ශ්‍රී ලංකා මහ බැංකුව සිය තුන්වන වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව 2025 වසරේ ජූලි මස 31වන දින නිකුත් කළේය. නම්‍යශීලී විනිමය අනුපාතික ප්‍රතිපත්තිය යටතේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව උපයෝගී කර ගනිමින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මහ බැංකුව විසින් සිදු කරනු ලබන මුදල් මෙහෙයුම් සහ විදේශ විනිමය මෙහෙයුම් පිළිබඳව පාර්ශ්වකරුවන් අතර දැනුම්වත්භාවය සහ අවබෝධය වැඩි දියුණු කිරීම මෙම…
ඉදිකිරීම් කටයුතුවල තවදුරටත් වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2025 ජුනි මාසයේ දී දර්ශකාංක 58.6ක් ලෙස වාර්තා විය. ව්‍යාපෘතිවල සිදු වූ ධනාත්මක වර්ධනය මෙන්ම ස්ථාවර මිල මට්ටම් තුළින් පෙන්නුම් කළ පරිදි, ඉදිකිරීම් කර්මාන්ත කටයුතු සඳහා පවතින හිතකර වාතාවරණය මේ සඳහා විශේෂයෙන්ම හේතු වූ බව සමීක්ෂණයට…
2025 ජූනි මාසයේ දී රථ වාහන ආනයනය වෙනුවෙන් ශ්‍රී ලංකාව, එක්සත් ජනපද ඩොලර් මිලියන 169.5 ක වියදමක් දරා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2025 මුල් මාස 06 තුළ දී වාහන ආනයනය වෙනුවෙන් දරා ඇති සමස්ත පිරිවැය ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා ගොස් ඇති අතර එය ඩොලර් මිලියන 545.7ක් ලෙසින් දැක්වේ. එය…
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන 30%ක අන්‍යොන්‍ය තීරුබදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබූ අතර, එය අද (1) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි. ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම මෙලෙස…
ඉහළ පෙලේ ජපාන ආයෝජකයින් පිරිසක් අද (31) බලශක්ති අමාත්‍යංශයේදී අමාත්‍යවරයා හමුවිය. එහිදී පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සහ විශේෂයෙන් විදුලි සම්ප්‍රේශණ පද්ධතිය නවීකරණය හා සංවර්ධනය කිරීමෙහිලා ඇති ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කරන ලදී. දිගු කාලීන මිතුරු රටක් ලෙස ජපානය සම්බන්ධයෙන් ලංකාවේ අපට ඇත්තේ ඉතාමත් හොඳ සුහද හැඟීමක්. විශේෂයෙන්ම අපේ රටේ සංවර්ධනයට යටිතල පහසුකම් දියුණුවට ජපානය දක්වන සහාය…
ඩිජිටල් පරිවර්තනයක් සඳහා වන වැඩපිළිවෙලෙහි ප්‍රධානතම ව්‍යාපෘතිය වන ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් (SLUDI) ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා රජය මඟින් 2026 අප්‍රේල් මස වන විට ආරම්භ කිරීමට නියමිතය, එය ශක්තිමත් දත්ත ආරක්ෂණ පද්ධතියකින් සහ පුරවැසි ආරක්ෂාව සහතික කරන, මහජන සේවාවන් වෙත කාර්‍යක්ෂමව ප්‍රවේශ වීමට අවස්ථාව හිමිකර දෙන දැවැන්ත පරිවර්ථනයක ආරම්භයකි. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන…
අද (31) කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 19,600 සීමාව පසුකර යෑමට සමත් විය. ඒ අනුව දිනයේ ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 76.33කින් ඉහළ ගොස් ඒකක 19,642.48ක් ලෙසින් සටහන් විය. එහි දී S&P SL20 මිල දර්ශකය ඒකක 10.49කින් ඉහළ ගොස් ඒකක 5,762.17ක් ලෙසින් සටහන් විය. අද සමාගම්…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 ජුනි මාසයේ වාර්තා වූ –0.6% සිට 2025 ජූලි මාසයේ දී -0.3% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 ජූලි මාසයේ දී 1.5% ක් දක්වා අඩු වී ඇති අතර 2025 ජුනි මාසයේ දී එය…
රජය විසින් එළඹෙන සැප්තැම්බර් මාසය ඩිජිටල් මාසය ලෙස නම් කරන බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (31) පෙරවරුවේ කොළඹ දී පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි. “ඩිජිටල් ශ්‍රී ලංකා” යන තේමාව යටතේ නම් කිරීමට නියමිත මෙම ඩිජිටල් මාසයට සමගාමීව වැඩසටහන් බොහෝමයක් සංවිධානය කර ඇති බව ද අමත්‍යවරයා…
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙනවා දෙන්නනේ එම කාල සීමාව තුළ 1,341,953ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි. මේ දක්වා වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇති රට ලෙස ඉන්දියාව අඛණ්ඩව පෙරමුනේ…
Video Story