Top News

කොටස් වෙළෙඳපොළ රු. ට්‍රිලියන 5 ක් දක්වා විශාල වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම ඊයේ (29) දින ගනුදෙනු අවසානයේ දී රු. බිලියන 4,999.31 ක් හෙවත් රු. ට්‍රිලියන 4.99 ක් ලෙසින් වාර්තා විය. මෙය මෙරට කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා වූ ඉහළම සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම වේ. සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක්…

(0)Comments | November 30, 2021 10:36 am

විදේශ සංචිතය ඩො බි. 1.5 දක්වා ඉතිහාසයේ අඩුම අගයට වැටෙයි. අඳුරු අනාගතයක පෙර නිමිත්තක් – ඉරාන් වික්‍රමරත්න

ඩොලර් මිලියන 300ක රන් සංචිතය ඇතුළුව විදේශ සංචිතය ඩොලර් බිලියන 1.5 දක්වා පහත වැටී ඇති බවට විපක්ෂය පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය රජය ප්‍රතික්ෂේප නොකළ බව සඳහන් කළ ඉරාන් වික්‍රමරත්න මහතා මෙය මසක ආනයන අවශ්‍යතාවයට ප්‍රමාණවත් නොවන  ඉතිහාසයේ අඩුම සංචිත ප්‍රමාණය යැයි පැවසීය මේ හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඉන්ධන හිඟයක් මතුවන බවත් ඉදිරියේදී රටේ විදුලිය විසන්ධි…

(0)Comments | November 30, 2021 8:20 am

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අරමුණු සඳහා ඇමරිකානු සහාය

USAID හි ඩොලර් මිලියන 19ක පස් වාර්ෂික නව ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අරමුණු සඳහා සහාය දෙයි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ඇ. ඩොලර් මිලියන 19ක, පස් වාර්ෂික නව වැඩසටහන වන ශ්‍රී ලංකාවේ බලශක්ති වැඩසටහන (Sri Lanka Energy Program) පිළිබඳව නොවැම්බර් 17 වැනි දින නිවේදනය කරන ලදී. අවශ්‍ය කටයුතු සම්පූර්ණ කළ පසු…

(0)Comments | November 29, 2021 5:58 pm

බොරතෙල් ටෙන්ඩරය දුන්නේ නයිජීරියාවේ ඉදිකිරීම් සමාගමකට. මහාපරිමාණයේ හොරකමක් – කබීර් හෂීම්

පසුගිය ජූලි මාසයේ දී මෙරටට බොරතෙල් ආනයනය කිරීම සඳහා වන බොරතල් බැරල් මිලියන 6.3 ක ටෙන්ඩරය ලබා දී ඇත්තේ තෙල් ක්ෂේත්‍රයේ කිසිදු අත්දැකීම් නොමැති නයිජීරියානු සමාගමකට බවත්, එය නයිජීරියානු ඉදිකිරීම් සමාගමක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී කබීර් හෂීම් මහතා අද (29) දින පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය. එම සමාගම මේ දක්වා ශ්‍රී ලංකාවට කිසිදු තෙල්…

(0)Comments | November 29, 2021 3:28 pm

ගෑස් සංයුතිය වෙනස් කිරීමෙන් සමාගම්වලට වෙන්නේ අලාභයක් – ලාෆ්ස් ගෑස් සභාපති

මේ දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධ ගිනිගැනීම් හා පිපිරීම් කිහිපයක්ම වාර්තා වීම හේතුවෙන් ඊට හේතූ ලෙස ගෑස්වල සංයුතිය වෙනස් කිරීම පිළිබඳ චෝදනාවක් ගෑස් සමාගම් වෙත එල්ල වී තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා පැවසුවේ එවැනි සංයුතිය වෙනස්කිරීමකින් කිසිදු වාණිජමය වාසියක් සිදුනොවන බවයි. තවද තම සමාගම කිසිදු ආකාරයකින්…

