Top News

විසිතුරු මත්ස්‍ය අපනයනය පිළිබඳ උපදේශක කාරක සභාව රැස්වෙයි

විසිතුරු මත්ස්‍ය අපනයනය පිළිබඳ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ උපදේශක කාරක සභාව 2021 ඔක්තෝම්බර් 12 දින වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගතව රැස්විණි. සමාරම්භක උත්සවය අමතමින් අමාත්‍යවරයා අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ අපනයන‍ භාණ්ඩ පැස දැනට වෙළඳ භාණ්ඩ ස්වල්පයක් මත රඳාපවතින හෙයින්, රටේ අපනයන ආදායම ඉහළ නැංවීම සඳහා විසිතුරු මසුන් අපනයනය වැනි සාම්ප්‍රදායික නොවන…

(0)Comments | October 14, 2021 5:30 pm

ශුද්ධ විදේශ වත්කම් සෘණ වෙයි

ඉතිහාසයේ ප්‍රථමවරට (1950 මහ බැංකුව පිහිටුවීමෙන් පසු) ශ්‍රී ලංකා මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් සෘණ මට්ටමට කඩාවැටී ඇති බවත්, දේශීය බැංකු පද්ධතිය සතු ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය පවතින්නේ එක්සත් ජනපද ඩොලර් බිලියන -3.5 මට්ටමක බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පසුගිය දා කියා සිටියේය. එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා පැවසුවේ රටේ නිල සංචිත…

(0)Comments | October 14, 2021 4:36 pm

ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටොකරන්සි ගනුදෙනු අනුමත නැහැ – මහ බැංකුව දැඩි ස්ථාවරයක

ක්‍රිප්ටොකරන්සි පිළිබඳව මහ බැංකුව දරණ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් ශ්‍රී ලංකාව තුළ යම් පුද්ලයෙකු ක්‍රිප්ටොකරන්සි භාවිතයෙන් ගනුදෙනු කරන්නේ නම් එහි අවදානම දැරීමේ වගකීම ද ඔවුන් සතු වන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. මේ වන විට ඇතැම් සමාගම්, විශේෂයෙන්ම සුඛෝපභෝගී මහල් නිවාස (Apartments) වෙළෙඳාමේ නිරත සමාගම් ඒවා අලෙවියේ…

(0)Comments | October 14, 2021 3:04 pm

වාහන ආනයනයට අවසර දීම ගැන මහ බැංකුවෙන් රජයට යෝජනාවක්

මෙරටට වාහන ආනයනය කිරීමේ දී ඊට අදාළ බදු සහ අනෙකුත් ගෙවීම් විදේශ විනිමය හරහා සිදුකිරීම පිළිබඳව යෝජනාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට ලිඛිතව දැනුම් දීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. වාහන ආනයනයේ දී බදු ඇතුළු අනෙකුත් ගෙවීම් විදේශ විනිමයෙන් ගෙවීම සඳහා යම් සාකච්ඡාවක් ඇති වී ඇත්දැයි යන…

(0)Comments | October 14, 2021 1:50 pm

මුදල් ප්‍රතිපත්තිය වෙනස් නොවන බව මහ බැංකුව කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ (2021 ඔක්තෝබර් 13) පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරන ලදී. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් ව…

(0)Comments | October 14, 2021 7:53 am

කොන්දේසි යටතේ ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් ව්‍යාපාර කටයුතු කෙටිකාලයකට ඇරඹීමට මහ බැංකුව අවසර දෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය, “බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රධාන සැලැස්මට” අන්තර්ග්‍රහණය කිරීමේ හැකියාව අධ්‍යනය කිරීමේ අරමුණින්, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(5)(අ) වන වගන්තිය ප්‍රකාරව, 2021 ඔක්තෝබර් 13 දින සිට බල පැවැත්වෙන පරිදි මාස 06ක සීමිත කාල සීමාවක් සඳහා, එම ආයතනයේ ව්‍යාපාර කටයුතු…

(0)Comments | October 13, 2021 3:13 pm

රු. 21,500 කින් පවුලකට මාසයක් ජීවත් වෙන්න පුළුවන් – ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට නිකුත් කර ඇති 2021 අගෝස්තු දත්තවලට අනුව එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසිකව දැරීමට සිදුව ඇති අවම වියදම රු. 5,353 ක් බව සඳහන් කර ඇත. මේ අනුව 4 දෙනෙකුගෙන් යුත් පවුලකට දරිද්‍රතාවයට පත් නොවී සිටීමට අවම වශයෙන් රු. 21,500 ක මාසක ආදායමක් තිබිය යුතු වේ….

(0)Comments | October 13, 2021 12:20 pm

දිගටම සල්ලි අච්චු ගැහුවොත් අධි-උද්ධමනයක් ඇති විය හැකියි

ගැසට් ඉවත් කර ගැනීමත් සමග මර්ධිත උද්ධමනය (Repressed Inflation) විවෘත උද්ධමනයක් (Open Inflation) බවට පත් වී ඇති බවත් එය එක්වරක් පමණක් සිදුවන මිල වැඩිවීමක් ලෙස සීමා කරගැනීමට නම් මහබැංකුව මුදල් අච්චු ගැසීමෙන් වැලකී සිටිය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන මහතා පවසයි. පවතින උද්ධමනකාරී ආර්ථික පරිසරය පිළිබඳ විග්‍රහයක නිරත වෙමින්…

(0)Comments | October 13, 2021 9:54 am

ජපානයට ගිය ශ්‍රී ලංකා පොල්

ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදන ප්‍රවර්ධනය කෙරෙන “හායි ජැපෑන්” (“HI Japan”) වෙළඳ ප්‍රදර්ශනය පොල් සංවර්ධන අධිකාරියේ (CDA) අරමුදල් යටතේ ජපානයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය විසින් සංවිධානය කොට ප්‍රවර්ධනය කරන ලද “HI Japan” වෙළඳ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියට තානාපතිවරයා සහ දූත මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ සමාගම් 11 ක පුළුල් පරාසයක පොල් ආශ්‍රිත අපනයන නිෂ්පාදන මෙම ප්‍රදර්ශන…

(0)Comments | October 13, 2021 9:42 am

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය චෙල්සී රාජකීය රෝහලේ දී ලංකා තේ රස බැලීමේ සැසියක් සංවිධානය කරයි

බ්‍රිතාන්‍ය හමුදාවේ කීර්තිමත් ප්‍රවීණයන් විසින් ඉටු කරන ලද සේවය අගය කිරීම සඳහා සුහදත්වයේ සංකේතයක් වශයෙන්, ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් ලංකා තේ රස බැලීමේ සැසියක් 2021 සැප්තැම්බර් 30 වැනි දින චෙල්සි රාජකීය රෝහලේ දී සංවිධානය කෙරිණි. මෙම වැඩසටහන එක්සත් රාජධානිය සමඟ පවත්වන දිගු කාලීන ද්විපාර්ශ්වික සබඳතා සඳහා ශ්‍රී ලංකාව දක්වන්නාවූ කැපවීම පළ කරන සංකේතයකි. මෙම…

(0)Comments | October 12, 2021 4:30 pm