Top News

නිරෝධායන ඇඳිරිනීතිය මධ්‍යයේ වුවද කොටස් වෙළෙඳපොළ ආයෝජකයින් ගනුදෙනු සඳහා ධනාත්මක ප්‍රතිචාර දක්වයි

කොළඹ කොටස් හුවමාරුවෙහි සමහර කාර්යාල පරිශ්‍රයන් හා සමහර තැරව්කාර සමාගම් කාර්යාල නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල පිහිටියේ වුවත් ඔක්තෝම්බර් 26 වන දින සිට නොවැම්බර් 06 වන දින දක්වා වෙළෙඳපොළ කටයුතු අඛණ්ඩව කරගෙන යාමට සමත්ව තිබේ. දුරස්ථව ගනුදෙනු කටයුතු සිදුවුයේ වුවද ආයෝජකයින්ගේ යහපත් ධනාත්මක ප්‍රතිචාර නිසා වෙළෙඳපොළ සැලකියුතු මට්ටමකින් ඉහළ යාමක් වාර්තා වී තිබේ. ඔක්තෝම්බර් 26 වනදින…

(0)Comments | November 10, 2020 3:41 pm

කීල්ස් සුපර් තිඹිරිගස්යාය, හැව්ලොක් ශාඛා තාවකාලිකව වැසේ

කීල්ස් සුපර්මාර්කට්ස් විසින් මීට සුළු මොහොතකට පෙර නිවේදනයක් නිකුත් කර තිබේ. අහඹු ලෙස සිදුකරන ලද PCR පරීක්ෂණවලින් සිය තිඹිරිගස්යාය ශාඛාවේ කාර්යමණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු සහ හැව්ලොක් පාර ශාඛාවේ එක් සාමාජිකයෙකු කොවිඩ්-19 ආසාදිත බවට අද (10) දින හඳුනාගෙන ඇති බවට එහි සඳහන් වේ. එම නිවේදනය පහතින් දැක්වේ.

(0)Comments | November 10, 2020 2:51 pm

ඇමති බන්දුලගේ “රජවාස” යෝජනාවට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ ප්‍රදර්ශනාගාරය තුළ රාජ්‍ය ආයතනවල නිෂ්පාදන අලෙවිය සඳහා අවස්ථාව ලබා දීම පහත සඳහන් රාජ්‍ය ආයතනවල නිෂ්පාදනය කරනු ලබන හා අලෙවි කරනු ලබන නිෂ්පාදන, දැරිය හැකි මිලකට එකම වහලක් යටදී පාරිභෝගිකයින්ට ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට හැකි වන පරිදි දැනට නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා රාජ්‍ය…

(0)Comments | November 10, 2020 2:29 pm

රාගම පේරලන්දේ තෙත්බිම් ආශ්‍රිත විනෝදාස්වාද උද්‍යානයක්

රාගම පේරලන්ද නේවාසික කලාපය තුළ පිහිටා ඇති පේරලන්ද තෙත්බිම් ආශ්‍රිතව විනෝදාස්වාද උද්‍යාන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර ඇත. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතියට අදාළ කොන්ත්‍රාත්තුව සෘජු කොන්ත්‍රාත්තුවක් වශයෙන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත ප්‍රදානය කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය උපදේශක සේවාවන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැපයීමටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා…

(0)Comments | November 10, 2020 1:40 pm

හම්බන්තොට අක්කර 400ක ඖෂධ නිෂ්පාදනය සඳහාම වෙන් වූ කලාපයක්. ආයෝජකයන්ට සහන හා දිරි ගැන්වීම්

