කොමර්ෂල් බැංකුවේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 115,197,186 ක් පුද්ගලික කොටස් නිකුතුවක් ලෙස ඩොලර් මිලියන 50 කට (රුපියල් බිලියන 9.215 කට) ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවට ලබාදීමට අවශ්‍ය නිළ කටයුතු මේ වනවිට සම්පූර්ණ කර ඇතැයි කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. මෙය කොමර්ෂල් බැංකුව සිදුකරන පළමු විදේශීය පුද්ගලික කොටස් වෙන්කිරීම බවත්, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පසු…
සිය සමාගමට අයත් මිනුවන්ගොඩ කර්මාන්තශාලා පරිශ්‍රයට ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් කිසිදු පාර්ශවයක් පිවිස නොමැති බව බ්‍රැන්ඩික්ස් සමාගම අවධාරණය කර සිටී. මේ සම්බන්ධයෙන් සමාගම නිකුත් කළ නිල නිවේදනය පහතින් දැක්වේ. බ්‍රැන්ඩික්ස් නිල නිවේදනය: මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව පිළිබඳ මතුවී ඇති ගැටළු සම්බන්ධ පැහැදිලි කිරීම ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් පැමිණි කිසිඳු පාර්ශ්වයක් මිනුවන්ගොඩ කර්මාන්තශාලාවට පිවිස නොමැත විශේෂ…
රටෙහි පවතින වර්තමාන කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබා ගැනීම සඳහා බාහිර පුද්ගලයන්ගේ පැමිණීම අද (2020.10.07) දින සිට නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්, නදුන් ගුරුගේ මහතා පවසයි. එසේ වුවද මහජනතාවට අවශ්‍ය වන සියළුම බදු සේවාවන් ලබා ගැනීම සඳහා සියළුම සේවා මාර්ගගත ක්‍රමය ඔස්සේ (e-service) ලබා ගත හැකි…
මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවේ කොවිඩ්-19 ව්‍යාප්ත වීමේ මූලාශ්‍රය, නිරෝධායනයකින් තොරව මෙරටට පැමිණි ඉන්දියානුවන් කිහිපදෙනෙක් නිසා වූ බවට වාර්තා පළ වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද (07) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. කෙසේ වෙතත් අද (07) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් කොවිඩ්-19 වැළැක්වීම සඳහා ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී,…
රාජකීය කොළඹ ගොල්ෆ් සමාජයීය (Royal Colombo Golf Club) ක්‍රීඩා පිටියෙහි උද්‍යාන අලංකරණ ශිල්පියෙකු (gardener) ලෙස සේවය කරනු ලබන අයෙකුගේ දියණියක කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම හේතුවෙන් අදාළ ක්‍රීඩා සමාජය තාවකාලිකව වසා දැමීමට එම පාලනාධිකාරිය තීරණය කර තිබේ. මෙම උද්‍යාන අලංකරණ ශිල්පියාගේ දියණිය මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ කාර්ය මණ්ඩල සාමාජිකාවකි. මේ අතර එම උද්‍යාන අලංකරණ ශිල්පියා සහ ඔහුගේ…
රජයේ පාසල්වල ද්විතියික අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය උදෙසා ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය සහාය ලබා ගැනීමට තීරණය වී තිබේ. ඒ අනුව ප්‍රතිඵල මත පදනම් වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස ආසියානු සංවර්ධන බැංකුව වෙතින් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් දක්වා ණය මුදලක් ලබා ගැනීම සඳහා 2020 අප්‍රේල් මස 01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා…
බාසල් සම්මුතිය කඩකරමින් මෙරටට ගෙන්වා ඇති කසළ බහාලුම් ප්‍රතිඅපනයනය කිරීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඊයේ (06) දිනයේ දී බාසල් සම්මුතියට විෂය ප්‍රකාරව හා නියමිත ක්‍රමවේදයට අනුව මේ පිළිබඳව බාසල් සම්මුතියේ ලේකම් කාර්යාලය වෙත පැමිණිලි කරනු ලැබ ඇති බවයි. තවද ශ්‍රී ලංකාවට මෙතෙක් මෙමඟින් වූ හානිය වෙනුවෙන් රු. 1,694,274,751.00…
පවතින තත්ත්වය සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිවේදනයක් නිකුත් කර ඇත. සමාගම විසින් නිකුත් කරන ලද එම නිල නිවේදනය පහතින් දැක්වේ. 2020 ඔක්තෝබර් මස 6: පවත්නා තත්ත්වය හමුවේ සාමාන්‍ය ජනතාව සහ අදාළ සියලු පාර්ශ්ව දැනුම්වත් කිරීම සඳහා, අපගේ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ පළමු COVID-19 වෛරසය ආසාදනය වූ කාර්යමණ්ඩල සාමාජිකාව හඳුනාගැනීමේ සිට මේ දක්වා අප සතු තොරතුරු ලබාදීමට කැමැත්තෙමු….
ඊයේ (05) දිනයේ දී ඉතිහාසයේ තනි දිනයක් තුළ දරුණුතම කඩා වැටීම (ඒකක 462.99 ක්) වාර්තා වූ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (06) දිනයේ දී ඉහළ උච්ඡාවචනයන් මැද ඒකක 52.57 ක පහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 5,534.61 ක් ලෙසිනි. ඒකක 5,587.18 ක් ලෙසින් ඊයේ…
කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීම සඳහා රථගාල් 08 ක් ඉදිකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ. එහි ප්‍රථම අදියර අද (06) වැනි දින කොළඹ කොටුව ලේක්හවුස් ආයතනය පසුපස පිහිටි ටෙලිකොම් රථගාල ඉදිකිරීමෙන් ආරම්භ කෙරිණු අතර මෙම ව්‍යාපෘතියට වැය…
Video Story