Top News

සීනි නිෂ්පාදනය ඉහළ නංවන්න සීනි කර්මාන්ත සංවර්ධන කමිටුව පිහිටුවයි

දේශීය සීනි අවශ්‍යතාවයෙන් 9%ක පමණ ප්‍රමාණයක් දේශීයව නිපදවන අතර ඉතිරි 91%ක අවශ්‍යතාවය ආනයන මඟින් සපුරාගනු ලබයි. එබැවින් සීනි හා උක් කර්මාන්ත සංවර්ධනය කිරීම මඟින් අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකිවනු ඇත. මෙම කරුණු සැලකිල්ලට ගෙන උක් වගා කළ හැකි නව ඉඩම් සොයා උක් වගාව ව්‍යාප්ත කර ලංකාවේ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවධානය යොමු…

(0)Comments | February 28, 2019 12:00 pm

පන්නිපිටියේ බ්‍රේකර් ස්විච් කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ Seimens ට

විදුලිබලය සැපයීමේ විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීමට සහාය වීමේ ව්‍යාපෘතිය යටතේ පන්නිපිටිය ග්‍රිඩ් උපපොලෙහි මොගාවාර් 100ක ධාරිතාවයෙන් යුත් බ්‍රේකර් ස්විච් කැපැසිටර්ස් බැංකු සවි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉන්දියාවේ M/s. Seimens Ltd. වෙත පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ…

(0)Comments | February 28, 2019 11:23 am

කොමර්ෂල් බැංකුව 2018 වසරේදී ශක්තිමත් වර්ධනයක් වාර්තා කරයි

• රුපියල් බිලියන 14 ක් හෙවත් ලාභයෙන් 45% ක් බදු ලෙස රජයට ගෙවයි • ශ‍්‍රී ලංකා නව ගණකාධිකරණ ප‍්‍රමිති 09 ට සංක‍්‍රමණය තුලින් රුපියල් බිලියන 05 ක පිරිවැයක් • පිට පිටම තුන්වන වසර සඳහාත් ණය පොත සහ තැන්පතු රුපියල් බිලියන 100 ක වර්ධනය ඉක්මවයි • දළ ආදායම 21% කින් රුපියල් බිලියන 138 ක් දක්වා ඉහළට…

(0)Comments | February 28, 2019 11:11 am

බහු ජාතික සමාගම් ආකර්ෂණය කරගැනීමට මලික්ගෙන් යෝජනාවක්

විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික කර්මාන්තය ගෝලීය අගය එකතු කිරීමේ සැපයුම් ජාලයට අවතීර්ණ වෙමින් පවතින අතර, ආර්ථික සහයෝගීතා හා සංවර්ධන සංවිධානයේ නිෂ්පාදන කර්මාන්ත වර්ගීකරණයට අනුව මෙරට ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් යන්ත්‍රෝපකරණ කර්මාන්ත ක්ෂේත්‍රය මධ්‍යම – ඉහළ තාක්ෂණික හා ඉහළ තාක්ෂණික ඝනයට අයත් වේ. ඒ අනුව රථවාහන, විදුලි සංදේශය, පරිභෝජ්‍ය ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, කර්මාන්ත ස්වයංක්‍රීයකරණය, අන්තර්ජාල උපාංග නිෂ්පාදනය හා වෙනත්…

(0)Comments | February 28, 2019 9:59 am

හෙට දින කරච්චි සහ ලාහෝරය වෙත ශ්‍රීලංකන් ගුවන් මෙහෙයුම් නවතා දමයි

පකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පකිස්ථාන ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම පාකිස්ථානයේ ලාහෝර් සහ කරච්චි වෙත 2019 පෙබරවාරි මස 28 වැනි බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු යොදා තිබේ. ලාහෝර් සහ කරච්චි වෙත පියාසර කිරීමට ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කර ඇති මගීන්ට අවශ්‍ය වැඩි දුර උපදෙස් ඔවුන්ගේ සංචාරක…

