Top News

හරි පාරෙන් ඩොලර් එව්වොත් මහ බැංකුවෙන් බෝනස්

විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙම දෙසැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවේ බැංකු ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් හරහා ප්‍රේෂණය කරනු ලබන සෑම ඩොලරයක් සඳහා ම රුපියල් 10 ක වැඩිපුර මුදලක් ලබා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ෆේස්බුක් පිටුවෙහි මේ බැංකුව සඳහන් කර ඇත. මේ අතර විධිමත් නිල මුදල්…

(0)Comments | December 1, 2021 6:21 pm

ජාතික පුස්තකාලය සහ තවත් මහජන පුස්තකාල 25 ක් ඩිජිටල්කරණය කෙරේ

දිවයිනේ උතුරු නැගෙනහිර ඇතුළු සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි  ජාතික පුස්තකාලය  සහ තවත් මහජන පුස්තකාල 25 ක් ආදර්ශ ඩිජිටල් පුස්තකාල ලෙස සංවර්ධනය  කෙරේ . ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුම් අත්සන්  කිරීම  ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා අදාළ පළාත් පාලන ආයතන අතර ඊයේ (30 ) සිදුකෙරිණ . නවීන…

(0)Comments | December 1, 2021 5:31 pm

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට ඉස්ලාමීය රටවල සහයෝගය අඛණ්ඩව අපේක්ෂා කරනවා – අගමැති

ඉස්ලාමීය රටවල තානාපතිවරු හා මහ කොමසාරිස්වරු අගමැති හමුවෙති ඉස්ලාමීය රටවල තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන්ගේ හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) රාත්‍රියේ දී කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි. මෙම සුවිශේෂි හමුව සහ රාත්‍රි භෝජන සංග්‍රහය සංවිධානය කර තිබුණේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ ආරාධනාව අනුවය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී පැමිණි…

(0)Comments | December 1, 2021 5:07 pm

INSEE සිමෙන්ති, සිය සැපයුම් දාමයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදන සමාගම වන INSEE සිමෙන්ති, හම්බන්තොට වරාය හරහා ගාල්ලේ පිහිටි තම කර්මාන්ත ශාලාව වෙත අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ කාර්යක්ෂමතාව සහතික කිරීම වෙනුවෙන් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) සමඟ අවබෝධතා  ගිවිසුමක් අත්සන් තැබූ අතර, එමගින් සමාගමේ මෙහෙයුම් කටයුතුවල කාර්යක්ෂමතාවෙහි ධනාත්මක වර්ධනයක් අපේක්ෂා කරයි. මේ වෙනුවෙන් හම්බන්තොට සාමුද්‍රීය මධ්‍යස්ථානයේ පැවැත්වුණු උත්සවයේ දී INSEE සිමෙන්ති…

(0)Comments | December 1, 2021 3:05 pm

ලාෆ්ස් ගෑස් සමාගමෙන් දැනුම් දීමක්

දේශීය පාරිභෝගික සුබසිද්ධිය වෙනුවෙන් දේශීය ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක වන ලාෆ්ස් ගෑස් සමාගම සැමවිටම පාරිභෝගිකයාගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා සියලුම ක්‍රියාමාර්ග සහ ආයෝජනයන් සිදුකරන අතරම, වැඩි ගුණත්වයෙන් යුතු එල් පී ගෑස් සහ උපාංග පාරිභෝගිකයා වෙත ලබාදීමට කැපවී සිටින බව නිවේදනයක් නිකුත් කරමින් ලාෆ්ස් ගෑස් සමාගම පවසයි. එසේම කිසිදු ලාභ අපේක්ෂාවක් වෙනුවෙන් එල් පී ගෑස්වල, සිලින්ඩර හෝ…

(0)Comments | December 1, 2021 10:02 am

වසර 10 ක් තුළ ඉහළම උද්ධමනය නොවැම්බරයේ දී වාර්තා වෙයි

2021 නොවැම්බර් මාසයේ දී කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය සියයට 9.9 දක්වා ද වාර්ෂික සාමාන්‍ය උද්ධමනය සියයට 5.3 දක්වා ද ඉහළ ගියේය කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 7.6හි සිට 2021 නොවැම්බර්  මාසයේ දී සියයට 9.9 දක්වා ඉහළ ගියේය. රොයිටර්ස් මාධ්‍ය…

(0)Comments | December 1, 2021 9:37 am

කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඉතිහාසයේ ඉහළම තැනට

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම මිල දර්ශක අගයයන් අද (30) දිනයේ දී සටහන් විය. මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 238.44 ක දැවැන්ත ඉහළ යාමක් දිනය තුළ වාර්තා වීම විශේෂත්වයකි. එය පෙර දිනයට සාපේක්ෂව 2.13% ක වර්ධනයක් වේ. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,440.53 ක් ලෙසින් වාර්තා…

(0)Comments | November 30, 2021 3:44 pm

රන් මිලෙහි සුළු අඩුවීමක්. පවුමක මිල මෙන්න

අද (30) දින කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 107,800 ක් ලෙසින් වාර්තා වේ. මීට අමතරව කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 116,500 ක් ලෙසින් සටහන්ව ඇත. මෙය ඊයේ (29) දිනයට වඩා සුළු මිල අඩු වීමකි. පෙර දිනයේ දී කැරට් 22 රන් පවුමක මිල රු. 108,300 ක් හා කැරට් 24 රන්…

(0)Comments | November 30, 2021 3:29 pm

ශ්‍රී ලංකාවේ කාර්මික සංවර්ධනය සදහා වන ඒකාබද්ධ යෝජනාවලියට අත්සත් තැබේ

කර්මාන්ත අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) සමග එක්ව 2021-2025 වසර 05 සදහා ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සදහා වන ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවේ සමාරම්භක හමුව සහ කාර්මික සංවර්ධනය පිළිබද ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ එකගතාවට අත්සන් තැබීම, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් දයා රත්නායක හා එක්සත් ජාතීන්ගේ කාර්මික…

(0)Comments | November 30, 2021 12:34 pm

රත්මලාන මොරටුව අපජලය බැහැර කිරීම චීන සමාගමකට

රත්මලාන/මොරටුව අපජලය බැහැර කිරීමේ ව්‍යාපෘතියේ පියවර 1 – අදියර 2 සඳහා මලාපවහන රැස් කිරීමේ ජාලය පුළුල් කිරීම ශ්‍රී ලංකා රජයේ සහ සංවර්ධනය සඳහා ප්‍රංශ නියෝජිත ආයතනයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක කරනු ලබන රත්මලාන මොරටුව අපජලය බැහැර කිරීමේ ව්‍යාපෘතියේ පියවර 1 – අදියර 2 යටතේ දැනට පවතින මලාපවහන පහසුකම තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර ඇත. එම ව්‍යාපෘතිය…

(0)Comments | November 30, 2021 10:58 am