Top News

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුව හෙට ඇරඹේ

එක්සත් ජනපද ඩොලර් මිලියන 515 ක් ලබා ගැනීම සඳහා වන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුව හෙට (20) දින පෙරවරු 11.00 ට ආරම්භ වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. ශ්‍රී ලංකාව තුළ ආදායම් බන්දෙන් නිදහස් මෙම සංවර්ධනය බැඳුම්කර සඳහා ආයෝජනය කිරීමට පහත සුදුසුකම්ලත් ආයෝජකයින්ට හැකියාව ඇත. විදේශීය පුරවැසියන් සහ ආයතන,…

(0)Comments | June 19, 2017 2:06 pm

පාසල්වල තොරතුරු තාක්‍ෂණ භාවිතයේදී ගැටළු වලට විසදුම් දීමට ජාතික වැඩපිළිවෙලක්

පාසල් පද්ධතිය තුල තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය භාවිතා  කිරීමේදී මුහුණ පෑමට සිදුවන විවිධාකාරයේ ගැටළු වලට විසදුම් ලබාදීම සදහා ජාතික මට්ටමේ වැඩපිලිවෙලක් සකස් කෙරේ. මේ අනුව පාසල් සිසුන්ට ගුරුවරුන්ට මෙන්ම දෙමාපියන්ට මුහුණ පෑමට සිදුවන ගැටළු වලදී ඇවැසි විසදුම් ලබාදීම සදහා ඒ පිළිබඳ ‍විශේෂඥ දැනුම සහිත කණ්ඩායමක් සහාය වනු ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ශාඛාව ශ්‍රී…

(0)Comments | June 19, 2017 1:33 pm

පර්මිට් වාහන බද්ද පහළට

රජයේ නිලධාරියකු විසින් 2016.07.14 දිනැති වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රෙල්ඛ අංක 01/2016 හෝ එයට කරන ලද සංශෝධනවලට අනුකූලව නිකුත් කරන ලද බලපත්‍රයක් උපයෝගී කර ගෙන දේශීයව නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක් හෝ ආනයනය කරනු ලබන මෝටර් රථයක මිල, රක්ෂණය සහ ගැල් කුලිය ඇතුළත් වටිනාකම අනුව ගෙවිය යුතු නිෂ්පාදන බද්ද පහළ දමා තිබේ. මෙම නව බදු…

(0)Comments | June 19, 2017 11:30 am

වරාය නගරයෙන් ජලජ ජීවින්ට වන බලපෑම සොයා බලයි

වරාය නගර ව්‍යාපෘතිය ඉදි කිරීමේ දී මුහුදෙන් වැලි ලබා ගන්නා නිසා එමගින් ජලජ ජීවින්ට හා ජලජ පැළෑටිවලට කිසියම් බලපෑමක් එල්ලවන්නේ ද යන්න සොයා බැලීම සඳහා පර්යේෂණ සිදු කිරීමේ කාර්යභාරය නාරා ආයතනය විසින් සිදු කරන අතර ඒ සඳහා රුපියල් මිලියන 63ක මුදලක් ලබාදී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි. විශේෂයෙන් වරාය නගර…

(0)Comments | June 19, 2017 11:06 am

හානි වූ මුදල් නෝට්ටුවලට මහ බැංකුව ගෙවන්නේ නැහැ

විකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු සඳහා 2017.12.31 දිනෙන් පසුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවීම් සිදුනොකරන බව නිවේදනය කර සිටී. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටින්නේ ව්‍යවහාර මුදල් නෝට්ටු විකෘති කිරීම, වෙනස් කිරීම හෝ හානි කිරීම 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ වරදක් වන…

(0)Comments | June 16, 2017 5:07 pm

ආර්ථිකයේ 3.8%ක වර්ධනයක්

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2017 පළමු  කාර්තුව (ජනවාරි, පෙබරවාරි, මාර්තු) සඳහා  දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක නිෂ්පාදන ප්‍රවේශය අනුව පවත්නා මිල ගණන් යටතේ සහ ස්ථාවර මිල ගණන් (2010) යටතේ ඇස්තමේන්තු  නිකුත් කොට ඇත. දිවයිනේ උතුර, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වල 2016 වර්ෂයේ සිට පැවති වියලි කාලගුණික තත්ත්වය ආර්ථිකයේ කෘෂිකාර්මික අංශයට…

(0)Comments | June 16, 2017 5:02 pm

කදිරගාමර් ආයතනය දෙස් විදෙස් දැනුම් කේන්ද්‍රස්ථානයක් කිරීමට පියවර

ලක්‍ෂ්මන් කදිරගාමර් ආයතනය ජාතික හා ජාත්‍යන්තර වශයෙන්, දැනුම පදනම් කර ගත්  කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ තිබු, වැරදි ප්‍රතිරූපය නිවැරදි කරමින් ශ්‍රී ලංකාව ලෝකය තුළ ඔසවා තැබීම සඳහා දිවංගත ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා ගත් ප්‍රයත්නය ප්‍රසංශනීය බවයි. කොළඔ 07 ලක්‍ෂ්මන්…

(0)Comments | June 16, 2017 12:08 pm

ආසිරි, සෙලාන්, ටෝක්යෝ සිමෙන්ට් S&P SL 20 ට එයි

S&P Dow Jones Indices විසින් 2017  පළමුවන අර්ධ වර්ෂය සඳහා කරනු ලැබු දර්ශක සැකසීමට අනුව S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට අදාලව පහත දැක්වෙන වෙනස්කම් වූ බව කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මෙසේ දැනුම් දෙයි. 2017 මාර්තු මස සිදුකල දර්ශක ක්‍රමවේදී සංශෝධයට අනුව, මින් ඉදිරියට අර්ධ වාර්ෂිකව දර්ශකය නැවත සැකසීම ආරම්භ කල අතර ජුනි හා දෙසැම්බර් යන…

(0)Comments | June 16, 2017 10:32 am

ඒකාබද්ධ රජය යටතේ ශ්‍රීලංකන් පාඩු සීඝ්‍රයෙන් අඩුවෙලා

ශ්‍රීලංකන් ගුවන් සමාගම අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කර සිටින්නේ ඒකාබද්ධ රජය පිහිටුවීමෙන් පසු ගුවන් සමාගමේ පාඩු සීග්‍ර ලෙස අඩුවී ඇති බවයි.ඒ අනුව ගුවන් සමාගමේ  2011 සහ 2015 මූල්‍ය වසර කාලසීමාව  තුළ ආයතනික පාඩුව රුපියල් බිලියන 91.8 ක් වූ  අතර 2017 වසර  වන විට එය  විශාල වශයෙන් අඩුවී ඇත. 2015  වසරේ දී ඉන්ධන මිළ පහත වැටීම හේතුවෙන් …

(0)Comments | June 15, 2017 4:52 pm

ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනයට

ඖෂධ, වෛද්‍ය උපකරණ සහ සීමාස්ථ නිෂ්පාදන ලියාපදිංචි කිරීමේ දී අය කරන ගාස්තු ජාතික ඖෂධ නියාමන අධිකාරිය වසර 08 කට පසු ඊයේ (14) මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඒ අනුව අදාල ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍යවරයා අත්සන් තබා ඇත. ලියාපදිංචි කිරීමෙි ගාස්තු…

(0)Comments | June 15, 2017 2:00 pm