ඩිජිටල් ව්යාපාරික පරිසර පද්ධතියක් ඇති කිරීම පහසු කිරීම පිණිස ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්රිප්ටොකරන්සි මයිනින් සහ අවශ්ය අනෙකුත් සේවාවන් සැපයීම යන ක්ෂේත්ර ඇතුළත්ව ඒකාබද්ධ පද්ධතියක් සංවර්ධනය කිරීමේ අවශ්යතාව හඳුනාගෙන ඇත. දකුණු ආසියාවේ බොහෝ රටවල් එම ක්ෂේත්රයන් ඇගයීම හා සංවර්ධනය කිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර එම රටවල් සමඟ තරගකාරී පදනමින් කටයුතු කිරීමට හැකි වන…
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද පිරිපහදුව මඟින් LP ගෑස් මෙට්රික් ටොන් 70 සිට 90 දක්වා ප්රමාණයක් දිනකට නිපදවනු ලබන අතර එය රටේ ඉල්ලුමෙන් 5%ක් වේ. එසේම, දිනකට බැරල් 10,000ක ධාරිතාවයකින් යුත් නව පිරිපහදුවක් ස්ථාපිත කිරීමට සහ දැනට පවතින පිරිපහදුව වැඩිදියුණු කිරීමට මේ වන විට ශක්යතා අධ්යයනයක් සිදු කරමින් පවතින අතර, එකී සංවර්ධන ව්යාපෘති කඩිනමින්…
ලොව විශාලතම බහාලුම් ප්රවාහන නෞකාව වන “Ever Ace” ඊයේ (05) රාත්රියේ දී කොළඹ වරායට සේන්දු විය. කොළඹ වරාය ද ඇතුළුව, මෙම නෞකාවට ගමන් කළ හැක්කේ ලෝකයේම වරායන් 24කට පමණක්වීම විශේෂත්වයකි. එසේම දකුණු ආසියානු කලාපය තුළ මෙම නෞකාවට සේවා සැපයිය හැකි එකම වරාය වන්නේ ද කොළඹ වරාය යි. Evergreen සමාගමට අයත් මෙම Ever Ace නෞකාව TEU 24,000…
තේ කර්මාන්තය සඳහා භාවිතා කරනු ලබන සුදුසු පොහොර හිඟ වීම හේතුවෙන් කර්මාන්තය තුළින් 2021 වර්ෂය සඳහා අපේක්ෂිත අපනයන ඉපැයීම් ඉලක්කය සපුරා ගැනීමට ශ්රී ලංකාවට නොහැකි වනු ඇති බවත්, උත්සන්න වෙමින් පවතින මෙම අර්බුදයට තිරසාර විසඳුමක් ලබා දෙන ලෙසත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) නැවත අවධාරණය කර සිටී. මෙම වසර මුලදී, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) 2021 වසර…
කුඩා සහ මධ්ය පරිමාණ ව්යාපාර ප්රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබා දෙන බව එහි අධ්යක්ෂ ජනරාල් කෙනිචි යෝකෝයාමා (Kenichi Yokoyama) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පවසයි. මෙරට ව්යාපෘති වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව පසුගිය වසරේ දී ඩොලර් මිලියන 750ක සහනදායී ණය මුදලක් ලබා දී තිබේ. එම මුදල ලබන වසරේදී ඩොලර් බිලියනයක් දක්වා වැඩි කිරීමට පියවර…
සිංගප්පූරුවේ සිට යුරෝපය දක්වා සූවස් ඇල මාර්ගය ඔස්සේ ගමන් කිරීමට තිබූ EVERGREEN නෞකා ජාලයට අයත් MV Thalassa Patris බහලු ප්රවාහන නෞකාවේ අන්තරායකර බහලුවකින් කාන්දුවන දුමාරයක් පිළිබඳව එහි කාර්ය මණ්ඩලයට 2021 සැප්තැම්බර් 30 වන දින අනාවරණය කර ගැනීමට හැකි විය. මෙම නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන EVERGREEN SHIPPING Agency Lanka (pvt) Ltd (හේමාස් සමූහය) විසින් මෙම අනතුරුදායක තත්ත්වය මත නෞකාව ඉදිරියට ගමන් කිරීමේ…
නිවාස නොමැති ජනතාවට නව නිවාස 3,000 ක් ලබා දීමේ ව්යාපෘතිය යටතේ මාළඹේ, මාකුඹුර සහ බොරලැස්ගමුව ප්රදේශවල ඉදිකෙරෙන මධ්යම පාංතිකයින් සඳහා වන නිවාස සංකීර්ණ තුනේ ඉදිකිරීම් කටයුතු නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් වඩාත් කාර්යක්ෂමව සිදු කරමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්යාංශය ප්රකාශ කරයි. නිවාස නොමැති…
සීඝ්රයෙන් වර්ධනය වන බ්රසීලියානු වෙළෙඳපොළ වෙත ශ්රී ලංකාවේ අපනයන නිෂ්පාදන සඳහා වැඩි ප්රවේශයක් ලබා ගැනීමට විදේශ අමාත්ය ජී.එල්. පීරිස් මහතා උත්සාහ දරා ඇත. අමාත්යවරයා මෙම ඉල්ලීම කළේ 2021 සැප්තැම්බර් 29 වැනි දින ශ්රී ලංකාවේ බ්රසීල තානාපති සර්ජියෝ ලුයිස් කේනේස් මහතා සමඟ විදේශ කටයුතු අමාත්යාංශයේ දී පැවති සාකච්ඡාවකදී ය. විදේශ අමාත්ය පීරිස් මහතා, තානාපති කේනේස් මහතා…
චීන සංචාරක ක්රියාකරුවන් සහ රාජ්ය නොවන පාරිසරික සංවිධාන රැසක් සහභාගී වූ නගර නවීකරණ හා සංවර්ධන සමුළුව ඇමතූ තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා, අවම වශයෙන් චීන සංචාරකයන් මිලියනයක් හෝ ශ්රී ලංකාව වෙත යොමු කරන ලෙස ඉල්ලමින් චීන සංචාරක කණ්ඩායම් දිරිමත් කළේය. ශ්රී ලංකාව සතු විසල් වන වැස්ම, 7000 ක් පමණ වූ වන අලි ගහණය, ආසියාවේ ඉහළම දිවියන් එකතුව, දැවැන්ත…
2011 ලෝක කුසලාන තරඟාවලියේ දී තරඟ පාවා දීම් සම්බන්ධයෙන් තමා කළ ප්රකාශයට අනුව පවත්වන ලද පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්නොවන බව එවකට ක්රීඩා අමාත්යවරයා වූ වත්මන් කෘෂිකර්ම අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. අද (05) දින පාර්ලිමේන්තුවේ දී අමාත්යවරයා මේ බව පවසන ලදී. මෙහිදී වැඩිදුරටත් අමාත්යවරයා පැවසුවේ වර්තමානයේ දී දේශීය තරඟවල දී පවා තරඟ පාවාදීමේ සිද්ධීන් වාර්තා…
Video Story