Top News

ළමා ඉතුරුම් පොලිය ඇතුළු අංශ රැසකින් Withholding Tax ඉවත් කරන්න මංගලගෙන් යෝජනාවක්

විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සලකා බලමින් ළමා ඉතුරුම් පොලී ආදායම මත රඳවාගැනීමේ බදු, රජයේ සුරැකුම්පත්වලින් ලබන ආදායම් මත රඳවා ගැනීමේ බදු, නිර්වාසික තැනැත්තන් විසින් උපයනු ලබන ණය පොලී මත රඳවා ගැනීමේ බදු, රාජ්‍ය භාග මත රඳවා ගැනීමේ බදු හා ගුවන්යානා සඳහා බදු කුලී ගෙවීමේදී රඳවා ගැනීමේ බදු නිදහස් කිරීම සඳහා සහ කුලී…

(0)Comments | January 10, 2019 12:33 pm

කාබන් බද්ද අය කෙරෙන්නේ මෙහෙමයි

මෝටර් රථවල ඉන්ධන දහනය සැලකිල්ලට ගෙන 2019 ජනවාරි 01 දින සිට කාබන් බද්දක් අයකිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි. ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක දී කොමසාරිස්වරයා මේ බව කියා සිටියේය. 2018 අංක 35 දරණ මුදල් පනත මගින් මෙම අයකිරීම් සිදුකරනු ලබන අතර අවුරුදු 5 ට වඩා අඩු,…

(0)Comments | January 10, 2019 11:11 am

සංචිත ඉහළ නැංවීම සඳහා විනිමය හුවමාරු පහසුකම යටතේ ඉන්දීය සංචිත බැංකුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක්

දකුණු ආසියාතික කලාපීය සහයෝගීතා සංවිධානයේ (සාර්ක්) සාමාජික රටවල් අතර පවත්නා විනිමය හුවමාරු පහසුකම යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක් ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දීමට ඉන්දීය සංචිත බැංකුව එකඟ වී ඇත. මීට අමතර ව එක්සත් ජනපද ඩොලර් බිලියනයක් ලබා ගැනීම සඳහා ඉන්දීය සංචිත බැංකුව සමග ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීම සඳහා ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුවෙන් කරන…

(0)Comments | January 10, 2019 7:43 am

සුජාන් නානායක්කාර – නව මුදල් රාජ්‍ය ලේකම්

නව මුදල් රාජ්‍ය ලේකම්වරයා ලෙස සුජාන් නානායක්කාර මහතා ඊයේ (07) වැඩ භාර ගත්තේය. සුජාන් නානායක්කාර මහතා මීට පෙර ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය. මීට අමතරව විදේශ රැකියා ප්‍රවර්ධන, ජනමාධ්‍ය සහ පළාත් පාලන යන අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරයා ලෙස ද නානායක්කර මහතා රාජකාරි කටයුතු කර ඇත. ශ්‍රී ලංකා සංවර්ධන…

(0)Comments | January 9, 2019 12:09 pm

යූරෝ මිලියන 106කට පානදුර රෝහලේ සංවර්ධනය ජර්මනියේ GITEC-IGIP ට තීන්දුයි

පානදුර මූලික රෝහල සඳහා මහල් 6 කින් යුත් ගොඩනැගිල්ලක් ඉදි කිරීම, කාර්ය මණ්ඩල නිල නිවාස ඉදි කිරීම, අප ජලය පවිත්‍ර කිරීමේ පවිත්‍රාගාරයක් ඇතුළු ඉදි කිරීම් සහ ඒවා සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි යූරෝ මිලියන 106.49ක මුදලකට ජර්මනියේ M/S GITEC-IGIP GmbH වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ…

(0)Comments | January 9, 2019 11:17 am

අපනයනය පමණක් කරන BOI අනුමත සුරා නිෂ්පාදකයින්ට ස්ප්‍රීතු ආනයනයට බදු සහන

සුරාබදු ආඥාපනත යටතේ නිකුත් කරනු ලබන සුරාබදු නිවේදන එම පනතේ විධිවිධාන අනුව පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු වේ. ඒ අනුව, සිය නිෂ්පාදනයෙන් 100% ක් අපනයනය සඳහාම නිපදවනු ලබන, ආයෝජන මණ්ඩලයේ අනුමත කර්මාන්තායතන විසින් නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගැනීම පිණිස ආනයනය කරනු ලබන පානීය නොවන ස්ප්‍රීතු වෙනුවෙන් ගෙවිය යුතු බද්ද සඳහා සහන ලබා දීමට සුරාබදු…

(0)Comments | January 9, 2019 11:01 am

මහ බැංකුවේ හොල්මන්කාරයෝ සිටිනතාක් රුපියල ස්ථාවර කරන්න බැහැ – රවී

මහ බැංකුවේ හොල්මන්කාරයෝ ඉන්න තාක් කල් රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන්නේ නැතැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. වර්තමානයේ දී රුපියලේ අගය සීඝ්‍රයෙන් පිරිහීමේ තත්ත්වයට විසඳුම් මොනවාදැයි මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා…

(0)Comments | January 9, 2019 10:09 am

පොදු ප්‍රවාහනයේ පෙරළි රැසක්. පානදුරේ සිට වේයන්ගොඩට විදුලි දුම්රියක්. ලංගමට හයිබ්‍රිඩ් බස් දාහක්.

ලංගම බස් ඇණියට මෙම වසර තුළ දී නවීන බස් රථ 1,000 ක් එක් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි. ඊයේ (07) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. “පාපුවරුව පහළින් තියෙන වායුසමීකරණය කරන ලද හයිබ්‍රිඩ් බස්රථ දාහකුත් සහ සාමාන්‍ය ඩීසල් බස් රථ දාහකුත් ගේන්න බලාපොරොත්තු…

(0)Comments | January 8, 2019 12:50 pm

විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය – 2019 සමස්ත රාජ්‍ය වියදම රු.බි. 4,470 යි

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට 2019.01.07 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. එම විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2019 වසරේදී ඇස්තමේන්තු කල සමස්ත රාජ්‍ය වියදම රු. බිලියන 4,470 ක් වේ. ඒ අනුව මේ වසරේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8% ක් පමණ වේ. 2014…

(0)Comments | January 8, 2019 11:49 am

නීතිවිරෝධී දුම්වැටි හේතුවෙන් වාර්ෂිකව රජයට අහිමි වන ආදායම රු. බිලියන 18 ක්

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ආචාර්යවරුන් තිදෙනෙකු විසින් මෙරට නීතිවිරෝධී දුම්වැටි ජාවාරම සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණයක වාර්තාව, පසුගිය ජනවාරි 07 වන දින ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ සනාතන සභා ශාලාවේදී එළිදක්වන ලදි. ”ශ‍්‍රී ලංකාවේ නීතිවිරෝධී දුම්වැටි ජාවාරම හා එමඟින් අහිමි වන බදු මුදල් පිළිබඳ පදනම් අධ්‍යනය” (A Baseline Study on the Illicit Cigarette Market and the Resulting…

(0)Comments | January 8, 2019 10:52 am