Top News

“ජාතික තෙල් වායු සමාගම” පිහිටුවීමට කැබිනට් අනුමැතිය

වර්ෂ 2011 සිට 2013 දක්වා කාල වකවානුව තුළ මන්නාරම් ‍ද්‍රෝණියේ M2 බිම් කොටසේ සිදු කරන ලද ග‍වේෂණ අනුව මෙරට තුළ ඛනිජ තෙල් හා ස්වභාවික වායු නිධි පවතින බව තහවුරු වී ඇත. ඛනිජ තෙල් හා ස්වභාවික වායු නිපදවාගැනීම තුළින් දේශීය අවශ්‍යතාවය සඳහා ෆොසිල ඉන්ධන ආනයනය මත යැපීම අඩු කර ගැනීමටත්, අනාගතයේදී ස්වභාවික වායු අපනයනකරුවකු බව‍ට පත්…

(0)Comments | November 24, 2021 11:26 am

බෝගල පතලේ ආයෝජකයින්ට කොටස් වෙළෙඳපොළෙන් සුපිරි ඉල්ලමක් පෑදෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන බෝගල ග්‍රැෆයිට් ලංකා පීඑල්සී හි කොටසක මිල අද (23) දිනයේ දී 23.82% කින් ඉහළ යන ලදී. මේ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේ දී බෝගල ග්‍රැෆයිට් ලංකා පීඑල්සී හි කොටසක මිල රු. 144.25 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව රු. 27.75 ක වර්ධනයක් වේ. මේ අතර අද…

(0)Comments | November 23, 2021 5:54 pm

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් මූලික කොටස් නිකුතුවට අධි ඉල්ලුමක්

අද (23) දින විවෘත වූ  සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්  (Sarvodaya Development Finance – SDF) සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව සඳහා ආයෝජකයන්ගෙන් අධිදායකත්වයක් ලැබී ඇති බව එම සමාගම නිවේදනය කර සිටී. NDB ඉන්වෙස්ට්මන්ට් බෑන්ක් මගින් කළමනාකරණය කරනු ලැබූ මෙම කොටස් නිකුතුවේ දී එක් කොටසක් රු. 22.00 බැගින්, සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 45,454,546 ක් නිකුත් කරනු ලැබීය. මෙම…

(0)Comments | November 23, 2021 5:21 pm

ජීවිත රක්ෂණ නියෝජිතයින්ගේ ගැටළු සම්බන්ධයෙන් කම්කරු ඇමති කැඳවූ සාකච්ඡාව රක්ෂණ හාම්පුතුන් මගහරී

ජීවිත රක්ෂණ නියෝජිතයින් ලෙස වෘත්තියේ නියැලෙන්නන් හට මූලික වැටුපක් නොගෙවා ඔවුන් ස්වාධීන ගිවිසුම්කරුවන් ලෙස සලකා කටයුතු කිරීම හේතුවෙන් ඔවුන්ට මූලික වැටුපක් නොගෙවීම හා EPF, ETF දායකත්ව අරමුදල් නොලැබීම පිළිබඳව ඔවුන් විසින් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබුණු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (23) දින පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…

(0)Comments | November 23, 2021 12:42 pm

උද්ධමනය වේගයෙන් ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 6.2හි සිට 2021 ඔක්තෝබර් මාසයේ දී සියයට 8.3 දක්වා ඉහළ ගියේය. මේ සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය…

(0)Comments | November 23, 2021 10:14 am

DFCC බැංකුව වෙත ඇමරිකාවේ DFC මගින් මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නැංවීමට ඩොලර් මිලියන 150 ක ණය ආධාර

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, ඇමරිකා එක්සත් ජනපදයේ International Development Finance Corporation (DFC) සමග විශේෂ ගිවිසුමකට අත්සන් තැබීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම ගිවිසුම යටතේ DFC ආයතනය මගින් නිකුත් කරනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 150 ක දැවැන්ත ණය ආධාර මුදලක්, DFCC බැංකුව හරහා මෙරට සුළු, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වන උන්නතිය…

(0)Comments | November 22, 2021 5:34 pm

මහ බැංකුවට නව සහකාර අධිපතිවරු සිව්දෙනෙක්

මුදල් මණ්ඩලය විසින් 2021 නොවැම්බර් 17 වන දින පැවති රැස්වීමේ දී කේ. ජී. පී. සිරිකුමාර මහතා, ඩී. කුමාරතුංග මහතා, යූ. එල්. මුතුගල මහත්මිය සහ සී. පී. එස්. බණ්ඩාර මහතා 2021 නොවැම්බර් 17 වන දින සිට සහකාර අධිපති ධූරයට උසස් කරන ලදී.

(0)Comments | November 22, 2021 2:48 pm

ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානු සංචාරකයින් සඳහා මීළඟ සංචාරක ගමනාන්තය ලෙස මෙල්බර්න් හි දී ප්‍රවර්ධනය කෙරේ

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය පසුගිය (17) දින පැවති වෙබිනාර් සමුළුවේ දී ඕස්ට්‍රේලියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවට නැවත පැමිණෙන ලෙස ආරාධනා කළ අතර ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානු සංචාරකයින් අතර ප්‍රවර්ධනය කරන ලෙස වික්ටෝරියා, දකුණු ඕස්ට්‍රේලියා සහ තස්මේනියා ප්‍රාන්තවල සංචාරක ක්‍රියාකරුවන්ගෙන් ඉල්ලා සිටියාය. පූර්ණ එන්නත්කරණයට ලක් වූ සංචාරකයින් වෙනුවෙන් ලිහිල් කරන ලද කොවිඩ්…

(0)Comments | November 22, 2021 2:22 pm

වටිනාකම් මුල් කරගත් බැංකුකරණය සඳහා වන ගෝලීය එකමුතුවේ ආසියා පැසිෆික් හමුව SDB බැංකුවේ සාඩම්බර සංවිධානයෙන් පැවැත්වෙයි

වටිනාකම් මුල් කරගත් බැංකුකරණය සඳහා වන ගෝලීය එකමුතුව (Global Alliance for Banking on Values – GABV) යනු බැංකුකරණය හරහා සාධනීය වෙනසක් සිදු කිරිමට අපේක්ෂා කරන, ලොව පුරා විසිරුණු බැංකු හා මූල්‍ය ආයතන සමූහයක එකතුවකි. මේ සංවිධානයේ ආසියා පැසිෆික් කලාපයේ සාමාජිකයින්ගේ වාර්ෂික හමුව පසුගිය නොවැම්බර් මස 16 සහ 17 වැනි දින පැවත්වුණු අතර එහි සාඩම්බර සංවිධායකයා…

(0)Comments | November 22, 2021 12:27 pm

සියලු කොටස් මිල දර්ශකය ගණනය කිරීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමේ තීරණයක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ක්‍රියාත්මක සියලු කොටස් මිල දර්ශක අගය ගණනය කිරීමේදී මෙතෙක් පැවති පූර්ණ වෙළෙඳපොළ ප්‍රාග්ධන පදනම වෙනුවට චලිත වෙළෙඳපොළ ප්‍රාග්ධන (Float Adjusted Market Capitalization) පදනම ආදේශ කිරීමට නොවැම්බර් මස 15 වන දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී අනුමැතිය හිමිවිය. මෙය සියලුම අංශවල උපදේශනය සහිතව 2022 ජනවාරි මස සිට ක්‍රියාත්මක වීමට නියමිතව පවතී. මෙම නව ක්‍රමවේදය…

(0)Comments | November 22, 2021 9:33 am