අධ්යාපන හා සෞඛ්ය අවශ්යතා සඳහා විදෙස්ගත වන්නන් වෙනුවෙන් අවශ්ය විදේශ විනිමය ලබාදීමට කටයුතු කරන ලෙස බැංකුවලට දැනුම් දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (29) ශ්රී ලංකා මහ බැංකු පරිශ්රයේ පැවති මාධ්ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය. “දෙමව්පියන් තමන්ගේ ළමයි පිටරට ඉගෙන ගන්නවා නම්, ඒගොල්ලන්ට මුදල් යවන්න තියෙනවා…
1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35වන වගන්තියට අනුව, ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 72වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ගරු මුදල් අමාත්ය, එම්. යූ. එම්. අලි සබ්රි මැතිතුමා වෙත අද දින (2022 අප්රේල් මස 29) පිළිගන්වන ලදී. ශ්රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවේ පිළිබිඹු වන පරිදි…
කලාපීය වැවිලි සමාගම්වලට (RPCs) අවශ්ය ඉන්ධන ප්රමාණය වෙන් කිරීමට රජය අපොහොසත් වීම, අඛණ්ඩව විදුලිය විසන්ධි කිරීම් සහ දැනුම් දීමකින් තොරව ප්රතිපත්ති සම්පාදනය කිරීම ආදිය හේතුවෙන් ශ්රී ලංකාවේ වැවිලි කර්මාන්තය සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදු වීමේ අවදානමක් උද්ගත වෙමින් පවතී. ඉන්ධන නොමැතිකම හේතුවෙන් සියලූම දළු සහ රබර් කිරි ප්රවාහන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර ජෙනරේටර්…
ලෝකයේ ප්රමුඛතම ස්වාධීන සන්නාම තක්සේරු කිරීමේ ආයතනය වන බ්රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙරට වඩාත්ම වටිනා සහ ශක්තිමත්ම සන්නාම තෝරාගැනීමේදී පිට පිටම තුන්වන වසරට 2022 වසරේදී ශ්රී ලංකාවේ ‘ශක්තිමත්ම බැංකු සන්නාමය’ ලෙසින් කොමර්ෂල් බැංකුව නම් කොට තිබේ. මෙහිදී, කොමර්ෂල් බැංකුවේ සන්නාම වටිනාකම මත පදනම් වූ ශ්රේණිගත කිරීමෙහි ඉහළට ගමන් කරමින් 2022 අපේ්රල් මාසයේදී බ්රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් එළිදක්වන…
විදේශ කටයුතු අමාත්ය මහාචාර්ය ජී.එල්. පීරිස් 2022 අප්රේල් 27 වැනි දින විදේශ කටයුතු අමාත්යාංශයේ දී ඉන්දුනීසියාවේ තානාපති දේවි ගුස්ටිනා ටොබින්ග් හමුවිය. තානාපතිනිය එහිදී ඉන්දුනීසියානු රජය ශ්රී ලංකාවට ලබා දෙන මානුෂීය ආධාර සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්යවරයා යාවත්කාලීන කළා ය. අත්යවශ්ය ඖෂධ සහ වෛද්ය උපකරණ සම්බන්ධයෙන් ශ්රී ලංකාවේ සෞඛ්ය අමාත්යාංශය යොමු කළ ඉල්ලීමකට අනුව ඉන්දුනීසියානු රජය ශ්රී…
දේශයේ රක්ෂකයා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වසර සඳහා රු.බිලියන 11.7 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 43.2 ක රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා කරමින් 9.7% ක විශිෂ්ට වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව තිබේ. රට තුළ පැවති අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් මධ්යයේ වුවද , සිය වත්කම් සම්භාරය රුපියල් බිලියන 268 දක්වා සහ ජීවිත අරමුදල රු . බිලියන 152ක්…
ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රකාශයට පත්කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 342.16 ක් සහ විකුණුම් මිල රු. 354.99 ක් ලෙසින් අද (28) දිනයේ දී සටහන් වී තිබුණි. මේ අතර මෙරට බලපත්රලාභී වානිජ බැංකු කිහිපයක් විසින්ම අද දින ඩොලරයක විකුණුම් මිල රු. 360 ක් ලෙසින් දක්වා තිබෙනු දක්නට…
බීජිං හි ශ්රී ලංකා තානාපති කාර්යාලය චීනයේ ශ්රී ලංකා වෙළෙඳ හා ආර්ථික සහයෝගීතා සංගමය (CSLATE) සහ සීමාසහිත බීජිං වන්හොංග්තායි ටෙක්නොලොජි සමූහ සමාගම සමඟ එක්ව, 2022 අප්රේල් 20 වැනි දින, චාඕයැංග් දිස්ත්රික්කයේ සුප්රකට ෂීයු ෂුයි වීදියේ දී ශ්රී ලංකාවේ ප්රථම තේ වෙළඳසැල සහ සංස්කෘතික මධ්යස්ථානය විවෘත කළේ ය. විශාල එළිමහන් ප්රදේශයක් සහිත මෙම වෙළඳසැල තානාපතිවරයා වෙත නොමිලේ පිරිනමා ඇත. මෙම මුලපිරීම, දෙරට අතර රාජ්යතාන්ත්රික සබඳතා…
ශ්රී ලංකාවේ ප්රථම GI (Geographical Indication) සහතිකය ලබාගත් නිෂ්පාදනයක් වන ශ්රී ලංකා කුරුඳු (Ceylon Cinnamon ) වෙත යුරෝපා සංගමය (EU) විසින් භූගෝලීය දර්ශක (GI) සහතිකය ප්රදානය කළ අතර එහි නිල උත්සවය ශ්රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිතයින් සහ ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කළ අතර කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලා පරිශ්රයේ දී අප්රේල් 27…
හෙට (28) දිනයේ දී ලංකා බැංකු සේවක සංගමය විසින් සංකේත වැඩ වර්ජනයක් ක්රියාත්මක කිරීමට නියමිත බැවින්, හෙට පෙරවරුවේ පැය 2ක කාලයකට අත්යාවශ්ය බැංකු සේවා සඳහා පමණක් සිය ශාඛා විවෘතව තැබෙන බව කොමර්ෂල් බැංකුව දැනුම් දී සිටී. මෙහිදී වැඩිදුරටත් කොමර්ෂල් බැංකුව පවසන්නේ සිය වෙබ් අඩවියට පිවිසීමෙන් විවෘතව තැබෙන ශාඛා ලැයිස්තුව පිළිබඳ දැනුවත් විය හැකි බවයි.
Video Story