Top News

කැබිනට් මණ්ඩලේ දී තෙල් ගැන සාකච්ඡා නැහැ

අද (24) දින පැවති කැබිනට් මණ්ඩල හමුවේ දී යෝජිත ඉන්ධන මිල සූත්‍රය පිළිබඳ සාකච්ඡා කෙරුණේ නැති බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. කැබිනට් හමුව අවසන් වී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටව යන අවස්ථාවේ දී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

(0)Comments | April 24, 2018 4:02 pm

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට අලුතින් 5,000 ක්

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය සඳහා අලුතින් 5432ක් මැයි 15දා වන විට බඳවා ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් කේ.බී.පී.එම්.ජේ. ගමගේ මහත්මිය පවසයි. ඒ අනුව සීමිත අංශයෙන් මෙම සේවාව සඳහා නිලධාරීන් 1377ක් ද, විවෘත අංශයෙන් 4055ක් ද බඳවාගැනීමට නියමිතව ඇත. පසුගිය වසරේ දෙසැම්බර් 31දා වන විට රාජ්‍ය කළමනාකරණ සේවයේ…

(0)Comments | April 24, 2018 2:49 pm

ධීවර සංස්ථාව සති දෙකක දී රු. ලක්ෂ 722 ක මාළු විකුණයි

උත්සව සමයේ මත්ස්‍ය අලෙවිය සියයට 68 දක්වාත්, ඉන් ලද ආදායම සියයට 74 දක්වාත් ඉහළ නැංවීමට ලංකා ධීවර සංස්ථාවට හැකි වු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ලංකා ධීවර සංස්ථාව සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වැඩිපුරම පාරිභෝජනය කෙරෙන මත්ස්‍ය විශේෂ 04ක් විශේෂ සහන මිලක් යටතේ අලෙවි කිරීමට තීරණය කළේය. ධීවර හා ජලජ…

(0)Comments | April 24, 2018 11:58 am

තැරැව්කාර සමාගම් හතරකට කොටස් ගනුදෙනු තහනම්

කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගම් 4 ක ගනුදෙනු ක්‍රියාකාරකම් තහනම් කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ. අවම ප්‍රාග්ධන ප්‍රමාණතා අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීම සහ අවම කොටස්කරුවන්ගේ අරමුදල් අවශ්‍යතා සපුරාලීමට අසමත්වීම යන කරුණු හේතුවෙන් මෙම පියවර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ. මෙලෙස ගනුදෙනු ක්‍රියාකාරකම් තහනම් වී ඇති තැරැව්කාර සමාගම් වනුයේ, 1. නේෂන් ලංකා ඉක්විටීස්…

(0)Comments | April 24, 2018 11:03 am

නව ආයෝජන සොයා බැලීමට පාකිස්ථානයෙන් එයි

ශ‍්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා රැසක් පිළිබඳ සොයා බැලීමට පාකිස්ථාන සමාගම් කිහිපයකට අයත් ආයෝජකයින් කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබෙන අතර, ඔවුන් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවිය. පාකිස්ථානයේ ප‍්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක නියෝජිතයින් මෙම කණ්ඩායමට ඇතුළත්වන අතර සෞඛ්‍ය, නිවාස, සංචාරක සහ විද්‍යා හා තාක්ෂණික ක්ෂේත‍්‍රයන්හි ශ‍්‍රී ලංකාවේ නව ආයෝජන සඳහා තමන්…

(0)Comments | April 24, 2018 10:58 am

උද්ධමනය – වසර දෙකක් තුළ අඩුම අගයයට පැමිණෙයි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2017 නොවැම්බර් මස සිට අඛණ්ඩ ව පහළ යන නැඹුරුවක් පෙන්නුම් කළේ ය. ඒ අනුව, ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 පෙබරවාරි මාසයේ පැවති සියයට 3.2ට සාපේක්ෂ ව 2016 අප්‍රේල් මස සිට වාර්තා…

(0)Comments | April 24, 2018 8:25 am

2018 මුල් කාර්තුවේදී දූෂණය අඩුවන බලාපොරොත්තු ඉහළට

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2018 මුල් කාර්තුව (ජනවාරි, පෙබරවාරි සහ මාර්තු)     රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව – ආර්ථික අපේක්ෂාව පිළිබඳ 2018 ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසවල දත්ත විමසා බැලීමේදී පෙනී යන්නේ ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව මෙම කාර්තුව තුළදී සමස්තයක්…

(0)Comments | April 23, 2018 1:46 pm

Crypto currencies අපරාධ සඳහා යොදා ගැනීමේ අවදානමක් Video

මුදල් පථය හඳුනා ගැනීමට හැකියාවක් නොමැති වීමත්, සිදුකෙරෙන ගනුදෙනු නිර්නාමික ඒවා වීමත් නිසා Crypto currencies අපරාධ සඳහා යොදා ගැනීමේ ප්‍රවණතාවයක් පවතින බව ආර්ථික විද්‍යාඥ ලලින්ද සුගතදාස මහතා පවසයි. පසුගිය වසර තුළ සිදුකරන ලද Bitcoin ගනුදෙනුවලින් භාගයක්ම යොදාගෙන ඇත්තේ නීතිවිරෝධී වැඩ සඳහා බව ඒ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. අද දෙරණ Biz සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්…

(0)Comments | April 23, 2018 1:32 pm

මෙරට හෙදියන්ට ඇමරිකා රැකියා වරම් – ඉල්ලුම් කරන්නේ මෙහෙමයි

ඇමරිකා එක්සත් ජනපදයේ බලයලත් බඳවා ගැනීමේ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ KARMA සේවය ශ්‍රී ලංකාවේ වෙසෙන හෙදියන් (ගැහැණු සහ පිරිමි)  සඳහා ඇමරිකාවේ රැකියා අවස්ථා ලබා දීමට අපේක්ෂා කරයි. ශ්‍රී ලංකා හෙදි බලපත්‍රය ලබා සිටීම සහ අවම වශයෙන් අවුරුදු දෙකක රෝහල් හෙදි අත්දැකීම, හෙදි ශ්‍රාස්ත්‍රවේදී උපාධිය හෝ හෙදි ඩිප්ලෝමාවක් ලබා තිබීම මේ…

(0)Comments | April 23, 2018 11:16 am

නිදහස් කුසලානයෙන් රු. මිලියන 943 ක ශුද්ධ ලාභයක්

පසුගිය දා ශ්‍රී ලංකාවේ පවත්වන ලද නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලියෙන් රුපියල් බිලියන 940 ක ශුද්ධ ලාභයක් ලබා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි. පසුගිය දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මේ බව අනාවරණය කළේය. “ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවති සාර්ථකම තුන්කොන් ක්‍රිකට් තරගාවලිය මෙයයි. මීට පෙර මේ වගේ සාර්ථක…

(0)Comments | April 23, 2018 10:57 am