Top News

දේශපාලනික වාසි උදෙසා සිදුවන ප්‍රතිපත්ති වෙනස්වීම් ගැන මහ බැංකුව මෙසේ කියයි

නව දේශීය ආදායම් පනත ක්‍රියාවට නැංවීමත් සමඟම ආදායම් බදු අය කිරීමේ ආදායම් පරාසයන් ද පුළුල් ලෙස වෙනස්විය. එහිදී විශාල වශයෙන් ආදායම් ලබන වෘත්තිකයින්ගෙන් වැඩි බදු ආදායමක් ලැබෙන පරිදි දේශීය ආදායම් පනත අලුත් වූ අතර ඊට විවිධ පාර්ශවවලින් දැඩි විරෝධයක් එල්ල වනු දක්නට ලැබිණි. එහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මේ සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතාවය ද සුළු පටු නොවේ….

(0)Comments | August 7, 2018 12:47 pm

අලාභ ලැබූ ලංකා IOC මාස 03 කදී රු. මිලියන 245 ක ලාභයක් වාර්තා කරයි

ලංකා IOC සමාගමේ 2018 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. මෙම ප්‍රතිඵලවලට අනුව ලංකා IOC සමාගම පසුගිය කාර්තුවේ දී රුපියල් මිලියන 245.86 ක බද ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර ඇත. මෙහි ඇති වි‍ශේෂත්වය වනුයේ 2017 ජූනි කාර්තුවේ දී ලංකා IOC සමාගම විසින් රුපියල් මිලියන 135.23…

(0)Comments | August 7, 2018 10:54 am

කොමර්ෂල් බැංකුව 2018 වසරේ ලංකාවේ හොඳම බැංකුව ලෙස යුරෝමනී සම්මානය ලබයි

ලෝකයේ ප‍්‍රමුඛතම මූල්‍ය සඟරාවක් වන යුරෝමනී විසින් පසුගියදා හොංකොංහි පැවැත්වූ විශිෂ්ටත්වය වෙනුවෙන් ලබාදෙන ආසියානු සම්මාන ප‍්‍රදානයේදී 2018 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙසින් කොමර්ෂල් බැංකුව සම්මානයට පාත‍්‍රකර ඇත. මෙම ගෞරවණීය සම්මානයෙන් කොමර්ෂල් බැංකුව මෙවර පිදුම් ලබා තිබෙන්නේ පස්වන වතාවටයි. මෙම සම්මානය ලබාදෙන්නේ යුරෝමනී සඟරාවේ කර්තෘවරුන්, ජනමාධ්‍යවේදීන් සහ සමීක්ෂණ කණ්ඩායම විසින් කලාපයේ බැංකුකරණය සහ ප‍්‍රාග්ධන වෙළඳ…

(0)Comments | August 7, 2018 10:15 am

ආයුර්වේද නිෂ්පාදන අලෙවි ආදායම රුපියල් මිලියන 500 ඉක්මවයි

ශ‍්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අලුතින් ඉදිකරන ලද සිව්මහල් ගබඩා සංකීර්ණය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් ඊයේ (06) පෙරවරුවේ විවෘත කෙරිණි. ආයුර්වේද ඖෂධ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන හරහා මිලට ගනු ලබන වියළි ඖෂධ සහ නිෂ්පාදිත ඖෂධ ගබඩා කිරීම සඳහා මෙම නව ගබඩා සංකීර්ණය ඉදිකර තිබේ. සෞඛ්‍ය සම්පන්න ජන සමාජයක් අරබයා දේශීය වෛද්‍ය විද්‍යාවේ අනන්‍යතාව ආරක්ෂා කරගනිමින්…

(0)Comments | August 7, 2018 10:06 am

ඔටාරා සිංගර් අධ්‍යක්ෂ මණ්ඩලයට

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යවසායිකාවක වන ඔටාරා ගුණවර්ධන මහත්මිය පසුගිය අගෝස්තු 01 දින සිට බලපැවැත්වෙන පරිදි සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හි විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙසින් පත් කර තිබේ. 1877 දී ඇරඹි සිංගර් (ශ්‍රී ලංකා) සමාගමේ වසර 140 කට අධික ගමන් මග තුළ එහි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වූ පළමු කාන්තාව ලෙසින් ද ඔටාරා ගුණවර්ධන මහත්මිය…

