Top News

රුපියල පිරිහී ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පහළට

2016 වසරේ දී ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, 2015 වසරේ දී වාර්තා කළ රුපියල් 522,355 ට සාපේක්ෂව රුපියල් 558,363 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව ප්‍රධාන වශයේන දළ දේශීය නිෂ්පාදිතයෙහි නාමික වටිනාකමෙහි සිදු වූ වර්ධනය හේතුකොට ගෙන 2016 වසරේ දී ඒක පුද්ගල ද.දේ.නි. 2015 වසරේ දී වාර්තා කළ සියයට 4.7 ක වර්ධනයට සාපේක්ෂව සියයට…

(0)Comments | May 18, 2017 9:46 am

BIMSTEC අමාත්‍ය සමුළුව ශ්‍රී ලංකාවේ දී

දිළිඳුකම පිටුදැකීම පිළිබඳව වන තුන්වන BIMSTEC අමාත්‍ය සමුළුව මේ වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිණිස සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව හා තායිලන්තය යන රටවල එකමුතුවෙන් 1997 වර්ෂයේදී පිහිටුවාගනු ලැබු BIMSTEC සංවිධානය බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා…

(0)Comments | May 18, 2017 7:24 am

2017 පළමු කාර්තුවේ රජයේ වියදම රුපියල් මිලියන 957,365 යි

2017 වර්ෂයේ පළමු කාර්තුවට අදාළව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ වියදම් පිළිබඳ වාර්තාව අනුව 2017 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව අවසානයේ පුනරාවර්තන වියදම් ලෙස රුපියල් මිලියන 482,856ක් ද මූලධන වියදම් ලෙස රුපියල් මිලියන 474,509ක් ද වශයෙන් රුපියල් මිලියන 957,365ක මුළු වියදමක් රජය විසින් දරනු ලැබ ඇති බව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන තිබේ. ඒ…

(0)Comments | May 18, 2017 7:20 am

කල්පිටියේ ඉඩම් 5 ක් සංචාරක සංවර්ධන අධිකාරියට පවරයි

කල්පිටිය ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය හා බැඳුණු ක්‍රියාකාරකම් හා පහසුකම් සංවර්ධනය කිරීම සඳහා කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි හෙක්ටයාර 56.35ක භූමි ප්‍රමාණයකින් යුත් ඉඩම් කැබලි 05ක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙත පවරා දීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත….

(0)Comments | May 18, 2017 5:17 am

SLIIT ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාමේ තීරණයක්

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) උපාධි පිරිනමනු ලබන ස්වාධීන උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස එම ආයතනය ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය විධිවිධාන සැලසීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. මහපොළ භාරකාර අරමුදල විසින් සපයන ලද ණය මුදලක් යොදවා ආරම්භ කරන ලද, මාලඹේ ප්‍රදේශයේ පිහිටා ඇති ශ්‍රී ලංකා…

(0)Comments | May 17, 2017 9:03 am

Disrupt Asia 2017 එළි දකී

ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA), මෙරට නව ව්‍යවසායකයන් සඳහාවන ප්‍රමුඛත ම උළෙලවන Disrupt Asia 2017 සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය එළඹෙන ජුලි මස 12 වනදා හිල්ටන් හෝටලයේදී ආරම්භ කෙරෙන බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කළේය. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මකවන ප්‍රධානත ම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයවන ICTA, පසුගිය…

(0)Comments | May 17, 2017 6:22 am

ශ්‍රී ලංකාව හා කැනඩාව අතර ගුවන් සේවා ගිවිසුමක්

වෙළඳ හා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා පහසුකම් සලසමින් ශ්‍රී ලංකාව හා කැනඩාව අතර ගුවන් සේවා විධිමත් කිරීමේ අරමුණින් දැනට නිලධාරි මට්ටමින් එකඟ වී ඇති යෝජිත ගුවන් සේවා ගිවිසුමට අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව ගිවිසුමේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයක් කැනඩාවේ වාසය කරනු ලබන අතර, දැනට කැනඩාව සහ ශ්‍රී…

(0)Comments | May 17, 2017 5:45 am

චීන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම මේ වසරේ දී

ශ්‍රී ලංකාව සහ චීනය අතර නිදහස් වෙළඳ ගිවිසුම මේ වසර තුළ අත්සන් තැබීමට අපේක්‍ෂා කරන බව චීන අග්‍රාමාත්‍ය ලී ක’ඡියාන් (Li Keqiang) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවන්හි දී අනාවරණය විය. ඊයේ 16දා සන්ධ්‍යාවේ බෙයිජිං නුවර චීන මහජන මහා ශාලාවේ දී පැවති මෙම සාකච්ඡාවේ දී චීන අග්‍රාමාත්‍යවරයා පැවසූයේ ප්‍රවාහන,…

(0)Comments | May 17, 2017 4:50 am

GSP+ හරහා වාර්ෂිකව යූරෝ මිලියන 300 ක්

යුරෝපා සංගමයට භාණ්ඩ අපනයනය සඳහා වූ GSP+ බදු සහනය යළි හිමිවීමෙන් ශ්‍රී ලංකාවේ අපනයන ඉහළ නැංවීමටත් ඒ තුළින් වෙළෙඳ හිඟය අඩු කර ගැනීමටත් අවස්ථාව උදාවන බවත් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා වන තානාපති Tung-Laï Margue මහතා කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තානාපතිවරයා මෙසේ පැවසීය. “වත්මන් අපනයන මත පදනම්ව මෙමගින් ලැබිය හැකි සෘජු…

(0)Comments | May 16, 2017 4:41 pm

GSP+ 19සිට ක්‍රියාත්මකයි

යුරෝපා සංගමයේ රටවල් වෙත භාණ්ඩ අපනයනයේ දී ලබා දෙන GSP+ බදු සහනය යළිත් වරක් 2017 මැයි 19 වන දින සිට ශ්‍රී ලංකාවට පිරිනමනු ලබන බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා වන තානාපති Tung-Laï Margue පවසයි. අද දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී තානාපතිවරයා මේ බව පැවසීය.

(0)Comments | May 16, 2017 12:03 pm