ව්යාපාර සහ පුද්ගලයන් මුහුණ දෙනු ලබන අභියෝග සලකා බලමින් ඒ සඳහා පහසුකම් සැලසීම සඳහා කොවිඩ්-19 හේතුවෙන් බලපෑමට ලක් වූ ව්යාපාර සහ පුද්ගලයන් සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්රී ලංකා මහ බැංකුව විසින් අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලීම් කර තිබේ. මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ අත්සනින් යුතු ලිපියක් බැංකු නොවන මූල්ය ආයතන වෙත නිකුත් කර…
අද (2021-10-11) දින සිට ක්රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල සංශෝදනය කර ඇත. ඒ අනුව කොළඹ දිස්ත්රික්කය තුළ ලාෆ්ස් ගෑස් සංශෝධිත මිල ගණන් පහත පරිදි වේ. කිලෝ 12.5ක සිලින්ඩරයක පැවති මිල රු 984/- කින් වැඩි වී ඇති අතර නව මිල රු 2840/- වේ. කිලෝ 5ක ගෑස් සිලින්ඩරය පැවති මිල රු 393/- කින්…
මෙරට ඉතිහාසයේ තනි අවස්ථාවක දී ගෑස් මිලෙහි සිදුකරන ලද ඉහළම මිල වැඩිකිරීම ඉරිදා (10) මධ්යම රාත්රියේ සිට බලපැවැත්වෙන බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කර සිටී. මෙහිදී පැවති මිලට වඩා 84%කින් මිල වැඩිවීමක් සිදුව ඇත. ඒ අනුව, කිලෝග්රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 1,493 සිට රු. 2,750 ක් දක්වා 1,257කින් වැඩිකර තිබේ. එසේම කිලෝග්රෑම් 5ක්…
ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්රිප්ටොකරන්සි මයිනින් සහ අවශ්ය අනෙකුත් සේවාවන් සැපයීම ක්ෂේත්රයන්හි කටයුතු කරන සමාගම් වෙත ආයෝජනයන් ආකර්ශනය කර ගැනීම සඳහා අවශ්ය අණපනත්, නීතිරීති හා රෙගුලාසි පිළිබඳව අමාත්ය මණ්ඩලය වෙත අවශ්ය කරුණු වාර්තා කිරීම සඳහා රාජ්ය හා පෞද්ගලික අංශයන්හි නිපුණ වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමටත්, 1978 අංක 4 දරන ආයෝජන මණ්ඩල පනත සහ ඊට…
විදේශ ප්රේෂණ ප්රවාහ වැඩි කිරීම සඳහා මෙන්ම අවිධිමත් ක්රමවේද අධෛර්යමත් කිරීමේ අවශ්යතාවය හඳුනාගත් ශ්රී ලංකා මහ බැංකුව, නව ප්රේෂණ ක්රමවේද අධ්යනය කරමින් ශ්රී ලංකාවට අඩු පිරිවැයක් සහිතව විදේශ ප්රේෂණ එවීමේ ක්රමවේද පිළිබඳ නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කිරීමට ක්රියාකාරී කමිටුවක් පත් කරනු ලැබීය. මෙම ක්රියාකාරී කමිටුව ලංකා බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල්…
මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සිය මොණරාගල සූර්ය විදුලි බලාගාරයේ මෙහෙයුම් අද (08) දින සිට ආරම්භ කරන බව දැනුම් දී සිටී. විදුල්ලංකා පීඑල්සී සිය අනුබද්ධිත සමාගමක් වන Orik Corporation (Pvt) Ltd හරහා මෙම ව්යාපෘතිය දියත් කර ඇත. මෙය සමාගම විසින් දියත් කරන ලද පළමු පොළොවෙහි ස්ථාපිත කරන ලද (ground mounted) සූර්යබල ව්යාපෘතිය වේ….
පාලන මිල ඉවත් කිරීමත් සමඟ ආනයනික කිරිපිටි සඳහා අලෙවි කළ යුතු නව මිල ගණන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් ප්රකාශයට පත්කර තිබේ. මේ අනුව පවතින මිලට වඩා සියයට 36.8 කින් කිරිපිටි මිල ඉහළ නංවා තිබේ. එහිදී රු. 950 ක්ව පැවති කිරිපිටි කිලෝග්රෑමයක් රුපියල් 350කින් සහ රු. 380 ක්ව පැවති ග්රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 140කින් ලෙස මිල…
ක්රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්රී ලංකාවේ ආයෝජනය සඳහා අනුමැතිය ලබා දීම පිණිස අවශ්ය පියවර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමට, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ බව පසුගිය දා (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවේ දී නිවේදනය කරන ලදී. ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන්…
ඉලෙක්ට්රොනික ගනුදෙනු පනතට අනුකූල වන මෙරට තිබෙන එකම වාණිජමය මෙහෙයුම් සහතිකකරණ අධිකාරිය වන ලංකා ක්ලියර් ආයතනය විසින් මෙහෙයවන LankaSign භාවිතා කරන ව්යාපාරික ගනුදෙනුකරුවන්ගෙන් ඩිජිටල් ආකාරයෙන් අත්සන් කළ ලේඛන පිළිගන්නා බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර තිබේ. මේ අනුව, ඩිජිටල් අත්සන් පිළිගැනීමේ පළමු පියවර ලෙස බැංකුව පසුගියදා මෙයට අදාළ වන අවබෝධතා ගිවිසුම ලංකා ක්ලියර් ආයතනය සමග අත්සන්…
බංග්ලාදේශය සමඟ සබඳතා ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන් ආර්ථික සහයෝගීතාව සම්බන්ධයෙන් ශ්රී ලංකාව ලබා දෙන වැදගත්කම විදේශ අමාත්ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් අවධාරණය කර තිබේ. බංග්ලාදේශ මහකොමසාරිස් තාරෙක් එම්. අරිෆුල් ඉස්ලාම් මහතා සමඟ ඔක්තෝබර් 07 දින විදේශ අමාත්යාංශයේ දී සිදු කළ සුහද හමුවක දී අමාත්යවරයා මේ බව සඳහන් කළේය. දෙරට අතර පවතින ශක්තිමත් සබඳතා…
Video Story