ශ්රී ලංකාවේ ප්රමුඛ කොරුගේටඩ් ඇසුරුම් (Corrugated carton) නිෂ්පාදන සමාගමක් වන Ex-Pack Corrugated Cartons සමාගම සිය මූලික මහජන කොටස් නිකුතුවට පෙර පැවැත්වූ අතථ්ය (Virtual) ආයෝජක සම්මන්ත්රණය සහ විශ්ලේෂකයන් සඳහා වූ වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව 2021 ඔක්තෝබර් 22 දින පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඉන් අනතුරුව එම සමාගම කොළඹ කොටස්…
ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා ලංකා අයි.ඕ.සී. සමාගම විසින් රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. මෙහිදී අවම වශයෙන් පෙට්රල් ලීටරයක් රු. 15 කින් හා ඩීසල් ලීටයක් රු. 25 කින් ඉහළ නැංවිය යුතු බව ලංකා අයි.ඕ.සී. සමාගමේ ඉල්ලීම වී තිබේ. මේ අතර ඊයේ (11) පැවති මාධ්ය හමුවක දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත්…
පන්නිපිටිය, වීර මාවතේ වියත්පුර නිවාස 500 සහ කොට්ටාව Green Arcade Apartment නිවාස 300 නිවාස නොමැති මධ්යම පාංතික පවුල් ඉලක්ක කරගනිමින් ඉදිකෙරෙන තවත් නිවාස ව්යාපෘති 02 ක ඉදිකිරීම් නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය, අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කඩිනම් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය මඟින් කටයුතු කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්යාංශය ප්රකාශ කරයි. ඒ අනුව පන්නිපිටිය, විරමාවතේ වියත්පුර සහ කොට්ටාව ග්රීන් ආකේඩ්…
චෙන්නායි හි ශ්රී ලංකා නියෝජ්ය මහ කොමසාරිස් කාර්යාලය තමිල්නාඩු පවර්ලූම් සම්මේලනය සමඟ එක්ව 2021 ඔක්තෝබර් 06 වැනි දින දූත මණ්ඩල පරිශ්රයේ දී වෙළඳ හා ආයෝජන නියෝජිත කණ්ඩායමක් සමඟ රැස්වීමක් සංවිධානය කළේය. ඇඟලුම් අංශයේ කටයුතු කරන අය සඳහා ශ්රී ලංකාවේ පවතින ව්යාපාර හිතකර පරිසරය මෙන්ම වෙළඳ හා ආයෝජන අවස්ථා පිළිබඳව රෙදිපිළි නිෂ්පාදකයන් දැනුවත් කිරීම මෙම හමුවේ…
2022 වර්ෂයේ කල් පිරෙන ශ්රී ලංකාවේ ජාත්යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වට්ටම් සහිත ව ලන්සු තැබුණ ද, අවශ්ය ප්රමාණ මිල දී ගැනීමට නො හැකි වීම 2021.10.01 දින ශ්රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලද “සාර්ව ආර්ථික හා මූල්ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම” ට අනුව ඉදිරි වසර තුන අවසන් වන විට…
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලංකා බැංකුවට හා මහජන බැංකුවට ඩොලර් බිලියන 3.6 ක් ණය බවත්, එම ඩොලර් ණය සඳහා වාර්ෂිකව 5.5% ක පොළියක් ගෙවනු ලබන බවත් බලශක්ති අමාත්ය උදය ගම්මන්පිල මහතා පවසයි. අද (11) පැවති මාධ්ය හමුවක දී අමාත්යවරයා මේ බව අනාවරණය කළේය. එසේම සියයට 7 ක කොමිස් මුදලක් ගෙවා ඩොලර් බිලියන 2.5ක ණයක් ගැනීමට…
කොවිඩ් හේතුවෙන් රට වසා දමා තිබූ කාලය තුල ලබා ගත නොහැකිවූ වාහන අදායම් බලපත්ර අලුත් කර ගැනීම සඳහා ඉතා වැඩි ජනතාවක් ඒකරාශී වීම හේතුවෙන් දිවයින පුරා සියළු ප්රාදේශීය ලේකම් කාර්යාල වල ආදායම් බලපත්ර නිකුත් කිරීමේදී බාධා ඇතිවී තිබෙන බව ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිවේදනය කරයි. ICTA ආයතනය, පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තු…
කොළඹ සහ කත්මණ්ඩු සම්බන්ධ කරමින් ශ්රී ලංකන් ගුවන් සමාගම විසින් මෙහෙයවනු ලබන, මෑතකදී ආරම්භ කෙරුණු සෘජු ගුවන් ගමන් ශ්රී ලංකාවේ සහ නේපාලයේ ව්යාපාරික කර්මාන්ත විසින් පිළිගනු ලැබූ අතර, එමඟින් දෙරට අතර සංචාරක ව්යාපාරය ප්රවර්ධනය කිරීම සඳහා තිබූ දිගුකාලීන බාධාව ඉවත් කෙරිණි. මෙම පසුබිම තුළ, නේපාලයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය නේපාල සංචාරක මණ්ඩලය (NTB) සහ ශ්රී ලංකා සංචාරක…
2021 වසරේ 07 වැනි මුදල් ප්රතිපත්ති විවරණය එළඹෙන ඔක්තෝබර් 14 දින ප්රකාශයට පත්කරනු ලබන බව ශ්රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී. අජිත් නිවාඩ් කබ්රාල් මහතා නැවත වරක් මහ බැංකු අධිපති ධූරයට හා මුදල් මණ්ඩල සභාපති ධූරයට පත්වූ පසු එළිදකින පළමු මුදල් ප්රතිපත්ති විවරණය මෙයයි. මේ අතර ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2021…
කුරුණෑගල පිහිටි ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිල්ම් ප්රඩක්ෂන් ඉන්ටර්නැෂනල් කම්පැනි (ප්රයිවට්) ලිමිටඩ් සමාගම විසින් නීතිවිරෝධී ආකාරයෙන් මහජනතාවගෙන් රු. බිලියන 10.3 ක තැන්පතු භාරගෙන ඇති බව රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්රී ජේ.සී. අලවතුවල මහතා යොමු කළ ප්රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්ය අමාත්ය සේමසිංහ මහතා පසුගිය සිකුරාදා (08) පාර්ලිමේන්තුවේ දී මේ බව අනාවරණය කළේය. මෙම…
Video Story