Top News

සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියැවීම) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟතාවය පළ විය. එසේම සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝගයක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එහිදී එකඟතාවය පළ විය. මෙම එකඟතාව පළ වූයේ කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ…

(0)Comments | October 5, 2021 11:54 am

GSP+ හෙට දවස

ඉතිහාසයේ කිසිදු කාලපරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින්ම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සමග මිරිහානේ පිහිටි සිය පුද්ගලික නිවසේ ඊයේ (04) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. යුරෝපා සංගම් GSP+ ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව මේ වන විටත්…

(0)Comments | October 5, 2021 9:06 am

කොටස් වෙළෙඳපොළ ‌ඓතිහාසික කඩඉමක් පසුකරයි

කොළඹ ‌කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (04) දිනයේ දී තවත් එක් ඓතිහාසික මංසළකුණක් පසුකරන ලදී. ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,500 සීමාව අද දින අභිබවා ගිය අතර දිනය අවසානයේ දී ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,542.33 ක් ලෙසින් වාර්තා විය. මේ අතර අද දිනයේ දී රු. බිලියන…

(0)Comments | October 4, 2021 5:05 pm

යොහානි ට රාජ්‍ය සම්මානයක් ලබා දීමට තීරණයක්

ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාවේ නාමය රැගෙන ගිය යොහානි ද සිල්වා කලාකාරිනිය හට රාජ්‍ය සම්මානයකින් ගෞරව පුද කිරීමට බලාපොරොත්තු ‌වන බව ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. යොහානි ද සිල්වා වෙනුවෙන් ආණ්ඩුවෙන් කළ යුතු යුතුකමක් තිබෙනවා නම් එසේ කිරීමට අදහස් කරන්නේ කුමක්දැයි යනුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු…

(0)Comments | October 4, 2021 3:45 pm

ඇමරිකානු සමාගමට ගෑස් ඒකාධිකාරිය ලබා දීම අපිට ප්‍රශ්නයක් – ගම්මන්පිල

කෙරවලපිටිය LNG බලාගාරයේ කොටස් අයිතියෙන් සියයට 40 ක් ලබා දීම කිසිදු ගැටළුවක් නොවන බවත් එය තමන්ගේ ප්‍රතිපත්තිවලට බාධාවක් නොවන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (04) දින පාර්ලිමේන්තුවේ දී යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. කෙසේවෙතත් බලශක්ති අමාත්‍යවරයා…

(0)Comments | October 4, 2021 2:50 pm

රටට ඇතුළුවන ව්‍යාජ ස්මාර්ට් ජංගම දුරකථන අල්ලන්න නව යාන්ත්‍රණයක්

ඔබේ දුරකථනය ඔරිජිනල් ද? නැත්නම් සල්ලිත් වතුරේ ඔබත් අනතුරේ ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන බොහෝ විද්‍යුත් උපාංග පිළිබඳව මෑත කාලීනව දැඩි කතා බහක් ඇති වුයේ රජය විනිමය පාලනය සඳහා ආනයන සිමා පැනවීමට ගත් තීරණයත් සමඟය. විශාල වෙළඳපොල ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරන ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොලේ මෙම තත්ත්වයත් සමඟ මිල ඉහළයාමක් මෙන්ම භාණ්ඩ හිඟ වීමක් පිළිබඳවද සැකයක්…

(0)Comments | October 4, 2021 12:55 pm

පැල්වත්ත කිරි චීනයට අපනයනය කිරීමට සූදානම්

මාසයක් ඇතුළත තවත් කිරිපිටි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් කුරුණෑගල දී අරඹන බවත්, එළඹෙන වසරේ දී චීනයට කිරිපිටි අපනයනය කිරීමට කටයුතු කරන බවත්, පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා පවසයි. පසුගිය දා විකාශය වූ ‘එක්ව ජයගමු’ සජීවී වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය. “කිරි තියාගන්න බැහැ මාස 06කට වැඩිය. කිරි පිටි හදලා විද්‍යාත්මකව ඔප්පු කරලා…

(0)Comments | October 4, 2021 9:58 am

ලෝකයේ ලොකුම නැවක් හෙට කොළඹ වරායට

ලොව විශාලතම බහාලුම් ප්‍රවාහන නෞකාව වන “Ever Ace” ‌හෙට (05) දිනයේ දී කොළඹ වරායට සේන්දු වීමට නියමිතය. Evergreen සමාගමට අයත් මෙම Ever Ace නෞකාව TEU 24,000 කාණ්ඩයේ ලොව පළමු වැනි ‌බහාලුම් ප්‍රවාහන නෞකාව වේ. එනම් අඩි 20 දිගින් යුතු බහාලුම් 24,000 ක් එකවර ප්‍රවාහනය කළ හැකි නෞකා කාණ්ඩයයි. මෙම නෞකාවේ එවැනි බහාලුම් 23,992 ක ප්‍රමාණයක්…

(0)Comments | October 4, 2021 8:52 am

ශ‍්‍රී ලංකාව රතු ලැයිස්තුවෙන් ඉවත් කිරීමත් සමඟ බි‍්‍රතාන්‍යයට එමිරේට්ස් වෙතින් ශ‍්‍රී ලාංකිකයින්ට විශේෂ ගාස්තු

බි‍්‍රතාන්‍යය රජය විසින් ශ‍්‍රී ලාංකිකයින්ට පනවා තිබූ සංචාරක ගමන් සීමා ලිහිල් කිරීම සමඟ එමිරේට්ස් ගුවන් සමාගම ශ‍්‍රී ලංකාවේ සිට බි‍්‍රතාන්‍යයේ ගමනාන්ත පහක් සඳහා ගුවන් මගීන්ට විශේෂ ගාස්තු නිවේදනය කර ඇත. ඔක්තෝම්බර් 04 වනදා සිට අලෙවි කරන මෙම විශේෂ ගාස්තු ලන්ඩන්, බර්මින්හැම්, මැන්චෙස්ටර්, නිව්කාසල් සහ ග්ලාස්ගෝ යන ගමනාන්ත දක්වා 2022 මාර්තු 31 දක්වා සංචාරය කිරීමට වලංගු…

(0)Comments | October 4, 2021 8:50 am

හෙට දිනයේ සුරාසැල් වැසෙන හේතුව මෙන්න

දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් හෙට (ඔක්තෝබර් 03) දිනයේ දී වසා තැබෙනු ඇත. ‌ ලෝක අමද්‍යප දිනය ඔක්තෝබර් 03 වනදාට යෙදී තිබීම මීට හේතුවයි. ඒ අනුව හෙට (03) දිනයේ දී මත්පැන් අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇත. මුදල් අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව මෙරට තිබෙන සුරාසැල් සංඛ්‍යාව 4,092 ක් වේ.

(0)Comments | October 2, 2021 2:35 pm