එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතනයේ ප්‍රධානීහු පිරිසක් ඊයේ (11) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ. ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ මත පැන වූ තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද නියෝජිත කණ්ඩායම ඇගයීමට ලක් කළ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතන ප්‍රධානීහු රටක් ලෙස…
2025 වසරේ පළමු භාගයේදී මෙරට ආදායම, වියදම සහ ණය තත්ත්වයන් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලිණි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (සැප්. 09) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. ඒ අනුව 2024 වර්ෂයේ මුල් මාස හයේ මුළු ආදායමට සාපේක්ෂව 2025 වසරේ පළමු භාගය සඳහා ශ්‍රී ලංකා…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරි මණ්ඩලය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (11) පැවැත්විණි. වත්මන් රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සහ ගමන්මඟ මෙන්ම, ආර්ථික සංවර්ධනය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ කර ගන්නා ආකාරය සහ ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය පහසුකම් සැපයීම පිළිබඳ මෙහිදී පැහැදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,…
දිළිඳු පුද්ගලයන්ට අසමානුපාතික හා අහිතකර ලෙස බලපාන ප්‍රතිගාමී බදු ක්‍රමයක් 2024 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 12.3%කින් බදු ආදායම ඉහළ ගොස් ඇති නමුත්, මෙලෙස ඉහළ ගිය බදු ආදායමෙන් 75%ක් ම උපයා ඇත්තේ වක්‍ර බදුවලින් බවත් ලෝක බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් ලෝක බැංකුව පෙන්වා දෙන්නේ මෙය දිළිඳු පුද්ගලයන්ට අසමානුපාතික හා අහිතකර ලෙස බලපාන ප්‍රතිගාමී බදු…
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් සැලසුම් කිරීම සහ ඉදිකිරීමේ ව්‍යාපෘතියට සහාය වීම සඳහා නෙදර්ලන්තය යුරෝ 730,000ක අතිරේක ප්‍රදානයක් අනුමත කර ඇත. මෙම අරමුදල් මඟින් ව්‍යාපෘතියේ අතිරේක මූල්‍ය අවශ්‍යතා සපුරාලනු ඇති අතර, දෙරට අතර දිගුකාලීන සංවර්ධන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් ග්‍රාමීය ප්‍රජාවන්ගේ ගමනාගමනය, නාගරික ග්‍රාමීය සම්බන්ධතාවය සහ ජීවන තත්ත්වය වැඩි දියුණු…
www.slbfe.lk වෙත දැන්ම පිවිසෙන්න ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළ හතරවන අදියර යටතේ රැකියා සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීම මගින් අදාළ රැකියා සඳහා ලියාපදිංචි විය හැකි අතර, ඒ සඳහා…
ශ්‍රී ලංකාව තම ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති බවත්, එය පසුගිය වසර තුනක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8කය ආසන්න ප්‍රමාණයකට සමාන බවත් ලෝක බැංකුව පවසයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ නව සමාලෝචනයක් ඉදිරිපත් කරමින් ලෝක බැංකුව පවසන්නේ, 1980 සිට ලොව පුරා රටවල් 123ක් විසින් දරා ඇති මේ හා සමාන ප්‍රයත්නයන්…
අද (10) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනන වර්ධනයක් වාර්තා විය. ඊයේ (09) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 231.72 ක දැවැන්ත කඩාවැටීමක් වාර්තා වූ පසුබිමක අද ගනුදෙනු ආරම්භයේ මුල් මිනිත්තු 40 පමණ ඇතුළත ඒකක 175ක් ඉක්මවූ පහළ යාමක් දක්නට ලැබුණි. කෙසේවෙතත් ඉන්පසු ක්‍රමයෙන් ගනුදෙනු ක්‍රියාකාරීත්වයේ සක්‍රීය ස්වභාවයක් දක්නට ලැබුණු අතර දිනය…
මෙරට තුළ ඉහළ යන පෝලන්ත සංචාරක වෙළඳපොළ තව තවත් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, බාන් හවුස් ආයතනය (The Barn House Sri Lanka) සමඟ එක්ව නව විවාහ මංගල්‍ය සහ විවාහ ගිවිස ගැනීමේ දීමනාවක් වන “Whispers of Ceylon” සංකල්පය මෙරටට හඳුන්වා දීමට කටයුතු කර ඇත. පසුගිය අගෝස්තු 24 වන දා පොලන්ත යුවළකගේ විවාහ…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (10) දිනයේ දී රු. මිලියන 77,000 ක් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් කැඳවා තිබේ. එහිදී දින 91, දින 182 හා දින 364 යන පරිණත කාලවලට අදාළව පිළිවෙලින් රු. මිලියන 12,000ක්, රු. මිලියන 40,000ක් සහ රු. මිලියන 25,000ක් බැගින් වන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය….
Video Story