Top News

රේගු පරීක්ෂකවරුන් 131 දෙනකු බඳවා ගැනේ

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II ශ්‍රේණියේ රේගු පරීක්ෂක තනතුරට බඳවා ගැනීම සඳහා  පවත්වන ලද විවෘත තරග විභාගයේ ප්‍රතිඵල මත නිලධාරීන් 131 දෙනකු බඳවා ගන්නා ලදී. මේ සඳහා ජූනි 13 වන දින රේගු මූලස්ථානයේ පැවැති පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පත්වීම් ලිපි භාර දෙන ලදී. මෙම…

(0)Comments | June 15, 2017 10:00 am

මැයි මාසයේ සංචාරක පැමිණීම සියයට 2.5 කින් පහළට

2017 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 121,891 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවක සඳහන් වේ. මෙය 2016 වසරේ මැයි මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වන 125,044 හා සැසඳීමේ දී සියයට 2.5 ක පහළ යාමකි.   මේ අතර 2017 වසරේ පළමු මාස 5 තුළ දී…

(0)Comments | June 14, 2017 2:06 pm

රුපියල් මිලියන 20 ට වැඩි ඩිජිටල් ව්‍යාපෘති 10ක්

ආර්ථිකය ඩිජිටල් කිරීමේ වැඩසටහන යටතේ, 2016-2018 කාල සීමාව තුළ ව්‍යාපෘති 18ක් ක්‍රියාත්මක කිරීමට විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් සැලසුම් කරනු ලැබ ඇත. එම ව්‍යාපෘති අතුරින් 2017 වර්ෂයේදී අමාත්‍යාංශය වෙත වෙන් කර ඇති ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත රුපියල් මිලියන 20 ඉක්මවන ව්‍යාපෘති 10ක් හඳුනාගෙන ඇති අතර එකී ව්‍යාපෘති මෙම වර්ෂය තුළ ක්‍රියාත්මක…

(0)Comments | June 14, 2017 12:35 pm

නිශ්චල දේපල හා තක්සේරුකරණ ආයතනය සංස්ථාපනය කිරීමට අනුමැතිය

දේපළ සහ තක්සේරුකරණ ආයතනයේ අරමුණු වඩා ඵලදායී අන්දමින් ක්‍රියාත්මක කිරීමට හැකි වනු පිණිස එම ආයතනය පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.   දේපළ කළමනාකරණය, අලෙවිකරණය, සංවර්ධනය, ආයෝජනය හා තක්සේරුකරණය යන ක්ෂේත්‍රයන්ට අවධානය යොමු කරමින් දේපළ කර්මාන්තයට අදාළ වෘත්තීයමය ප්‍රවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් දේපළ සහ තක්සේරුකරණ ආයතනය 2001 වර්ෂයේදී පිහිටුවා ගෙන…

(0)Comments | June 14, 2017 12:23 pm

කල් ගිය විභාග නැවත පැවැත්වෙන දින මෙන්න

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දමන ලද විභාග නැවත පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව  විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි. ඒ අනුව එම විභාග පහත දිනයන්හීදී පැවැත්වෙන බැවින් සියලුම අයදුම්කරුවන් අදාළ දිනයන්හීදී එම විභාග සඳහා පෙනී සිටීමට කටයුතු කරන ලෙස  ඒ මහතා දන්වා සිටින අතර එම දිනයන් පහත…

(0)Comments | June 14, 2017 11:39 am

ශ්‍රී ලංකා – කත්මණ්ඩු අතර සෘජු ගුවන් ගමන් ගැන සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ නේපාල තානාපති මහාචාර්ය බිෂ්වම්භර් පියක්කුර්යල්  (Professor Bishwambher pyakuryal) මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර විශේෂ හමුවක් ඊයේ (13) පැවැත්විණි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැති මෙම හමුවේදී දෙරට අතර, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳව අවධානය යොමු විය. ශ්‍රී ලංකාව හා නේපාලයේ කත්මණ්ඩු අගනුවර අතර සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ…

(0)Comments | June 14, 2017 11:23 am

ශ්‍රී ලංකාවේ දරුවන්ට ඩොලර් මිලියන 50 ක UNICEF ආධාර

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) ඉදිරි වසර හතර තුළ ශ්‍රී ලංකාවේ දරුවන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50 කට අධික මුදලක් වැය කිරීමට සූදානම් වේ.   එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් 2018-2022 කාල සීමාව තුළදී ශ්‍රී ලංකාව වෙනුවෙන් යෝජනා කර තිබෙන වැඩසටහන පිළිබඳව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගියදා…

(0)Comments | June 14, 2017 11:14 am

සිටි සෙන්ටර් ඇතුළට ඔඩෙල් එයි

කොළඹ 02, සර් ජේම්ස් පීරිස් මාවතේ බේරේ වැව ඉදිරිපිට දී මේ වන විට ඉදි වෙමින් පවතින Colombo City Centre සුපිරි සාප්පු සංකීර්ණයේ වර්ග අඩි 39,560 ක අවකාශයක් මිල දී ගත් බව මෙරට ප්‍රමුඛතම නිමි ඇඳුම් හා විලාසිතා සමාගමක් වන ඔඩෙල් පීඑල්සී කියා සිටී. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ බව දැනුම් දෙමින් ඔඩෙල් පීඑල්සී ඇඩිදුරටත් අනාවරණය…

(0)Comments | June 13, 2017 1:22 pm

අලුත්වැඩියාවට The Fortress Resort and Spa වසා දමයි

ගාල්ලේ පිහිටි The Fortress Resort and Spa හෝටල් සංකීරණය නවීකරණ කටයුතු වෙනුවෙන් ඊයේ (12) දින සිට ජූලි 25 දින දක්වා වසා තැබෙන බව නිවේදනය කර සිටී. The Fortress PLC විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් කියා සිටින්නේ සිය සේවා ප්‍රමිතීන් ඉහළ නැංවීමේ හා ගොඩනැගිලි, දේපළ තත්ත්වය වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියේ තවත් ඉදිරි පියවරක් ලෙස මෙම…

(0)Comments | June 13, 2017 12:32 pm

ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ.ඩො. මිලියන 2ක ප්‍රදානයක්

ගංවතුරෙන් සහ නාය යෑම්වලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇ.ඩො. මිලියන 2ක ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර තිබේ.ඊට අදාළ ගිවිසුම සිකුරාදා (09) මුදල් අමාත්‍යාංශයේ දී අත්සන් තැබිණ. ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි ශ්‍රී ලංකාවේ නේවාසික…

(0)Comments | June 13, 2017 12:02 pm