රං බාර්, බිස්කට්, හා කාසි ලෙස අලෙවිය හෙට්ටි වීදිය ආශ්‍රිතව තාවකාලිකව නවතා දමා ඇති බව වාර්තා වේ. මේ අතර අද දිනයේ දී කොළඹ හෙට්ටි වීදියේ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 205,000…
IPL තරඟාවලියේ ඊයේ (30) පැවති රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් හා කොල්කලා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර තරඟයෙන් රෝයල් චැලෙන්ජර්ස් පිලට කඩුළු 3 ක ජයක් අත්විය. මෙය ශ්‍රී ලංකාවේ අපට ද වැදගත් වූ තරඟයකි. මක් නිසාද යත් මෙවර IPL තරඟාවලියේ ඉහළම ලංසුවකට හිමිකම් කී ක්‍රීඩකයෙකු වන ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග මෙම තරඟයෛ් වීරයා සම්මානයට පාත්‍රවීම නිසාවෙනි. ඔහු තරඟයේ…
වර්තමාන රජය කෙරෙහි දෙස් විදෙස් සියළු පාර්ශවයන්හි විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටී තිබෙන නිසා වෙළෙඳපොළවල් හිරවී අගුලු වැටී තිබෙන බවත් මේ ආකාරයෙන් මේ ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි. ඊයේ (30) පස්වරුවේ කොළඹදී මාධ්‍ය අමතමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ රට වර්තමාන අගාධයට ඇද…
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (31) පෙරවරු 10.36 ට අත්හිටුවනු ලැබීය. S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගොස් තිබීම ඊට හේතුවයි. දිනයේ ගනුදෙනු ආරම්භ වී මිනිත්තු 06 ක් වැනි කෙටි කාලයක් තුළ මෙලෙස දෛනික ගනුදෙනු අත්හිටුවන අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 274.09 කින් පහළ…
කොළඹ කොටස් වෙළෙඳපොළ, දෛනික ගනුදෙනු කාලසීමාව පැය 2කට පමණක් සීමා කිරීමට කොටස් වෙළෙඳපොළ බලධාරීන් තීරණය කර තිබේ. මේ අනුව අද (31) සහ හෙට (01) පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් දෛනික ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොළ විවෘතව තැබෙනු ඇත. දිවයින පුරා මේ වන විට බලපැවැත්වෙන විදුලි කප්පාදුව හේතුවෙන් ආයෝජකයින්ට හා පර්ශවකරුවන්ට කොටස් වෙළෙඳපොළ ප්‍රවේශය සීමා…
අඛණ්ඩ තෙවෙනි දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පහළ යාමක් අද (30) දිනයේ දී වාර්තා විය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 352.66 කින් සහ S&P SL20 දර්ශකය ඒකක 141.84 කින් දිනය තුළ දී පහළ යන ලදී. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,294.89 ක් ලෙසින් සටහන් වූ අතර එය 2021 සැප්තැම්බර්…
Video Story