Top News

භාණ්ඩාගාර බැඳුම්කර සේවාකරන ගෙවීම් පිළිබඳව මහ බැංකුව මෙසේ කියයි

ප්‍රමාණවත් අරමුදල් නොමැතිවීම හේතුවෙන් භාණ්ඩාගාර බැඳුම්කර කල්පිරීමේ දිනට පෙර අදාල ගෙවීම් සිදුකිරීමට නොහැකි බව ඉස්මතුකර පෙන්වන සාවද්‍ය මාධ්‍ය වාර්තාපළවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර ඇත. ඉහත සඳහන් මාධ්‍ය වාර්තා නිරවද්‍යතාවයෙන් තොර බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන අතර, රජයේ දේශීය සහ විදේශීය ණය සේවාකරණ ගෙවීම් නියමිත පරිදි අඛණ්ඩව සිදුකිරීම මගින් ඉතා…

(0)Comments | April 26, 2018 6:19 pm

විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන හා පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගැනිමට මහජන උපයෝගීතා කොමිසම සැරසෙයි

විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන සහ ඒවායේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ එහි අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා ඊයේ (25) එම කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවේදී මෙම අදහස් දැක්වීය. 2018 වසරේදී කොමිෂන් සභාව විසින් වැඩ සටහන් මාලාවක් ක්‍රියාත්මක කරන බව…

(0)Comments | April 26, 2018 10:36 am

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා කැනඩාවේ අවධානය

කැනඩාවේ ගෝලීය කටයුතු පිළිබඳ දකුණු ආසියනු අධ්‍යක්ෂ ජනරාල් ඩේවිඩ් හාට්මන් මහතා සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් ඊයේ (25) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා එරට දායකත්වය, ආයෝජන සහ ප්‍රතිසංධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමු විය. මෙම අවස්ථාවට නව කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන්, දේශපාලන උපදේශක ජෙන්…

(0)Comments | April 26, 2018 10:25 am

ශ්‍රී ලංකාව තුළ වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන කේන්ද්‍රීය ස්ථානයක් බිහිකර තිබෙනවා

පොදු රාජ්‍ය මණ්ඩලයේ සම්බන්ධතා න්‍යාය පත්‍රයේ වෙළෙඳාම හා ආයෝජනය සංවර්ධනය කිරීම අරමුණු තර ගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය වෙළෙදාම වර්ධනය කළ යුතු වෙනවා “යැයි කර්මාන්ත හා වානිජ කටයුතු අමත්‍ය රිෂාඩ් බද්යුඩීන් මහතා පවසයි කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් රටක ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනවා. නමුත් ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ අවශ්‍යතා මග හැරීයනවා. එම නිසා පොදු රාජ්‍ය…

(0)Comments | April 26, 2018 8:37 am

අයවැය පොරොන්දුවලින් නොකෙරෙන ප්‍රමාණය වැඩියි – Verité Research

අයවැය පොරොන්දු ක්‍රියාත්මක වීමේ දී රජය පොරොන්දු වූ ආකාරයට ජනතා මුදල් වියදම් කර ඇතිදැයි සොයා බැලීමේ ක්‍රමවේදයක් වර්තමානයේ නැති බවත්, මේ නිසා සෑම වසරකම පාහේ රජයන් අයවැය කතාව කරන විට ජනතාවට දෙන සුන්දර පොරොන්දුවලින් බොහොමයක් ඉටු නොකරන පරිසරයක් අද වන විට නිර්මාණය වී ඇති බවත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පර්යේෂණ ආයතනයක් වන Verité Research පවසයි. 2017…

(0)Comments | April 25, 2018 5:23 pm

වත්මන් රජය යටතේ 19.71% කින් රුපියල අවප්‍රමාණය වෙලා

වත්මන් රජය බලයට පත් වූ 2015 ජනවාරි 09 දින සිට මේ දක්වා කාලය තුළ දී, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 19.74% කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවලට අනුව මේ බව අනාවරණය වේ. 2017 ජනවාරි 08 දින එක්සත් ජනපද ඩොලරයක රුපියල් වටිනාකම රු. 131.25 ක් වූ අතර අද (25) දිනයේ දී…

(0)Comments | April 25, 2018 4:07 pm

ඩොලරය ඉදිරියේ රුපියල (ස)මස්ත බාල්දුයි. විකුණුම් මිල ඉතිහාසයේ පළමු වතාවට රු. 159 ඉක්මවයි.

මේ වන විට එක්සත් ජනපද ඩොලරයක් සඳහා ගෙවීමට නියම වූ ඉහළම රුපියල් අගය ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව ට අනුව  අද (2018 අප්‍රේල් 24) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 155.2641 ක්වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රු. 159.0445 ක් වශයෙනි. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක් සඳහා නියම වූ වැඩිම…

(0)Comments | April 25, 2018 12:59 pm

කර්මාන්තපුරවල හිස් ඉඩම් තිස්පස් අවුරුදු බදු පදනම යටතේ ලබා දීමේ යෝජනාවක්

ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන සඳහා ප්‍රාදේශීය කර්මාන්ත‍ සේවා කමිටුව සහ අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීම් කමිටුව විසින් සුදුසු ආයෝජකයින් තෝරාගනු ලැබේ. ඒ අනුව, කරන්දෙණිය, බටඅත, නූරාණි, පුත්තලම, ලක්ෂ උයන හා මඩකලපුව යන කර්මාන්තපුරයන්හි පවතින හිස් ඉඩම් කොටස්වල කර්මාන්ත ඇරඹීම සඳහා සුදුසු ආයෝජකයින් ‍තෝරා ගැනීම පිණිස පුවත්පත් දැන්වීම් පළ කර…

(0)Comments | April 25, 2018 11:54 am

Swiss Singapore Overseas ට බොරතෙල් බැරල් මිලියන 7 ක කොන්ත්‍රාත්තුවක්

2018 අප්‍රේල් 01 සිට මාස අටක කාලයක් සඳහා මර්බන් බොරතෙල් බැරල් 7,000,000 ක් මිල දී ගැනීම සඳහා, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 1.69 ක් බැගින් වන මුදලකට M/s Swiss Singapore Overseas Enterprises Pte. Ltd වෙත පිරිනැමීමට ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට්…

(0)Comments | April 25, 2018 11:46 am

ඩොලර්, රන් සංචිත පහළට

2018 මාර්තු මාසය තුළ දී නිල සංචිත වත්කම්වල අඩුවීමක් වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සතිපතා ආර්ථික විමර්ෂන වාර්තාවෙහි මේ බව සඳහන් වේ. 2018 මාර්තු 31 දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 7,309.11 ක් ලෙසින් වාර්තා වී ඇත. මේ අනුව…

(0)Comments | April 24, 2018 4:57 pm