කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (05) දින දෙවන වරටත් අත්හිටවනු ලැබීය. S&P SL20 දර්ශකය පූර්ව දිනයට සාපේක්ෂව 7.5%ක් ඉක්මවා කඩා වැටීම හේතුවෙන් අද දින දෙවන වරට කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අත්හිටුවනු ලැබූ අතර පස්වරු 12.13 ට නැවත ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොළ විවෘත වීමට නියමිතය. මීට පෙර දිනය තුළ 5%ක ප්‍රමාණයකින් S&P SL20 දර්ශකය පහළ…
බ්‍රැන්ඩික්ස් සමාගමේ මිනුවන්ගොඩ පිහිටි කර්මාන්තශාලාවේ සාමාජිකාවකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව එම සමාගම හඳුනාගෙන ඇත. බ්‍රැන්ඩික්ස් සමාගමේ සියලු මෙහෙයුම් අංශ තුළ දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කර ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇතුළු අදාළ සෞඛ්‍ය බලධාරීන්ගේ කඩිනම් ක්‍රියාමාර්ග සහ සහයෝගය හේතුවෙන් එම ආසාදන තත්ත්වය කලින් ම හඳුනාගෙන එම සාමාජිකාව වහාම ප්‍රතිකාර සඳහා IDH රෝහලට…
2020 ඔක්තෝබර් දෙවැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කල් පිරෙන එක්සත් ජනපද ඩොලර් බිලියනයක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක්, නියමිත කූපන ගෙවීම් ද සහිතව, පියවීම සාර්ථකව නිම කරන ලදී. මෙම පියවීම මගින් විදේශීය වගකීම් නිසි ලෙස පියවීම සඳහා රජයේ නොසැලෙන කැපවීම නැවත තහවුරු කෙරෙන අතර, එමගින් ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ නැංවීමත් ණය…
සැප්තැම්බර් මස තුල 12% වර්ධනයක් දැක් වූ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ලොව අනෙක් මිල දර්ශකයන් අභිබවමින්, එම මාසය තුල වැඩිම වර්ධනයක් දැක්වූ මිල දර්ශකය බවට පත්ව ඇත. සැප්තැම්බර් මස තුල කොළඹ කොටස් වෙළෙදපොළෙහි සමස්ත වෙළෙදපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 279.6ක් එකතු වීමද විශේෂත්වයකි. කොළඹ කොටස් හුවමාරුවෙහි විශාලතම සහ ද්‍රවශීලතාවයෙන් ඉහළම කොටස් 20කින්…
සමස්ත ආයෝජනය ඇ.ඩො. මිලියන 18.5 ක් යුරෝපා සංගමයේ යහපත් නිෂ්පාදන ක්‍රමවේද (GMP) වලට අනුකූලව අපනයන කිරීම අරමුණයි මෙරට විශාලතම ඝන ඖෂධ නිෂ්පාදකයා වන හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී සමාගමට අනුබද්ධිත මොරිසන් පීඑල්සී සමාගම, අද (2020 ඔක්තෝබර් මස 02) දින නවීන තාක්ෂණයෙන් අනූන ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව සහ පර්යේෂණ හා සංවර්ධන පරිශ්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද. – CCPI, 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 අගෝස්තු මාසයේ පැවති සියයට 4.1හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 4.0 දක්වා සුළු වශයෙන් පහළ ගියේය. 2019 සැප්තැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය…
කහ ආනයනය තහනම් කිරීමත් සමඟ දේශීය වෙළෙඳපොළේ කහ සඳහා වූ මිල සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර එහිදී මිල පාලනය සඳහා 2020 අප්‍රේල් 21 දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව අංක 2172/5 දරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරිණි. ඉන් කියැවුණේ කහ කුඩු අලෙවිය සඳහා කිලෝ ග්‍රෑම් 1ක් වෙනුවෙන්…
හැම අවුරුද්දකම සැප්තම්බර්, ඔක්තෝබර් මාසවල සාහිත්‍ය ලෝලීන්ගෙ ඇඟට දැනෙන්නෙ හරියට පොඩි කාලෙ අවුරුදු එනවා කිව්වම දැනෙනවා වගේ හැඟීමක්.නෑදෑයො බලන්න ගිහින් ලැබුණු තෑගිත් අරන් ගෙදර එනවා වගේ තමයි අලුතෙන් පොත් අරන් ගෙදර යද්දි. කොළඹට තමයි ඉතින් සාහිත්‍ය මාසෙ ඉර පායන්නෙ. පොත් ප්‍රදර්ශන, වට්ටම්, සාහිත්ය උත්සව, සාහිත්‍ය කතිකා, පොත් එළිදැක්වීම් හැමතැනම. ඒත් මේ සාහිත්‍යයේ දීප්තිමත් සූර්යාලෝකය අපේ…
ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළේ හා LMD Business Confidence දර්ශකයේ වර්ධනය දෙස බැලීමේ දී මෙරට සහ විදෙස් ආයෝජකයින්ගේ මතය මනාව පිළිබිඹු වන බවත්, එය Moody’s ආයතනයේ මතයට වඩා හාත්පසින්ම වෙනස් බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (30) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම රාජ්‍ය ආදායමෙන් මනාව පැහැදිලි වන බවත් එය පසුගිය අගෝස්තු මාසයේ දී රු. බිලියන 144 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි. අද (30) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක දී ලේකම්වරයා මේ බව කියා සිටියේය. මේ අතර මෙම මාධ්‍ය හමුවට එක් වූ…
Video Story