Top News

සතොසෙන් පාලන මිලට සහල් දෙන්න ක්‍රමයක්

දැනට වෙළඳපොළේ පවතින සහල් හිඟය සහ පාලන මිලට ප්‍රමාණවත් තරම් සහල් තොග සැපයීමට සහල් මෝල් හිමියන් ඉදිරිපත් නොවීම යන කරුණු සැලකිල්ලට ගෙන, දිස්ත්‍රික් ලේකම්වරුන්/දිසාපතිවරුන් භාරයේ පවතින වී තොග සහ වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර සතොස වෙළඳසැල් මඟින් පාලන මිලට පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය…

(0)Comments | November 10, 2020 1:02 pm

කොවිඩ් ණය සහන තවත් මාස 06කින් දීර්ඝ කෙරේ

COVID-19 හි දෙවන රැල්ල හේතුවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයින් වෙත ලබා දී තිබූ ණය සහන කාලය 2020 ඔක්තෝබර් 01 දින සිට තවත් මාස 06 ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත ලීසිං සමාගම් වෙත චක්‍රලේඛයක්…

(0)Comments | November 10, 2020 12:09 pm

2020 සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් යථා තත්ත්වයට

වෙළඳ හිඟය අඛණ්ඩව පහත වැටීම, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු ලෙස වැඩි වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි ස්ථාවරත්වය යනාදියෙහි හිතකර බලප‍ෑම හේතුවෙන් 2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් යථා තත්ත්වයට පත් විය. අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා භාණ්ඩ අපනයනය වර්ධනය වීමත්, මාසය තුළ භාණ්ඩ ආනයන අඩු වීමත්…

(0)Comments | November 10, 2020 5:30 am

ඔක්තෝබර් මාසයේ දී විදෙස් ණය ගෙවීමන් පසු නිල සංචිතය ඩොලර් මිලියන 807කින් පහළට

2020 ඔක්තෝබර් මාසය අවසානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 5,858.5 ක් ලෙසින් වාර්තා වේ. මෙම අගය 2020 සැප්තැම්බර් 30 දිනට ඩොලර් මිලියන 6,666.3 ක් ලෙසින් සටහන් වූ අතර ඒ අනුව ඔක්තෝබර් මාසය තුළ දී ඩොලර් මිලියන 807.8කින් නිල සංචිත වත්කම් ප්‍රමාණය පහළ ගොස් ඇත….

(0)Comments | November 9, 2020 12:02 pm

කොරෝනා අභියෝග මැද ලොව ලොකුම පොහොසතාගේ ධනය තවත් වැඩිවෙද්දී ලංකාවේ ලොකුම ධනවතාගේ ධනස්කන්ධයත් කෝටි 1,500කින් ඉහළට

කොවිඩ්-19 වසංගත තත්ත්වය ලොව පුරා රටවල ආර්ථික අඩපණ කිරීමටත්, අතිවිශාල ජනතාවක් රැකියා වියුක්තිකයන් පිරිසක් බවට පත්කරලීමටත් මේ වන විට හේතු වී තිබේ. ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් මේ වන විට කොවිඩ් අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන්ගේ ප්‍රමාණය මිලියන 40 ක් බව වාර්තා පෙන්වා දේ. එය ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය මෙන් දෙගුණයකට ආසන්නය. කෙසේ වෙතත් කොවිඩ් වසංගත…

(0)Comments | November 9, 2020 10:09 am

සතියක දී කොටස් වෙළෙඳපොළේ සමාගම්වල සමස්ත වටිනාකම රු. බිලියන 155කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය පසුගිය සතිය තුළ දී රු. බිලියන 155 කින් ඉහළ ගොස් තිබේ. සතිය ආරම්භයේ දී රු. බිලියන 2,494.26 ක් ලෙසින් සටහන්ව තිබූ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම නොවැම්බර් 06 දින සතියේ ගනුදෙනු අවසානයේ දී රු. බිලියන 2,649.30 ක් ලෙසින් වාර්තා වුණි. මේ අනුව රු. බිලියන 155.04 කින් හෙවත් 6.21%කින් 2020 නොවැම්බර් 02…

(0)Comments | November 9, 2020 10:01 am

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා එක්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට වේගවත් රොබොටික් පී.සී.ආර් පරීක්ෂණ පහසුකම් සලසයි

  සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්) එක්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා වේගවත් රොබොටික් පී.සී.ආර්. පරීක්ෂණ පහසුකම් සැලසීමට කටයුතු කර ඇත. කොවිඩ් – 19 පිටුදැකීම සඳහා වන ජාතික සෞඛ්‍ය සේවා පරිශ්‍රමයන් සවිබලගැන්වීම සඳහා ඉටුකරන කාර්යයේ තවත් පියවරක් ලෙස ඩයලොග් විසින් රොබොටික් පහසුකම්වලින් සමන්විත පරීක්ෂණ කට්ටල 4000 ක් පරිත්‍යාග කරන ලදී.   2020 අප්‍රේල්…

(0)Comments | November 9, 2020 9:29 am

යූනියන් පෙදෙස ශාඛාවේ දෙදෙනෙකුට කොවිඩ් – කීල්ස් සුපර් නිල නිවේදනය මෙන්න

කොළඹ 02 යූනියන් පෙදෙස කීල්ස් සුපර් ශාඛාවේ කාර්ය මණ්ඩල දෙදෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව කීල්ස් සුපර්මාර්කට්ස් විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

(0)Comments | November 7, 2020 2:20 pm

MAS වෙතින් නිවේදනයක් – සියලුම බොඩිලයින් කර්මාන්තශාලාවල පුළුල් ලෙස PCR පරීක්ෂණ

සේවා නියුක්තිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසිද්ධිය වෙනුවෙන් පියවර බොඩිලයින් සමාගම සිය සාමාජික සාමාජිකාවන්ගේ සහ ඔවුන් ජීවත් වන සමාජයේ යහපැවැත්ම තහවුරු කිරීම අතිශයින් වැදගත්කොට සලකයි. ඒ වෙනුවෙන් දැඩි සෞඛ්‍යාරක්ෂි​ත ක්‍රියාමාර්ග ගෙන තිබියදී පවා, කණගාටුදාය​ක ලෙස, අපගේ කර්මාන්තශාලා තුන අතරින් දෙකකින්, එනම් හොරණ (68 දෙනෙකු) සහ අගලවත්ත (1 අයෙකු) යන කර්මාන්තශාලාවලින් පසුගිය දිනවල COVID-19 ආසාදිතයන් වාර්තා…

(0)Comments | November 6, 2020 8:39 pm

ශ්‍රී ලංකා මහ බැංකුව 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ සහන කාලය මාස 6 සිට මාස 9 දක්වා දීර්ඝ කරයි

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර යළි නඟා සිටුවීමේ ජාතික වැදගත්කම හඳුනාගත් ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර, වාර්ෂිකව 4%ක පොලී අනුපාතිකයක් යටතේ මාස හයක සහන කාලයක් ද ඇතුළත්ව මාස 24ක් දක්වා ණය ආපසු ගෙවීමේ කාලසීමාවක් සහිතව කාරක ප්‍රාග්ධන ණය පහසුකම් සැපයීම සඳහා සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම අදියර තුනක්…

(0)Comments | November 6, 2020 7:58 pm