ලංකා ප්රිමියර් ලීග් (LPL) සමාරම්භක තරගාවලියේ ජයග්රාහී කණ්ඩායම වන යාපනය ස්ටැලියන්ස් හි නව හිමිකරු ලෙස අභිනවයෙන් තේරී පත්වූයේ ශ්රී ලංකාවේ උපත ලැබූ බ්රිතාන්ය ව්යවසායකයෙකු වන අලිරාජා සුබාස්කරන් මහතාය. මොහු ලංකා ප්රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස දෙවන තරග වාරයට යාපනය කිංග්ස් හි හිමිකාරීත්වය ලබා ඇත. මෙම නව ව්යාපෘතිය ගැන කතා කරමින් සුභාස්කරන් මහතා පැවසුවේ, “ LPL…
කොවිඞ්-19 ආසාදිතයින්ගේ සංඛ්යාව සීඝ්රයෙන් ඉහළ යන බවට පළවන මාධ්ය වාර්තා වැඩි වෙමින් පවතී. කොවිඞ්-19 වසංගතය ආරම්භ වූ 2020 දී සිටම ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) සහ සමාජික සමාගම් ඔවුන්ගේ කර්මාන්තශාලවල හා පහසුකම්වල මෙම වෛරසය පැතිරීමේ අවදානම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවෙයි. මේ සම්බන්ධව පහත සඳහන් කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවීමට අප අදහස් කරන්නෙමු: සැප්තැම්බර් 09…
E M L Consultants Limited (EML-N-0000) කොළඹ කොටස් හුවමාරුවෙහි Empower පුවරුවෙහි ගනුදෙනු වීම අද දිනයේදී එනම් 2021 සැප්තැම්බර් 27 වන දින ඇරඹී මෙහි “2020 – වාණිජ හා වෘත්තීය සේවා” කර්මාන්ත ක්ෂේත්රය යටතේ සාමාන්ය ඡන්ද හිමි කොටස් 90,900,000 ක් ලැයිස්තුගත කරනු ලැබීය. මෙම සමාගම Empower පුවරුව සඳහා පිළිගනිමින් හා සුබ පැතුම් එක්කරමින් කොළඹ කොටස් හුවමාරුවෙහි ප්රධාන…
වතුකරයේ ජීවත් වන සියලූ ප්රජාවන් ආරක්ෂා කිරීමේ අරමුණින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය හා වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) ක්රියාත්මක කළ සාමූහික ප්රයත්නය විශාල ප්රගතියක් අත්කර ගනිමින් 2021 සැප්තැම්බර් 10 දින වන විට කලාප 7කට අයත් වතු ප්රජාවෙන් 85% කට වැඩි ප්රමාණයකට කොවිඞ් ප්රතිශක්තීකරණ එන්නතේ පළමු මාත්රවත් 63% ප්රමාණයකට සම්පූර්ණ ලෙස මාත්රා දෙකමත් ලබා දී අවසන් බව…
වසංගතයෙන් බලපෑමට ලක් වූ 2020 වසරට සාපේක්ෂ ව, 2021 වසරේ දී ශ්රී ලංකාවේ වෙළෙඳ අපනයන අංශය සැලකිය යුතු වැඩිදියුණු වීමක් පෙන්නුම් කර තිබේ. නවතම රේගු දත්තවලට අනුව, 2020 වසරේ එක්සත් ජනපද ඩොලර් මිලියන 837ක් වූ අපනයන ඉපැයීම්වල මාසික සාමාන්ය අගයට සාපේක්ෂ ව 2021 වසරේ අගෝස්තු මාසයෙන් අවසන් වූ මාස අට තුළ අපනයන ඉපැයීම්වල මාසික සාමාන්යය…
ශ්රී ලංකාවේ ජාතික සංවර්ධන කතිකාවත සමූපකාර ක්ෂේත්රය වෙත නැවත යොමු කිරීම සඳහා දායක වීමේ අරමුණින්, සණස ජාත්යන්තර සමාගම විසින් අන්තර්ජාල සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ‘පොදුජන ආර්ථික සමුළුව 2021’ යන තේමාව යටතේ පවත්වන මෙම සමුළුව, 2021 සැප්තැම්බර් 29 වැනි දින පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා අන්තර් ජාලය ඔස්සේ පැවැත්වීමට නියමිතය. සණස ජාත්යන්තර සමාගම මගින් …
ශ්රී ලංකාව දැනට සිටින මූල්ය අර්බුදයෙන් ගොඩඒම සඳහා ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) සහාය මේ අවස්ථාවේ දී අනවශ්ය බවත්, මූල්ය අරමුදලේ වැඩසටහනකට අනුගත වුවොතින් එයින් ගැලවීමට වසර 10ක පමණ කාලයක් ගත වන බවත් ශ්රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. පසුගිය දා ඇඩ්වොකාටා ආයතනය මගින් සංවිධානය කළ අන්තර්ජාල සාකච්ඡාවක දී අධිපතිවරයා මේ බව…
ජාත්යන්තර ගුවන් ප්රවාහන සංගමය (IATA) තෝරාගත් අංශ වෙත IATA Travel Pass යෙදුම අත්හදා බැලීම 2021 ඔක්තෝබර් 01 දින සිට ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව මෙම ඩිජිටල් බලපත්රය ක්රියාත්මක කරනු ලබන දකුණු ආසියානු කලාපයේ ඉදිරියෙන්ම සිටින ගුවන් සේවා අතරට ශ්රීලංකන් ගුවන් සේවය ද එක්වේ. ආසියාවේ වඩාත්ම පාරිභෝගික කේන්ද්රීය ගුවන් සේවය බවට පත් වීමේ ගුවන්…
ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ශ්රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් ගරු තාරෙක් එම්ඩී අරිෆුල් ඉස්ලාම් මහතා අතර හමුවක් ශ්රී ලංකා මහ බැංකු පරිශ්රයේ දී ඊයේ දින (2021.09.24) පැවැත්වුණි. එහි දී ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සහ බංග්ලාදේශ අපනයන සඳහා කොළඹ වරාය විශාල වශයෙන් උපයෝගී කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කෙරිණි.
ශ්රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන පළමු විදුලි ත්රීරෝද රථය වන Vega ඉලෙක්ට්රික් ත්රීරෝද රථය පසුගිය දා පන්නල පිහිටි ජාත්යන්තර මෝටර් රථ ධාවන පථයේ දී පරීක්ෂණ ධාවනයක් සිදුකර තිබේ. මෙම විදුලි ත්රීරෝද රථය 2022 අප්රේල් මාසය පමණ වන විට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත් දැනට ඉන්දියාවෙන් ශ්රී ලංකාවට ආනයනය කර අලෙවි කරනු ලබන සාමාන්ය…
Video Story