(0)Comments | August 6, 2018 3:14 pm

මූල්‍ය සමාගම් ඒකාබද්ධ කිරීම වක්‍රාකාරයෙන් සිදුවෙනවා – මහ බැංකු නියෝජ්‍ය අධිපති කියයි

2014 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලද බැංකු නොවන මූල්‍ය සමාගම් ඒකාබද්ධ කිරීමේ වැඩසටහන ප්‍රතිපත්තියක් ලෙසින් වෙනස් කරන්නට සිදුවුවත් එය මේ වන විට වක්‍රාකාරයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සී.ජේ.පී. සිරිවර්ධන මහතා පවසයි. පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ…

(0)Comments | August 6, 2018 2:28 pm

යොවුන් ව්‍යවසායකයින් 47කට මිලියන 21ක්

යොවුන් ව්‍යවසායකයින් නගා සිටුවීම අරමුණ කරගනිමින් අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මැදිහත්වීම මත ක‍්‍රියාත්මක වන තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමය මගින් මේ වන විට දිරිය තරුණ තරුණියන් 47 දෙනෙකුට මිලියන 21කට අධික ණය මුදලක් ලබා දී ඇත. මෙම ණය යෝජනා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලංකා බැංකුව මගින් නිකුත් කළ ප‍්‍රගති සමාලෝචන වාර්තා ඇසුරින් මෙම තොරතුරු…

(0)Comments | August 6, 2018 12:11 pm

විදේශිකයෝ ඩොලර් මිලියන 229 ක බැඳුම්කර ආයෝජන ඉවත් කර ගනිති

2018 ජූලි අවසාන සතිය තුළ දී රුපියල් මිලියන 1,290 ක වටිනාකමකින් යුතු රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජන ඉවත් කර ගැනීමට විදේශිකයින් විසින් කටයුතු කර තිබේ. මෙහිදී 2018 ජූලි 24 දින වන විට රුපියල් මිලියන 289,097 ක්ව පැවති රාජ්‍ය සුරැකුම්පත් ආයෝජනවල විදෙස් හිමිකාරීත්වය, 2018 අගෝස්තු 01 දින වන විට රුපියල් මිලියන 287,807 ක් දක්වා අඩු වී ඇති බව ශ්‍රී…

(0)Comments | August 6, 2018 11:05 am

ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියට රාජ්‍ය නිලධාරීහූ 84,000 ක් එක්වෙති

රාජ්‍ය නිලධාරීන් අසුහතර දහසක් පමණ දෙනා මේ වන විට  ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියේ දෙවන සංස්කරණයේ පළමු  අදියර (LGN2.0) සදහා  නිල වශයෙන් ලියාපදිංචි වී සිටින බව අනාවරණය වේ. කාර්යක්ෂම පුරවැසි සේවාවන් සැපයීම සදහා රාජ්‍ය ආයතන එකිනෙකට සම්බන්ධ කරමින් එම ආයතන අතර තොරතුරු හුවමාරු කර ගැනීම කඩිනම් කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුකෙරේ. ලංකා රාජ්‍ය  ජාල ව්‍යාපෘතියේ දෙවන…

(0)Comments | August 6, 2018 10:07 am

සිංගප්පූරු ගිවිසුමෙන් අපනයන වාසියක් නැහැ – මහ බැංකු අධිපති

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා, ශ්‍රී ලංකාවට සැලකිය යුතු අපනයන වාසියක් ලැබන්නේ නැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. පසුගිය දා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව පැවසුවේ මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි. “මට තේරෙන විදියට Singapore agreement එකෙන් අපිට export advantage එකක්…

(0)Comments | August 5, 2018 1:00 pm