Top News

දුම්රිය හරස් මාර්ග ආරක්ෂාවට හංගේරියාවෙන් යෝජනා

ශ්‍රී ලංකාව තුළ දුම්රිය හරස් මාර්ග 1,337ක් පිහිටා ඇති අතර, මින් 520ක ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මකව පවතියි. මීට අමතරව දුම්රිය හරස් මාර්ග 400ක ආරක්ෂණ පද්ධති සවි කිරීමට අදාළ කටයුතු සිදු වෙමින් පවතියි. ඉතිරි දුම්රිය හරස් මාර්ග 417හි ආරක්ෂණ පද්ධති සැපයීම, සවි කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය සහාය ලබා දීම පිණිස හංගේරියානු රජය විසින් සිය එකඟතාව…

(0)Comments | August 16, 2018 10:36 am

කටුනායක ගුවන්තොටේ මුදල් හුවමාරු සේවා පවත්වාගෙන යාමට ලංසු කැඳවයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ භාවිත කරමින් විදේශ රටවලට සංචාරය කරනු ලබන මඟීන්ගේ මූල්‍ය හා විදේශ විනිමය අවශ්‍යතා පහසුවෙන් සපුරා ගැනීමට හැකිවන පරිදි පිටත්වීමේ පර්යන්තය තුළ පිහිටුවා ඇති බැංකු සහ මූල්‍ය ආයතන විසින් පවත්වාගෙන යනු ලබන මුදල් හුවමාරු කවුළු සංඛ්‍යාව 06ක් දක්වා වැඩිකිරීම සහ 2019 වර්ෂයේ සිට ඉදිරියට එම සේවා පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා…

(0)Comments | August 16, 2018 10:04 am

ඇලූමෙක්ස් PLC ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පූර්ණ ස්වයංක‍්‍රීය ඇලූමීනියම් හැඩගැස්වීමේ කම්හල සහ දකුණු ආසියාවේ ප‍්‍රථම සිරස් පවුඩර් ආලේපන පහසුකම ඒකල දී විවෘත කරයි

මෙරට ඇලූමීනියම් හැඩගැස්වීමේ නිෂ්පාදක ඇලූමෙක්ස් පසුගියදා මෙරට ප‍්‍රථම පූර්ණ ස්වයංක‍්‍රීය ඇලූමීනියම් හැඩගැස්වීමේ කම්හල සහ පේටන්ට් බලපත‍්‍ර සහිත SAT Travisan CUBE තාක්ෂණය සඳහා දකුණු ආසියාවේ ප‍්‍රථම සිරස් පවුඩර් ආලේපන පහසුකම ජා ඇල ඒකලදී විවෘත කරන ලදී. මිනුවන්ගොඩ පාරේ අංක 138/4 දරන ස්ථානයේ පිහිටා ඇති ශ‍්‍රී ලංකා රුපියල් බිලියන 2ක දැවැන්ත ව්‍යාපෘතියක් වන මෙය පරිමාණය සහ නිෂ්පාදනය…

(0)Comments | August 16, 2018 9:59 am

ශ්‍රීලංකන් කොචින් වෙත සිදුකරන ගුවන් ගමන් අගෝස්තු මස 18 වැනිදා තෙක් අත්හිටුවයි

ඉන්දියාවේ  කොචින්  ගුවන් තොටුපළ ගංවතුර ආපදා තත්වය  හේතුවෙන්  වසා දැමේ ශ්‍රීලංකන්  ගුවන් සමාගම දකුණු ඉන්දියාවේ කොචින් නගරයෙහි දැනට පවතින ගංවතුර ආපදා තත්වය මත එම ගුවන් තොටුපළ වසා දැමීම හේතුවෙන් අගෝස්තු මස 18 වැනිදා වන තෙක්  සිය ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු කර ඇත. අද දින සිට (අගෝස්තු 15 වැනිදා සිට) කොචින්  ගුවන්  තොටුපළෙහි පවතින අයහපත් ගංවතුර…

