පවතින තත්ත්වය තුළ මෙරට බැංකු පද්ධතිය කඩා වැටීමකට ලක්විය හැකි බවත්, එසේ වුවහොත් එය විශාල ගැටළුවක් විය හැකි බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රනිල් වික්රමසිංහ මහතා අද (04) දින පාර්ලිමේන්තුවේ දී අවධාරණය කර සිටියේය. මීට පිළියමක් වශයෙන් ආරක්ෂිත දැලක් දැමිය යුතු බව ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. “ඒ වගේම තමයි අපට බලන්න තියෙන්නේ අපේ…
කාන්තාවන්ගේ ප්රධානත්වයෙන් ක්රියාත්මක වන ව්යාපාර කෙරෙහි වැඩි අවධානයක් ශ්රී ලංකාවේ ආර්ථිකයේ ජීවනාලිය වන්නේ සුළු, කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර (Micro, Small and Medium Enterprises – MSMEs) කාණ්ඩයයි. මෙරට ව්යාපාර වලින් 75% ක්ම මෙම කාණ්ඩයට අයත් වන අතර, එය මෙරට රැකියා උත්පාදනයට 45% ක සහ දළ දේශීය නිෂ්පාදිතයට 52% ක දායකත්වයක් ලබාදෙයි. කෙසේ වුවද බැංකු වලින්…
සංචාරකයින්ගේ දිනපොතට අද්විතීය අත්දැකීම් රැසක් එක්කරමින් Granbell Hotel Colombo විවෘත වේ ශ්රී ලාංකේය සහ ජපාන ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ අපූර්ව අත්දැකීම් විඳ ගැනීමේ අවස්ථාව දේශීය සංචාරකයින් වෙත ලබාදෙමින් Granbell Hotel Colombo පසුගියදා විවෘත කෙරිණි. ටෝකියෝ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් වන Belluna Co. Ltd විසින් මෙම නවතම සංචාරක හෝටල් පරිශ්රයේ හිමිකාරීත්වය සහ කළමනාකරණය සිදු කරනු ලබන අතර,…
මේ වන විට රටේ නිල සංචිතයෙන් භාවිතයට ගත හැකි ප්රමාණය ඩොලර් මිලියන 50කටත් වඩා පහළ මට්ටමක පවතින බව මුදල් අමාත්ය අලි සබ්රි මහතා පවසයි. අද (04) දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් කරමින් මුදල් අමාත්යවරයා මේ බව අනාවරණය කළේය. “2019 වර්ෂය අවසානයේ දී අපට තිබුනා සංචිත හැටියට බිලියන 7ක්. හැබැයි 2015 දී සංචිතය ඒ හා සමානවම…
ඉතා ඉක්මනින් නව අයවැයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලබන බවත් එහිදී ආදායම් බදු වැඩි කිරීමට සිදුවන බවත් මුදල් අමාත්ය අලි සබ්රි මහතා පවසයි. අද (04) දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් කරමින් අමාත්යවරයා මේ බව පැවසීය. “2022 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය තවදුරටත් යථාර්ථවත් නැහැ. ඒ යථාර්ථවත් නැති හින්දා ඉතා ඉක්මනින්ම අලුත් අයවැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු…
හවාලා ගනුදෙනු පිළිබඳ හැඳින්වීමක් ලොව පුරා විසිරි සිටින නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ජාලයන් ලෙස ක්රියාත්මක වන මෙම මුදල් පේ්රෂණ ක්රමයන් ඇතැම් විට සමාජයෙහි යම් නිශ්චිත ප්රජාවක් තුල මුදල් හුවමාරු කර ගැනීම සඳහා ක්රියාත්මක වනු දැක ගත හැකිය. ලොව පුරා විසිර පවතින මෙම ජාලයන්හි නියෝජිතයන් ගනුදෙනු වලට අදාළ මුදල් වටිනාකම් එකිනෙකා අතර හුවමාරු කර ගැනීමේ නියැලී සිටියි. හවාලා…
මෙරට බලපත්රලාභී වානිජ බැංකු කිහිපයකම දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 370 ක් ලෙසින් අද (04) දිනයේ වාර්තා කර ඇත. ඒ අනුව මෙරට බලපත්රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් අද දින ඩොලරයක විකුණුම් මිල දක්වා ඇත්තේ පහත අයුරිනි. ලංකා බැංකුව – රු. 366.00 මහජන බැංකුව – රු. 359.99 සම්පත් බැංකුව –…
පිරිපහදු කරන ලද ඛනිජතෙල් නිෂ්පාදන මිල දී ගැනීම පිණිස ප්රසම්පාදනයන් පිරිනැමීම ඉන්දියානු අපනයන – ආනයන බැංකු සහාය මත ලැබී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක කෙටිකාලීන ණය පහසුකම් යටතේ ඩීසල් සහ පෙට්රල් මිල දී ගැනීම පිණිස ප්රසම්පාදනයන් 04ක් සඳහා මිල ගණන් කැඳවා ඇත. ඒ අනුව, අමාත්ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්රසම්පාදන කමිටුවේ නිර්දේශය…
මෙරට විදේශ ණය ප්රතිව්යුහගතකරණය සම්බන්ධයෙන් මේ වන විට චීනය සමඟ පවතින සාකච්චාවන්හි වඩාත් ධනාත්මක ප්රවණතාවයක් දත්නට ලැබෙන බව අද (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවට එක් වෙමින් සමකැබිනට් ප්රකාශක අමාත්ය ආචාර්ය නාලක ගොඩහේවා පවසා සිටියේ ය. ඔහු මේ බව පවසා සිටියේ, මෙරට ණය ප්රතිව්යුහගත කරණය කිරීමට ගෙන ඇති තීරණයට එකඟ නොවනු ඇති බවට…
2022 වසරේ මෙරට මූර්ත දළ දේශීය නිෂ්පාදිත වර්ධන පුරෝකථනය 1% ක් බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි. ශ්රී ලංකා මහ බැංකුවේ 2021 වාර්ෂික වාර්තාවෙහි මේ බව සඳහන් වේ. 2021 වසරේ මෙරට ආර්ථික වර්ධන වේගය 3.6% ක් ලෙසින් වාර්තා වූ අතර මීට දින කිහිපයකට පෙර ජාත්යන්තර මූල්ය අරමුදල පවසා සිටියේ 2022 වසරේ දී එය 2.6% ක්…
Video Story