(0)Comments | February 27, 2019 4:26 pm

හම්බන්තොටට අක්කර 200 ක ඖෂධ නිෂ්පාදන කලාපයක්

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් මේ වන විට රෝග රාශියක් සඳහා ඖෂධ වර්ග නිෂ්පාදනය කරනු ලබන අතර, එම ආයතනය සහ අනෙකුත් පෞද්ගලික නිෂ්පාදකයින් විසින් දැනට මෙරටට අවශ්‍ය වන ඖෂධ ඒකක බිලියන 02 ක් පමණ වාර්ෂිකව නිපදවනු ලබයි. එම ප්‍රමාණය වෙළෙඳපොළ ඉල්ලුමෙන් 12% ක් සපුරාලීමට ප්‍රමාණවත් වන අතර, ඉතිරි 88% ක වෙළෙඳපොළ ඖෂධ අවශ්‍යතාව ආනයනය කරනු…

(0)Comments | February 27, 2019 1:26 pm

විදෙස් උපාධි පිරිනමන ආයතන නියාමනයට කැබිනට් අනුමැතිය

විදේශීය විශ්වවිද්‍යාල/ උපාධි පිරිනමන ආයතනයන්ට අනුබද්ධව පිරිනමනු ලබන විදේශීය උපාධි පාඨමාලා පවත්වනු ලබන අධ්‍යාපන ආයතනයන් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යනු ලබන අතර, මෙම ආයතන විසින් පවත්වාගෙන යනු ලබන පාඨමාලා දේශීය මෙන්ම විදේශීය ශිෂ්‍යයින් විසින් ද හදාරනු ලබයි. මෙම උපාධි පාඨමාලාවන් හි ප්‍රතීතණය සහ තත්ත්ව ආරක්ෂණය අදාළ මව් විශ්වවිද්‍යාලය/ උපාධි පිරිනමන ආයතන විසින් සිදු කළ ද,…

(0)Comments | February 27, 2019 12:34 pm

තායි ඇතුළු රටවල් රැසක සංචාරකයින්ට මාස 06 ක නිදහස් වීසා

වසරේ අනෙකුත් කාලයන්ට සාපේක්ෂව අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා කාල පරාසය තුළ සංචාරකයිව්ගේ පැමිණීම අඩු අගයක් ගන්නා බව නිරීක්ෂණය වී ඇත. එසේ වුවද මැයි සිට අගෝස්තු දක්වා වන කාල සීමාව තුළ වෙසක් හා පොසොන් උත්සව සහ ඇසළ පෙරහැර වැනි බෞද්ධාගමික උත්සව සහ සංස්කෘතිකාංග රාශියක් දිවයින පුරා පැවැත්වෙන බැවින් බුදු දහම ප්‍රචලිතව ඇති තායිලන්තය වැනි ආසියානු රටවල…

(0)Comments | February 27, 2019 11:48 am

ETI තැන්පත්කරුවන්ට කඩිනම් සහන සැලසීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

එදිරිසිංහ ට‍්‍රස්ට් ඉන්වෙස්මන්ට් ETI ආයතනයේ තැන්පත්කරුවන්ට කඩිනම් සහන සැලසීමේ අවශ්‍යතාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කරයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී ජාතික ආර්ථික සභාව රැස් වූ අවස්ථාවේ දී ය. ETI මූල්‍ය සමාගමේ වත්කම් අලෙවි කිරීමේ ගනුදෙනුව පිළිබඳව ජාතික ආර්ථික සභාවේ විශේෂ අවධානය යොමු වූ අතර එම ගනුදෙනුව…

(0)Comments | February 27, 2019 11:13 am

මූල්‍ය කාර්යසාධක බලකාය ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අනුමත කරයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ ප්‍රතිපත්ති සම්පාදකයා ලෙස කටයුතු කරනු ලබන මූල්‍ය කාර්යසාධක බලකාය (Financial Action Task Force – FATF) විසින් ශ්‍රී ලංකාව එහි ක්‍රියාකාරී සැලැස්ම සම්පූර්ණ කර ඇති බවට මූලික නිර්ණය ප්‍රකාශයට පත් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවත්වීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම…

(0)Comments | February 26, 2019 3:29 pm