ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව 2020 ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව 2021 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන 35.9% කින් ඇමරිකානු ඩොලර් මිලියන 1,160.62 දක්වා වැඩි වී තිබේ. මෙය 2021 වසරේ මාසයක් තුළ දී ඩොලර් බිලියනය ඉක්මවූ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමක් වාර්තා වූ පස්වැනි අවස්ථාව වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අපනයන…
ශ්‍රී ලංකාවේ මානව ප්‍රාග්ධන කළමනාකරණ මෘදුකාංග සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයා වන hSenid Business Solutions සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව (IPO) ළඟදීම පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා වන ආයෝජක සමුළුව 2021 නොවැම්බර් 23 දින පැවැත්වෙන බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. Jetwing Colombo Seven හෝටලයේදී එදින පෙරවරු 10.30 සිට මෙම සමුළුව පැවැත්වීමට සැලසුම් කර…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශක අගය අද (19) දිනයේ දී ඒකක 366.17 කින් පහළ යන ලදී. මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 3.32% ක තරම් දැවැන්ත කඩා වැටීමක් වන අතර, දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,658.72 ක් ලෙසින් වාර්තා වී තිබුණි. කෙසේ වෙතත් සියලු…
හයිසන්ස් (Hisense) සහ හයර් (Haier) ජෛව වෛද්‍ය උපකරණ නිෂ්පාදන සමාගම් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ශාලා ස්ථාපනය කිරීමට දිරිගැන්වේ. චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා සහෝදරත්ව නගර සබඳතා ඇති කර ගැනීම සඳහා වන අභිප්‍රාය ලිපියේ අත්සන් තැබීමට ච්‍යුයින්තාඕ වෙත පැමිණි අවස්ථාවේදී සංචාරයක් සඳහා හයිසන්ස් සහ හයර් ජෛව වෛද්‍ය උපකරණ නිෂ්පාදන සමාගම්වල ප්‍රධාන කාර්යාල වෙත පැමිණීමට ආරාධනා කෙරිණි….
මෑතකාලීන ගෝලීය බොරතෙල් මිල ගණන් ඉහළ යෑමේ ප්‍රවණතාව සහ වසරේ ඉතිරි කාලය තුළ මෙම ප්‍රවණතාව අඛණ්ඩව පැවතිය හැකි බවට පළ වී ඇති පුරෝකථන හේතුවෙන් ඉදිරි කාලපරිච්ඡේදය සඳහා වත්මන් මිල සංශෝධනය ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරන ලද ‘මෑතකාලීන ආර්ථික ප්රවණතා – 2021 සුවිශේෂ සිදුවීම් සහ 2022 අපේක්ෂා‘ වාර්තාව…
ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්තශාලාව Flexicare Lanka නමින් පසුගියදා බණ්ඩාරගමදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණි. එක්සත් රාජධානියේ Flexicare Group සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුබද්ධිත ආයතනය වන Flexicare Lanka බණ්ඩාරගම ප්‍රදේශයේ ස්ථාපිත කෙරුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 15කට අධික ආයෝජනයක් ලෙසය. එමගින් නවීනතම වෛද්‍ය උපකරණ නිෂ්පාදනය කෙරේ. ලංකා නිෂ්පාදන ඉතිහාසයේ මෙවැනි අති නවීන වෛද්‍ය උපකරණ නිෂ්පාදන…
ක්‍රෙස්කැට් බුලෙවාඩ් (Crescat Boulevard) අලුත් වෙනසකට සූදානම් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින මේ මොහොතේ, සම්පූර්ණයෙන් නවීකරණය කරන ලද ක්‍රෙස්කැට් බුලෙවාඩ් (Crescat Boulevard) සාප්පු සංකීර්ණය අද (නොවැම්බර් 19) දින විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව එහි කළමනාකාරීත්වය පවසයි. නව මුහුණුවරක් ගත් සුපුරුදු අලෙවිසැල් මෙන්ම නවතම අලෙවිසැල් හා විශේෂාංග රාශියක්ද සහිත නව ක්‍රෙස්කැට් බුලෙවාඩ්…
සෙලාන් බැංකුව 2021 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස 9 ක කාලය තුළ රු. බිලියන 3.2 ක බදු පසු ලාභයක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ. මෙය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 45% ක වර්ධනයකි. බැංකුවේ ශුද්ධ පොලී ආදායම මෙම වසරේ අදාළ කාලසීමාව තුළ 14.76% කින් වර්ධනය වී රු. මිලියන 17,068 මට්ටමට පැමිණ තිබේ. මෙරට බැංකු…
පවතින කොවිඩ් වසංගත තත්වයන් හමුවේ මෙරට තොරතුරු සන්නිවේදන හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත අංශයේ ආර්ථිකමය දායකත්වය ඩොලර් බිලියන 1.2ක් දක්වා ඉහළ ගොස් ඇති බවට ” ‘Sri Lanka: Asia’s next IT/ITES destination’ ” ’ වාර්තාව පෙන්වාදෙයි. මෑතකාලයේ තොරතුරු තාක්ෂණික අංශයේ ක්රමික වර්ධනයක් පෙන්නුම් කල අතර එය තවදුරත් ඉදිරියට යමින් ඩිජිටල් තාක්ෂණ අංශයේ පුද්ගල ,ආයතනික ,හා කර්මාන්ත සදහා …
ප්‍රමාණවත් තොග පැවතීම නිසා බොරතෙල් ආනයනය නොකිරීම සහ පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයන පරිමාව අඩුවීම හේතුවෙන් 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී ඉන්ධන ආනයන වියදම පහළ ගිය ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2021 සැප්තැම්බර් මාසයේ විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ. “කෙසේ වෙතත් ආනයන පරිමාවන් පහළ ගිය ද, 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී ආනයන…
Video Story