ඉදිරියේදී රට තුළ ඇති විය හැකි විදුලිබල අර්බුදයට පිළියමක් වශයෙන් කෙරවලපිටියෙහි මෙගාවොට් 300ක ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) විදුලි බලාගාරයක් ඉදි කිරීමටත්, එම විදුලි බලාගාරය ස්වාධීන බලශක්ති ව්‍යාපෘතියක් ලෙස පෞද්ගලික ආයෝජන මඟින් Built Own Operate Transfer (BOOT) ව්‍යාපාරික ක්‍රමවේදය යටතේ ඉදි කර ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බවටත් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, වසර තුනක කාලසීමාවක් තුළ ව්‍යාපෘතිය…
කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් විදේශ විනිමය අනුපාතිකයට ඇති වූ පීඩනය අවම කිරීමේ අරමුණින් ආනයන විධිමත් කිරීම සහ ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා 2020-04-01 දින පැවැති රැස්වීමේදී අනුමත කරන ලදී. ඒ අනුව, “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම හා පුනර්ජීවනය කිරීම සඳහා ගත යුතු…
දැනට දෙසිය ගණනක්ව පවතින කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව ඉදිරි වසර 5 තුළ දී 500 ක් දක්වා ඉහළ නංවා ගැනීමට කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවට හැකියාව ඇති බව මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (17) පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පරිශ්‍රයේ දී පැවති කොටස් වෙළෙදපොළ ඩිජිටල්කරණ…
ඩිජිටල්කරණ වැඩසටහන හරහා සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුටම කොටස් වෙළෙදපොළට පහසුවෙන් හා ඉක්මනින් ප්‍රවේශ වීමේ අවස්ථාව කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව එක්ව හඳුන්වා දෙනලද කොටස් වෙළෙදපොළ ඩිජිටල්කරණ ක්‍රමවේදය ජනගත කිරීම නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සවයක් කොළඹ කොටස් හුවමාරු පරිශ්‍රයේදී අද (17) දිනයේ පවත්වන ලදී. මෙම සැමරුම් උත්සවයේ තේමාව…
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්තපුර 32ක් මේ වන විට රට පුරා පවත්වාගෙන යන අතර, පෞද්ගලික ආයෝජකයින් විසින් රුපියල් මිලියන 36,500ක් පමණ එම කර්මාන්තපුරවල ආයෝජනය කර ඇත. මෙම කර්මාන්තපුරවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 4,517ක් පමණ වැය කර ඇති අතර, ඒවායේ ජනනය වී ඇති රැකියා අවස්ථා ගණන 18,600ක් පමණ වේ. බස්නාහිර…
මෙරට ප්‍රමුඛ පෙලේ හඳුන්කූරු නිෂ්පාදන සමාගමක් වන ‘තායි සුමේධා ආයතනය’ තම විදෙස් වෙළඳපොළ තව දුරටත් පුළුල් කරමින් කැනඩාවට ද හඳුන්කූරු අපනයනය ඊයේ (16) ආරම්භ කළේය. එම අවස්ථාව උත්සවාකාරයෙන් සැමරීමට මාධ්‍ය හමුවක් හා සුහද හමුවක් පිටකෝට්ටේ රැෆාල් උත්සව ශාලාවේ දී පැවැත්විණි. එහි දී අපනයනයට සූදානම් කර තිබූ හඳුන්කූරු තොගය සංකේතාත්මකව කර්මන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ වෙළඳ…
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, 2020.10.01 සිට 2021.05.31 දින දක්වා මාස අටක (08) කාලයක් සඳහා මර්බන් බොර තෙල් බැරල් 8,400,000+/-5%ක් මිල දී ගැනීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ M/s Emirates National Oil Company (ENOC) වෙත ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
විදේශ ගමන් බලපත්‍ර හා රජයට අවශ්‍ය රහස්‍ය ලේඛන දැනට විදේශීය මුද්‍රණ ආයතන වෙතින් මුද්‍රණය කිරීම හේතුවෙන් රටින් පිටතට ගලා යන විදේශ විනිමය රට තුළ රඳවා ගැනීමට හැකිවන පරිදි එවැනි ලේඛන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙතින් මුද්‍රණය කරවා ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිල දී ගැනීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන…
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගමක් වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් අසාමාන්‍ය අයුරින් ගනුදෙනු වීම සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂ (සමූහ මූල්‍ය), මුස්ටාක් අහමඩ් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත කරුණු දක්වා සිටී. ගනුදෙනු මෙහෙයුම්, වෙළෙඳපොළ ආවේක්ෂණ හා ආයතනික කටයුතු ප්‍රධානී නිලූපා පෙරේරා වෙත ලිපියක් යවමින් එක්ස්පෝලංකා අධ්‍යක්ෂවරයා පවසන්නේ, මේ සම්බන්ධයෙන් අනාවරණය නොකළ මිල සංවේදී තොරතුරු කිසිවක් නොමැති…
2020 ජූලි මාසයේ දී පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව විදුලි සංදේශ මෙවලම් (ප්‍රධාන වශයෙන් ජංගම දුරකථන) ආනයන වියදම 75.1%කින්, බෙහෙත් හා ඖෂධිය නිෂ්පාදිත ආනයන වියදම 24.9%කින්, සීනි හා රසකැවිලි ආනයන වියදම 206.4%කින්, එළවළු ආනයන වියදම 7.8% කින් හා වෙනත් ආහාර හා පාන වර්ග ආනයන වියදම 50.7% කින් වැඩි වී තිබේ. 2020 මාර්තු මාසයේ සිට පැවති…
Video Story