ආර්ථික පුනර්ජීවනය සහ දිළිඳු බව දුරලීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය විසින් සෘජු විදේශීය ආයෝජන ආකර්ශනය කර ගත හැකි සහ විදේශ විනිමය උපයා ගැනීම සඳහා විභවයක් ඇති කර්මාන්තයක් වශයෙන් ඖෂධ නිෂ්පාදන කර්මාන්තය හඳුනාගෙන ඇත. ඒ අනුව, හම්බන්තොට, ආරබොක්ක වතුයායෙහි අක්කර 400ක භූමි ප්‍රමාණයක, ලෝකයේ ප්‍රධාන ඖෂධ නිෂ්පාදන සමාගම් ආකර්ශනය කර ගැනීමට හැකි වන පරිදි නවීන…

(0)Comments | November 10, 2020 1:08 pm

සතොසෙන් පාලන මිලට සහල් දෙන්න ක්‍රමයක්

දැනට වෙළඳපොළේ පවතින සහල් හිඟය සහ පාලන මිලට ප්‍රමාණවත් තරම් සහල් තොග සැපයීමට සහල් මෝල් හිමියන් ඉදිරිපත් නොවීම යන කරුණු සැලකිල්ලට ගෙන, දිස්ත්‍රික් ලේකම්වරුන්/දිසාපතිවරුන් භාරයේ පවතින වී තොග සහ වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර සතොස වෙළඳසැල් මඟින් පාලන මිලට පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය…

(0)Comments | November 10, 2020 1:02 pm

කොවිඩ් ණය සහන තවත් මාස 06කින් දීර්ඝ කෙරේ

COVID-19 හි දෙවන රැල්ල හේතුවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයින් වෙත ලබා දී තිබූ ණය සහන කාලය 2020 ඔක්තෝබර් 01 දින සිට තවත් මාස 06 ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත ලීසිං සමාගම් වෙත චක්‍රලේඛයක්…

(0)Comments | November 10, 2020 12:09 pm

2020 සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් යථා තත්ත්වයට

වෙළඳ හිඟය අඛණ්ඩව පහත වැටීම, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු ලෙස වැඩි වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි ස්ථාවරත්වය යනාදියෙහි හිතකර බලප‍ෑම හේතුවෙන් 2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් යථා තත්ත්වයට පත් විය. අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා භාණ්ඩ අපනයනය වර්ධනය වීමත්, මාසය තුළ භාණ්ඩ ආනයන අඩු වීමත්…

(0)Comments | November 10, 2020 5:30 am

ඔක්තෝබර් මාසයේ දී විදෙස් ණය ගෙවීමන් පසු නිල සංචිතය ඩොලර් මිලියන 807කින් පහළට

2020 ඔක්තෝබර් මාසය අවසානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 5,858.5 ක් ලෙසින් වාර්තා වේ. මෙම අගය 2020 සැප්තැම්බර් 30 දිනට ඩොලර් මිලියන 6,666.3 ක් ලෙසින් සටහන් වූ අතර ඒ අනුව ඔක්තෝබර් මාසය තුළ දී ඩොලර් මිලියන 807.8කින් නිල සංචිත වත්කම් ප්‍රමාණය පහළ ගොස් ඇත….

(0)Comments | November 9, 2020 12:02 pm

කොරෝනා අභියෝග මැද ලොව ලොකුම පොහොසතාගේ ධනය තවත් වැඩිවෙද්දී ලංකාවේ ලොකුම ධනවතාගේ ධනස්කන්ධයත් කෝටි 1,500කින් ඉහළට

කොවිඩ්-19 වසංගත තත්ත්වය ලොව පුරා රටවල ආර්ථික අඩපණ කිරීමටත්, අතිවිශාල ජනතාවක් රැකියා වියුක්තිකයන් පිරිසක් බවට පත්කරලීමටත් මේ වන විට හේතු වී තිබේ. ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් මේ වන විට කොවිඩ් අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන්ගේ ප්‍රමාණය මිලියන 40 ක් බව වාර්තා පෙන්වා දේ. එය ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය මෙන් දෙගුණයකට ආසන්නය. කෙසේ වෙතත් කොවිඩ් වසංගත…

(0)Comments | November 9, 2020 10:09 am