(0)Comments | November 29, 2021 1:16 pm

පිටරට සිට එවන මුදල් HNB Remittance වෙතින් ලබා ගත් වාසනාවන්ත ගනුදෙනුකරුවන්ට මුදල් ත්‍යාග

සංවර්ධනය සඳහා පේ‍්‍රෂණවල ප‍්‍රබල දායකත්වය පිළිබිඹු කරමින් සහ ශ‍්‍රී ලංකා මහ බැංකුව (CBSL) ශ‍්‍රී ලංකාවට පේ‍්‍රෂණ ගෙන්වා ගැනීම උදෙසා දරණ ප‍්‍රයත්නයන්ට සහයෝගය දක්වමින් මෙරට ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික අංශයේ වානිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෑතකදී ප‍්‍රවර්ධන වැඩසටහනක් දියත් කළේය. හැටන් නැෂනල් බැංකුව විසින් මුදල් පේ‍්‍රෂණ සේවාවන් සමග එක්ව දියත් කළ මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ තම…

(0)Comments | November 29, 2021 11:22 am

අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ටයෝ ජනපති අතින් සම්මාන ලබති

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒවා විවේචනයට ලක්වුවද නුදුරු අනාගතයේදීම එහි ප්‍රතිලාභ රටටත්, ජනතාවටත් හිමිවනු ඇති බව ජනාධිපතිවරයා කියා සිටි. කෙටිකාලීන අර්බුද ජයගත් පසු ආර්ථික සහන උදාකරගත හැකි වනු ඇති අතර, රට ගැන සිතා අවබෝධයෙන්…

(0)Comments | November 29, 2021 12:15 am

ආසියාවේ ධනවත්ම පුද්ගලයා වීමට අම්බානි – අදානි කරට කර සටනක්

Adani සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි සහ Reliance Industries හි සභාපති මුකේෂ් අම්බානි අතර මේ වන විට කරට කර සටනක් ඇති වී තිබේ. ඒ ආසියාවේ ධනවත්ම පුද්ගලයා වීමේ සටනයි. අද (26) දිනයේ දී Bloomberg Billionaires Index ට අනුව ඩොලර් බිලියන 89.7ක වත්කමකට හිමිකම් කියනු ලබන මුකේෂ් අම්බානි මෙම ලැයිස්තුවේ 12 වැනි තැනටත් ඩොලර් බිලියන 89.1ක…

(0)Comments | November 26, 2021 6:24 pm

හැලි අරක්කුවලින් විස්කි. යාපනයට ‘පැරඩයිස් අයිලන්ඩ්‘ එකක්. මුහුද ගොඩකරලා සත්තු වත්තක් – ආර්ථිකය ගොඩගන්න උද්දිකගෙන් නව අදහස් රැසක්

නව අදහස් නිවැරදි ලෙස ග්‍රහණය කර ගත හැකි වුවහොත් ශ්‍රී ලංකාවට මුදල් ඉපයීම අසීරු දෙයක් නොවන බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසයි. ඊයේ (25) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. වැදගත් වන්නේ අදහස මිස පුද්ගලයා නොවන බව ඔහු මෙහිදී අවධාරණය කළේය. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී කියලා කියනවා. මම…

(0)Comments | November 26, 2021 4:07 pm

IMF ගියොත් රජයේ සේවකයින් අඩුකරන්න කියයි – මහ බැංකු අධිපති

මේ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියහොත් රජයේ සේවකයින් ප්‍රමාණය අඩුකිරීම, විශ්‍රාම වැටුප් අඩුකිරීම හෝ කප්පාදු කිරීම වැනි කොන්දේසිවලට මුහුණ දීමට සිදුවිය හැකි බවත් ඔවුන්ගේ ප්‍රතිසංස්කණ න්‍යාය පත්‍රයන් හි සාමාන්‍යයෙන් එවැනි කොන්දේසි ඇතුළත් වන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ඊයේ (25) මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව…

(0)Comments | November 26, 2021 2:11 pm