(0)Comments | August 15, 2018 11:59 pm

ස්මාට් සමාජ කව උතුරු නැගෙනහිර පළාත්වලටත්

ස්මාට් සමාජ කව උතුරු නැගෙනහිර පළාත් වල ස්ථාපිත කිරීම ආරම්භ කෙරේ. එම දෙපළාතේ ස්ථාපිත කිරීමට නියමිත ස්මාට් සමාජ කව ගණන 114කි. මේ අනුව උතුරු පළාතේ යාපනය වව්නියාව කිලිනොච්චිය මුලතිව් සහ මන්නාරම යන  දිස්ත්‍රික්ක  කේන්ද්‍ර කර ගනිමින් ස්මාට් සමාජ කව 53ක්ද නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය අම්පාර සහ මඩකලපුව යන  දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ස්මාට් සමාජ කව 61ක්…

(0)Comments | August 14, 2018 3:34 pm

ලංගම නව බස් නඩත්තුව හංගේරියානු සමාගමකට

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් හංගේරියාවෙන් ගෙන්වීමට යන වායු සමනය කරන ලද බස්රථ 1000 ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ඒවා සපයන හංගේරියානු සමාගම එක්ව පිහිටුවනු ලබන හවුල්කාර සමාගමක් මඟින් මඟී ප්‍රවාහනය සඳහා යොදා වනු ඇත. විදුලියෙන් ධාවනය කෙරෙන බස්රථ 250ක් සහ හයිබ්‍රිඩ් බස්රථ 750 ක් මෙම බස්රථ 1000ට අයත් වේ. මෙයින් විදුලි බස්රථ 250…

(0)Comments | August 14, 2018 6:49 am

ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමූහයේ ආරෝග්‍යශාලා හස්තය වන ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී, 2018 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තා ඊයේ (13) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කරන ලදී. මෙම වාර්තාවලට අනුව ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයේ බදුගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 417.19 සිට රු. මිලියන 411.25 ක් දක්වා 1.4% කින් සුළු පසුබැස්මක්…

(0)Comments | August 14, 2018 6:19 am

හේලීස් ආදායම මාස 03 කදී රු. බිලියන 50 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී 2018/19 පළමු කාර්තුව තුළ දී රු. බිලියන 50.6 ක ආදායමක් වාර්තා කර තිබේ. මෙය පූර්ව වර්ෂයේ සමාලෝචිත කාර්තුව හා සැසඳීමේ දී 74% ක වර්ධනයකි. මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවූයේ සමූහයේ පාරිභෝගික හා සිල්ලර වෙළෙඳ අංශය වෙතින් ලබා දී තිබෙන ආදායම් දායකත්වය රු. බිලියන 1.2…

(0)Comments | August 13, 2018 3:06 pm

මහ බැංකුව අද රු. මිලියන 98,000 ක බැඳුම්කර නිකුත් කරයි

අද (13) දින කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රු. මිලියන 98,000 ක වටිනාකමකින් යුතු බැඳුම්කර නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 2023 හා 2028 වසරවල දී කල්පිරෙන අයුරින් නිකුත් කරන ලද මෙම බැඳුම්කර සඳහා ලැබුණු ලංසුවලින් පිළිවෙලින් රු. මිලියන 45,000 හා රු. මිලියන 53,000 බැගින් අනුමත කරන ලදී….

(0)Comments | August 13, 2018 2:41 pm

යොවුන් නව නිර්මාණ අරමුදල ඇරඹීමට රු. මිලියන 100 ක්

තරුණ දිනය වෙනුවෙන් ගමට කෝටියේ වැඩසටහන යටතේ 1,500 ක පිරිසකට මුදල් ලබා දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 2018 ජාත්‍යන්තර තරුණ දින සැමරුම වෙනුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති උත්සවයක් අවසානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය. මෙහිදී යොවුන් නව නිපැයුම්කරුවන්ගේ ප්‍රදර්ශනයක් ද පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය…

(0)Comments | August 13, 2018 1:54 pm