සැම්බෝ ක්‍රීඩාව සඳහා ජාතික සංගමය වන ශ්‍රී ලංකා සැම්බෝ සම්මේලනය, ජුජිට්සු ක්‍රීඩාව සඳහා ජාතික සංගමය වන ශ්‍රී ලංකා ජුජිට්සු සම්මේලනය සහ ස්ක්‍රැබල් ක්‍රීඩාව සඳහා ජාතික සංගමය වන ශ්‍රී ලංකා ස්ක්‍රැබල් සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට්…
විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට මුදල් එවීමේ දී නිල මාර්ග පමණක් යොදා ගන්නා ලෙසත්, නිල නොවන මාර්ගවලින් මුදල් ප්‍රේෂණය කිරීම දැනුවත්ව හෝ නොදැනුවත්ව නීතිවිරෝධී කටයුතුවලට සහාය දීමක් බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. පසුගිය (04) දා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළ මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයෙහි දැවැන්ත කඩා වැටීමක් අද (03) දිනයේ දී වාර්තා විය. ඒ අනුව දිනය තුළ දී සියලු කොටස් මිල දර්ශකයෙහි ඒකක 263.98 ක හෙවත් 2.35% ක විශාල පහළ යාමක් වාර්තා කළ අතර එය දිනය අවසානයේ දී ඒකක 10,988.32 ක් ලෙසින් සටහන්ව තිබුණි. සියලු කොටස් මිල දර්ශකය 2021 නොවැම්බර් 25 දින…
අද (03) දිනයේ දී විවෘත කෙරුණු hSenid Business Solutions සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව (IPO) සඳහා ආරම්භක දිනයේ දීම අධිදායකත්වයක් ලැබී තිබේ. ඒ අනුව අද පස්වරු 4.30 ට නිකුතුව වසා දැමීමට තීරණය කර ඇති බව hSenid Business Solutions සමාගම වෙනුවෙන් කෝපරේට් සර්විසස් (පුද්) සමාගම, කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. මෙම මූලික කොටස් නිකුතුවේදී…
විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ දූත කාර්යාලවල සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම කඩිනම් කිරීමේ අරමුණින්, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය යනාදීහු 2021 දෙසැම්බර් 01 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ දූත කාර්යාලවල ප්‍රධානීන් ඇමතූහ. ශ්‍රී ලංකා සංචාරක…
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. මේ සම්බන්ධයෙන් ඊයේ (02) දිනයේ දී ආයෝජන මණ්ඩලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ නමුත් එහි මෙසේ ඉල්ලා අස්වූ නිලධාරීන්ගේ නම් සඳහන් කිරීමක් සිදුකර නොතිබුණි. වාර්තා වන පරිදි ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල, අධ්‍යක්ෂ ජනරාල් පසන් වනිගසේකර, අධ්‍යක්ෂ මණ්ඩල…
නිල නොවන මාර්ග ඔස්සේ මුදල් යැවීම් එවීම් සිදුකරනු ලබන බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව අවධාරණය කර සිටී. Bank accounts of those who distribute and receive #money through #unlawful money transmission methods will…
Marubeni Corporation ශ්‍රී ලංකාවේ සුළං බලශක්ති ව්‍යාපෘතිය, රෙදිපිළි සහ විදුලි වාහන කර්මාන්තය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 375ක් ආයෝජනය කිරීමේ හැකියාව පිළිබඳව ගවේෂණය කරයි මෙගාවොට් 200ක බලයකින් යුත් මන්නාරම සුළං බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන ආයෝජන අවස්ථාවක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මරුබේනි සංස්ථාවේ ආසියාව සඳහා වන විධායක කළමනාකාර කණ්ඩායම ශ්‍රී ලංකාව තුළ සංචාරයක නිරත විය. මෙම සංචාරය…
වර්තමානයේ දී මෙරට ආර්ථිකයට සිදුව ඇත්තේ ඉබාගාතේ ගිය නැවක් කුණාටුවකට හසුවුණු ආකාරයේ සිදුවීමක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනුර කුමාර මහතා පවසයි. ඊයේ (01) විකාශය වූ දෙරණ ‘අලුත් පාර්ලිමේන්තුව‘ වැඩසටහන හා එක්වෙමින් මහාචාර්යවරයා මේ බව පැවසීය. ගුවන්යානයක් එන්නේ තමන් පටන් ගත්ත තැන සහ ගමාන්නතය දැනගෙන. ඒකට අවශ්‍ය ඉන්ධන, ඒ කාලෙට අවශ්‍ය කෑම ඇතුළු එහි සිටින…
චෙන්නායි හි ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් මහතාගේ ආරාධනාවකට අනුව ඉන්දියාවේ දකුණු දිග පිහිටි ප්‍රාන්ත කේන්ද්‍ර කොටගත් පේෂ කර්මාන්ත සංගම්වල එකමුතුවක් වන ‘දකුණු ඉන්දියානු පවර්ලූම් සම්මේලනයේ’ නියෝජිත පිරිසක් එහි සභාපති එම්. එස්. මදිවනන් මහතා සමඟ 2021 නොවැම්බර් 22 වැනි දින ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. අතීතයේ පටන් ඉන්දියාවේ පවර්ලූම් කර්මාන්තය සඳහා දකුණු…
Video Story