රුපියල් ලක්ෂ 15 ක් දක්වා වන ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් වෙනුවෙන් සියයට 15ක පොළී අනුපාතයක් මේ වන විට ගෙවනු ලබන බවත් අවශ්‍ය නම් බැංකුවක් වෙත ගොස් ඒ බව තහවුරු කරගත හැකි බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (06) දින පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ආනයන භාණ්ඩ පර්යන්ත ගොඩනැගිල්ල ඉදිකිරීම – අදියර 1 සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස 2019 මැයි මස 07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, එකී ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් තරගකාරි ලංසු කැඳවා ඇති අතර, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය සැලකිල්ලට ගෙන, අදාළ කොන්ත්‍රාත්තුව රුපියල්…
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් යාපනය අර්ධද්වීපයේ බටහිර වෙරළ තීරයේ මුහුදු කූඩැල්ලන් (Sea-Cucumber) සහ හක් බෙල්ලන් (Conch Shells) යන මුහුදු ජීවීන් එක් රැස් කිරීම සඳහා විශේෂ කිමිඳුම් අවසර පත්‍ර නිකුත් කරනු ලබයි. ඒ අනුව, එම කටයුතුවල නිරත වන කිමිඳුම් කණ්ඩායම් එම ප්‍රදේශයේ වෙරළ තීරයේ තාවකාලිකව පදිංචිව සිටිමින් එම කටයුතුවල නිරත වෙති. එම කාර්යය සඳහා…
කොවිඩ්-19 (COVID-19) වසංගත තත්ත්වය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති සංචාරක මාර්ගෝපදේශකයින් සහ සංචාරක රියදුරන් සඳහා සහන ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි රුපියල් මිලියන 186ක ප්‍රතිපාදන වෙන් කිරීමට එම අධිකාරිය විසින් කටයුතු කර ඇති අතර, එම මුදලින් සංචාරක මාර්ගෝපදේශකයින් සහ සංචාරක රියදුරන් සඳහා සහන ලබා දීමට…
විදේශ විනිමය රට තුළට ගලා ඒම දිරිමත් කිරීමේ අරමුණින්, මාස 06ක කාලයක් සඳහා බැංකු පද්ධතිය හරහා රට තුළට ප්‍රේෂණය කරනු ලබන මුදල් තැන්පත් කිරීම සඳහා ‘විශේෂ තැන්පතු ගිණුම්’ නමින් කාලීන තැන්පතු ගිණුම් විවෘත කොට පවත්වාගෙන යාම පිණිස 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝග නිකුත් කිරීමට 2020 අප්‍රේල් මස 08 දින පැවති අමාත්‍ය…
ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ විශාලතම කඩා වැටීම (ඒකක 462.99 ක්) වාර්තා වූ ඊයේ දිනයේ දී කොටස් වෙළෙඳපොළේ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 200 කින් පහළ ගොස් තිබේ. පසුගිය සිකුරාදා (02) ගනුදෙනු අවසානයේ දී කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 2,624.17 ක් ලෙසින් සටහන් වූ අතර එය ඊයේ (05)…
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් “රටපුරාම LANKAQR“ ජාතික සමාරම්භක අවස්ථාව අද (2020 ඔක්තෝම්බර් මස 05) දින ශ්‍රී ලංකා මහ බැංකුවේදී සනිටුහන් කරන ලදී. මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝගීතා රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය…
ශ්‍රී ලංකාවට හවාලා ක්‍රමය හරහා විශාල මුදලක් පැමිණෙන බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (05) පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති “රට පුරාම LANKAQR“ වැඩසටහන සමඟ එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ශ්‍රී ලංකා මහ බැංකුව මුල්‍ය ආයතන සමඟ එක් ව LANKAQR ගෙවීම්…
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම කඩා වැටීම අද (05) දින වාර්තා විය. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 462.99 කින් පහළ ගිය අතර මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 400 ක් ඉක්මවූ අගයකින් පහළ ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය වාර්තා වේ. මීට පෙර තනි දිනක්…
CRISL සමාගම පිරිනමන ඉහළම ණය වර්ගීකරණය ලබාගැනීමට සමත් වෙයි කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුම් 2020 වසරේදී තවත් සංධිස්ථානයකට පැමිණෙමින් පිට පිටම 10 වන වසර සඳහාත් ක්‍රෙඩිට් රේටින්ග් ඉන්ෆොමේෂන් ඇන්ඞ් සර්විසස් ලිමිටඞ් (CRISL) වෙතින් ‘AAA’ (Triple A) දිගුකාලීන ණය වර්ගීකරණයක් ලබාගැනීමට සමත් වී ඇත. මීට අමතරව, බංග්ලාදේශයේ ප‍්‍රමුඛතම රේටින්ග්ස් ආයතනය වන CRISL වෙතින් කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුම්…
Video Story