ශ්‍රී ලංකාවේ ප්රමුඛ කොරුගේටඩ් ඇසුරුම් (Corrugated carton) නිෂ්පාදකයා වන Ex-Pack Corrugated Cartons සමාගම සිය ගමන් මගේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මූලික මහජන කොටස් නිකුතුව පැවැත්වීමට සැලසුම් කර ඇති බව පසුගියදා නිවේදනය කළේ ය. මීට සමගාමීව එම සමාගම කොළඹ කොටස් වෙළඳපොළෙහි ලියාපදිංචි වනු ඇත. Ex-Pack Corrugated Cartons සමාගම යනු Aberdeen Holdings සමාගමේ පූර්ණ අයිතිය යටතේ…
වාර්ෂික ලක්ෂ්යමය පදනම මත වෙළඳ ගිණුමේ හිඟය 2021 වසරේ ජූලි මාසයේ දී පුළුල් වීමක් වාර්තා කළේය. පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව මාසය තුළ දී භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම ඉහළ ගිය නමුත්, ආනයන වියදම වඩා වැඩි වේගයකින් ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය 2021 වසරේ ජූලි මාසයේදී අඛණ්ඩව පස්වනවරටත් පුළුල් විය. 2021 වසරේ ජූනි මාසයේ දී නිරීක්ෂණය…
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පස්වරු 12.13 සිට අඩාල වී තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ SLT Datacenter හි දෝෂයක් මීට හේතු වී ඇති බවයි. “Due to connection stability issues experienced at the SLT Datacenter, which has resulted in slowness in the Broker Systems hosted in SLT, the market has…
අභිනවයෙන් පත්වන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට තමන් සුභපතන බවත්, එතුමා කටයුතු කළ යුත්තේ ශ්‍රී ලංකා ජනතාවට අයිති මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු යූ ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා පවසයි. ඇඩ්වොකාටා ආයතනය සංවිධානය කළ අන්තර්ජාල සංවාදයක දී ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත්…
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් තමන් ඉල්ලා අස් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (13) ලිඛිතව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙත දැනුම් දුන්නේය. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දීමට…
2021 ජූලි මාසය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 0.6කින් අතිප්‍රමාණය විය. 2021 වසරේ සැප්තැම්බර් 10 වන දින දක්වා කාලය තුළ රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 6.8කින් අවප්‍රමාණය විය. අන්තර් බැංකු වෙළෙඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය 2021 වසරේ ජූලි මාසයේ දී සමස්තයක් ලෙස ස්ථාවරව පැවතුණු බව ශ්‍රී ලංකා…
පසුගිය සතිය තුළ දී කොළළ කොටස් වෙළෙඳපොළේ දක්නට ලැබුණු සීඝ්‍ර කඩා වැටීම හමුවේ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 201.16 කින් පහළ ගොස් තිබේ. 2021 සැප්තැම්බර් 03 වනදායින් අවසන් වූ සතිය තුළ දී මෙරට කොටස් වෙළෙඳපොළේ වටිනාකම හෙවත් වෙලෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 4,151.62 ක් ලෙසින් වාර්තා වුණි. කෙසේ වෙතත් මෙම වටිනාකම 2021 සැප්තැම්බර් 10 දිනෙන් අවසන්…
කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායම් ලබන සියලුදෙනාට 5%ක පමණ බද්දක් පැනවිය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඊයේ (12) දින විකාශය වූ අද දෙරණ “බිග් ෆෝකස්” වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. “අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි සමාජ සුබසාධන අංශ…
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා එළඹෙන සැප්තැම්බර් 14 දින සිට බලපැවැත්වෙන පරිදි සිය ධූරයෙන් විශ්‍රාම යන බව අද (10) දින නිවේදනය කර සිටියේය. 1949 අංක 58 දරන මුදල් නීති පනතේ ප්‍රතිපාදනවලට අනුකූල ව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2019 දෙසැම්බර් 24 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස…
මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බරපතල විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ලෙස රටේ ආදායම් ලැබෙන මාර්ග සුරක්ෂිත (Securitised) කර හෙවත් ඇපයක් ලෙස තබා මුදල් ගැනීම සිදුකළ හැකි බවත්, මෙවැනි ක්‍රියාමාර්ගවලට ගොස් මුදල් ලබා ගැනීමට ආණ්ඩුවට පළපුරුද්දක් තවමත් නොමැති බවත් වැලිබල් වන් සමූහයේ සභාපති සහ හේලීස් සමූහයේ සම-සභාපති, ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි….
Video Story