ග්රාමීය ආර්ථික පුනර්ජීවනය, ස්ත්රී පුරුෂ සමානාත්මතාව සහ සමාජ අන්තර්කරණය ඉලක්ක කරගත් වැඩසටහනකි. රැකියා අවස්ථා නිර්මාණය, විරැකියාව තුරන් කිරීම සහ ජීවන තත්ත්වය නගාසිටුවීමද අපේක්ෂිතයි. ක්ෂුද්ර, සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර වලට ඩිජිටල් තාක්ෂය භාවිතයට ඇති බාධා ඉවත් කරමින්, දිවයින පුරා විද්යුත් වාණිජ කටයුතු ප්රවර්ධනය කරන පියවරකි. විද්යුත් වාණිජ කටයුතු මගින් ග්රාමීය ව්යවසායකයන්ට සහ කාන්තාවන්ගේ මූලිකත්වය යටතේ…
කොළඹ මැලේසියානු මහකොමසාරිස් ටැන් යැං තායි මහතා 2021 ඔක්තෝබර් 14 වැනිදා විදේශ අමාත්යාංශයේ දී විදේශ අමාත්ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවිය. ශ්රී ලංකාව සහ මැලේසියාව අතර පවතින සමීප හා මිත්රශීලී ද්විපාර්ශ්වික සබඳතා සිහිපත් කරමින්, පශ්චාත් කොවිඩ්-19 යුගයේ දී දෙරට අතර සහයෝගිතාව ඉහළ නැංවීම සඳහා තවදුරටත් ක්රියාකල යුතු මාර්ග පිළිබඳ ව විදේශ අමාත්යවරයා සහ මහකොමසාරිස්වරයා සාකච්ඡා…
වෙළඳ අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් 2021 සිට 2026 දක්වා වන ඉදිරි වසර පහක කාලයක් සඳහා ප්රධාන අපනයන අංශ විසි හතරක් ආවරණය වන පරිදි අපනයන උපදේශන කමිටු සාමාජිකයන් පත් කර තිබේ. 1979 අංක 40 දරණ ශ්රී ලංකා අපනයන සංවර්ධන පනතේ 10 වන වගන්තියට අනුව අපනයන සංවර්ධනය භාර අමාත්යවරයාට අපනයන වෙළඳාමේ ක්රියාකාරී අංශයන් ප්රවර්ධනය කිරීම…
මෙරට ඉන්ධන අලෙවියේ නිරත සමාගමක් වන ලංකා අයි.ඕ.සී. සමාගම 2020/21 මූල්ය වර්ෂය වෙනුවෙන් පළමු සහ අවසාන ලාභාංශය ප්රකාශයට පත් කර තිබේ. මේ අනුව එක් කොටසකට සත 85 ක ලාභාංශයක් නිවේදනය කර ඇත. 2020/21 මූල්ය වර්ෂය වෙනුවෙන් රු. මිලියන 876.74 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් ලංකා අයි.ඕ.සී. සමාගම වාර්තා කර තිබුණු අතර 2021 වසරේ අප්රේල් –…
පෞද්ගලික අංශයේ සේවකයන් විශ්රාම යාමේ අවම වයස පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස කම්කරු අමාත්යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්ය මණ්ඩලය විසින් මෙම සතියේ දී අනුමත කර තිබුණි. යෝජිත පනත ක්රියාත්මක වන දිනයේදී වයස අවුරුදු 52 එළඹ නොමැති සේවකයින්ගේ විශ්රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමටත්, පනත ක්රියාත්මක වන දිනයේදී වයස අවුරුදු 52 හෝ ඊට වැඩි සේවකයින්…
මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන්තොටුපළට පැමිණෙන මගීන් හට සිය ගුවන් යානය පැමිණෙන තෙක් සුවපහසුව අසුන් ගැනීමට පහසුකම් සලසා ඇති බව මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන්තොටුපළ සිය නිල ෆේස්බුක් පිටුව හරහා දැනුම් දී සිටී. “You can sit back and relax in comfortable red velvet seats while you await for your flight”, යනුවෙන් එහි දැක්වේ. මේ අතර ඊයේ (14)…
ශ්රී ලංකාව සහ මාලදිවයින නැව් සහ බෝට්ටු තැනීම පිළිබඳ සහයෝගිතාව වැඩි දියුණු කිරීමට සැරසෙයි ශ්රී ලංකාව සහ මාලදිවයින අතර නැව් සහ බෝට්ටු තැනීමේ කර්මාන්තයේ අන්යෝන්ය සහයෝගිතාව ඉහළ නැංවීමේ අරමුණින් යුතුව මාලදිවයින් ජාතික බෝට්ටු පැදීමේ සංගමය (NBAM) සහ ශ්රී ලංකා බෝට්ටු හා නැව් තැනීමේ කර්මාන්ත නියෝජිතයන් අතර අතථ්ය හමුවක් ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහයෝගය සහිතව විදේශ…
ශ්රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් ‘’Softlogic Life Dollar Saver’’ නම් නවතම ඇමරිකානු ඩොලර් ඉතුරුම් රක්ෂණ සැලැස්මක් අද දිනයේදී වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබුවා. මෙම නව්ය රක්ෂණ සැලැස්ම විදේශයන්හී සේවය කරන ශ්රී ලාංකිකයන් සඳහා ඉලක්ක කර තිබෙනවා. දේශීය රක්ෂණ ක්ෂේත්රයේ නව මානයක් සලකුණු කරන මෙම සැලැස්ම මගින් විදෙස්ගත ශ්රී ලාංකිකයන්ට…
ශ්රී ලංකාව 2021 ඔක්තෝබර් 9 වැනි දින සිට 13 වැනි දින තෙක් ජර්මනියේ මෙසෙ කර්න් හිදී පැවැත්වූ ආහාර හා පාන කර්මාන්තය පිළිබඳ ලොව විශාලතම වෙළඳ ප්රදර්ශනය වන අනුගා 2021 වෙළඳ ප්රදර්ශනය සඳහා සහභාගී විය. ‘එකම වහලක් යට’ (‘One Roof’) නමැති සංකල්පය යටතේ සැලසුම් කෙරුණු මෙම වෙළඳ ප්රදර්ශනය තුළින් කර්මාන්ත දිශානතිය, සැපයුම හා ඉල්ලුම සම්බන්ධ කිරීම සහ ආහාර පාන අංශවල විවිධ රසවත් අත්දැකීම් පිරිනැමීම පිළිබඳව ගැඹුරු අවබෝධයක්…
2021 ඔක්තෝම්බර් මස 06 වන දින සිට බලපැවැත්වන පරිදි මූල්ය පද්ධති ස්ථායීතා උපදේශන කමිටුව (FSSCC), මූල්ය අංශයේ ප්රවීණයන් කිහිපදෙනෙකුගෙන් සමන්විත වන පරිදි නැවත ස්ථාපිත කරන ලදි. ලංකාක්ලියර් පුද්ගලික සමාගමෙහි සභාපති, ආචාර්ය කෙනෙත් ද සිල්වා මහතා මෙම කමිටුවේ සභාපති වශයෙන් පත් කොට ඇත. තවද, ශ්රී ලංකා මූල්ය සමාගම් සංගමයේ සභාපති, නිරෝෂන් උඩගේ මහතා; ශ්රී ලංකා ණය…
Video Story