කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 4.0හි නො වෙනස් ව පැවති අතර, 2019 ඔක්තෝබර් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 11.5හි…
ලාංකීය ජනතාව වෙත උපකාරයක් අවැසි සෑම මොහොතකම පෙරට එමින් ඔවුන් වෙත සහායවීම සදහා සිය ප්රජා සේවාවන් ඉදිරියට ගෙනයන, ශ්රී ලංකාවේ ප්රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, කොවිඩ් 19 වෛරස තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත සහන සැලසීමේ ‘මනුසත් දෙරණ සමඟ ඩයලොග් ක්රියාන්විතයේ’ දෙවන අදියර පසුගියදා ආරම්භ කරනු ලැබීය. මෙම මෙහෙයුම් කාර්ය තුළදී, එම…
රජය නිරෝධායන ඇඳිරිනීතිය ප්රකාශයට පත්කිරීමත් සමඟ එම ප්රදේශවල පවතින ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලාවන් හි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් මෙසේ කියා සිටී. ආයෝජන කලාපවලින් බැහැරව ඇති ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර්මාන්තශාලා ද මේ අනුවම ක්රියාත්මක…
නිල නිවේදනය: සේවා නියුක්තිකයන් පිරිසකට COVID-19 වැළඳී ඇති බව තහවුරු වීමත් සමග හොරණ බොඩිලයින් (පුද්.) සමාගම වහා නිසි පියවරයන් අනුගමනය කරයි. MAS සමූහ ව්යාපාරය කවදත් සිය ප්රමුඛත්වය ලබාදෙනුයේ සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව වෙනුවෙනි. හොරණ පිහිටි බොඩිලයින් කර්මාන්තශාලාවටද මෙය එලෙසම අදාළ වන අතර, ඒ වෙනුවෙන් දැඩි සෞඛ්ය හා ආරක්ෂිත ක්රමවේද එහි ක්රියාත්මක කර තිබේ. ප්රදේශයේ මහජන සෞඛ්ය…
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු හෙට (02) දිනයේ සිට සාමාන්ය අයුරින් සිදුවන බව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි. බස්නාහිර පළාතට බලපැවැත්වෙන පරිදි ඉදිරි සතිය පුරාවටම නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබුණ ද කොටස් වෙළෙඳපොළ දෛනික මෙහෙයුම් මේ අනුව සාමාන්ය පරිදි සිදුකෙරෙනු ඇත.
පහත දැක්වෙන්නේ 2020 ඔක්තෝබර් 31 වන දින, මුදල් හා ප්රාග්ධන වෙළඳපොළ සහ රාජ්ය ව්යවසාය ප්රතිසංස්කරණ රාජ්ය අමාත්ය අජිත් නිවාඩ් කබ්රාල් විසින් නිකුත් කරන ලද නිවේදනයයි. කොවිඩ්-19 වසංගතය පැතිරීමත් සමඟ ශ්රී ලංකාව ඇතුළු බොහෝ රටවල් ආර්ථික කටයුතුවල පසුබෑමක්, විදේශ විනිමය ඉපැයීම් පහල යාමක්, ආදායම් එකතු කිරීමේ අඩුවීමක් සහ සෞඛ්ය හා සුභසාධන ආශ්රිත වියදම් වැඩිවීමක් දක්නට ලැබිණි….
සිය කාර්ය මණ්ඩල සාමාජිකයින් 09 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බව මෙරට ප්රමුඛතම ලැයිස්තුගත සමාගම් සමූහයක් වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එකිනෙකට වෙනස් ස්ථානවලින් මෙම රෝගීන් වාර්තා වී ඇති බවත් බාහිර මූලාශ්ර හරහා ඔවුන් හට කොවිඩ්-19 ආසාදනය වන්නට ඇති බව විශ්වාස කරනු ලබන බවත් එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් මෙහිදී වැඩිදුරටත්…
මෙම මස 08දා සිට 28 දින දක්වා දින 20 කාලය තුල ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්රියාත්මක කර්මාන්ත ශාලා තුල පමණක් PCR පරීක්ෂණ 26,500කට වැඩි ප්රමාණයක් සිදුකර ඇති බව ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල මහතා පවසයි. ආයෝජන ප්රවර්ධන කළාප 14 තුල පමණක් PCR පරීක්ෂණ 16527 ක් සිදු කර ඇත.තවත් පරීක්ෂණ වාර්තා 495 ක් ලැබීමටද නියමිතය. ඒ අනුව කොවිඩ් ආසාධිතයින් 423 දෙනෙකු හදුනාගෙන ඇත. කටුනායක කළාපයෙන් 411 දෙනෙකු හා බියගම කළාපයෙන් 12 මේ අතර වේ….
ඉන්දියාවේ ඇක්සිස් බැංකුව විසින් 2019 වසරේදී එම බැංකුවේ ගෝලීය මෙහෙයුම් පිළිබඳව ගන්නා ලද ප්රතිපත්තිමය තීරණය මත කරන ලද ඉල්ලීම සලකා බලා ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1988 අංක 30 දරණ බැංකු පනතේ විධිවිධාන ප්රකාරව, ඇක්සිස් බැංකුව කොළඹ ශාඛාවේ ශ්රී ලංකාවේ ව්යාපාර කටයුතු වසා දැමීමට සහ එම බැංකුව සදහා නිකුත් කර ඇති බලපත්රය අවලංගු…
2020 ඔක්තෝබර් 28, කොළඹ: රාජා එදිරිසුරිය මහතා, කොළඹ වරාය නගර සංවර්ධන ව්යාපෘතියේ නව විධායක ව්යාපෘති කළමනාකරණ අධ්යක්ෂ ලෙස වැඩ භාරගත්තේය. ගරු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්යවරයා ලෙස මෙම පත්කිරීම සිදු කර තිබේ. ඒ ඊට අදාලව ඉදිරිපත්කරනු ලැබූ කැබිනට් පත්රිකාවකට කැබිනට් මණ්ඩලයෙන් ලද අනුමැතිය මගිනි. මීට පෙර රාජා එදිරිසුරිය මහතා නාගරික…
Video Story