Top News

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ ඉහළ යාමක්

2020 අගෝස්තු මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක වර්ධනය විය. රටේ ව්‍යාපාරික කටයුතු යථාවත් වීම හේතුකොටගෙන 2020 අගෝස්තු මාසයේදී නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සිදුවූ අඛණ්ඩ වර්ධනය, නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙන් පිළිබිඹු විය. නව ඇණවුම් සහ නිෂ්පාදන යන උපදර්ශක දෙකම 2020 අගෝස්තු මාසයේදී ඉහළ ගිය අතර සේවා නියුක්තිය උපදර්ශකයේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබුණි….

(0)Comments | September 16, 2020 10:46 am

ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට දියුණු කරන්න පිළිවන් – ජනපති නිලධාරීන්ට පෙන්වා දෙයි

පිහිටීම ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. තවද ලෝකයේ දියුණුතම වරායන් ආදර්ශයට ගෙන මෙරට වරාය පහසුකම් සංවර්ධනය කිරීමෙන් සංවර්ධන ඉලක්ක කඩිනමින් ලඟාකරගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. එමෙන්ම බහලුම් 24,000ක් ප්‍රවාහනය කළහැකි ලොව විශාලතම නෞකා ආකර්ෂණය කර ගැනීමට ඉවහල් වන අයුරින් මෙරට…

(0)Comments | September 15, 2020 6:00 pm

වසර 10කට පසු අඩුම මාසික රථවාහන ආනයන වියදම 2020 ජූලි මාසයේ දී

2009 වසරේ දෙසැම්බර් මාසයට පසුව අඩුම මාසික රථවාහන ආනයන වියදම වාර්තා කරමින් 2020 වසරේ ජූලි මාසයේ දී පෞද්ගලික රථවාහන ආනයන වියදම සියයට 93.6කින් සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2020 ජූලි මාසයේ දී පෞද්ගලික රථවාහන ආනයනය වෙනුවෙන් දරා ඇති වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන  6.1ක් වන අතර…

(0)Comments | September 15, 2020 3:50 pm

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු බරපතල ලෙස අවුල් වෙයි – උපකුලපති වෙනුවට ඇමති GL ගෙන් නිසි බලධාරියෙක්

ශ්‍රී ලංකාවේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු බරපතල ලෙස අවුල් වී ඇති බවට සහ එය යථා තත්ත්වයට නැවත පත් කිරීමට එම විශ්වවිද්‍යාලයේ බලධාරීන් අපොහොසත් වී ඇති බව සෑහීමට පත්වීමෙන් පසු, එහි උපකුලපති වෙනුවට නිසි බලධරයා වශයෙන් සම්මානීත මහාචාර්ය වීරකෝන් මුදියන්සේලාගේ අබේරත්න බණ්ඩාර මහතා 2020 සැප්තැම්බර් 13 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා…

(0)Comments | September 15, 2020 1:04 pm

රට පුරා ම LANKAQR මහජන දැනුම්වත් කිරීමේ වැඩසටහන මාතලේ දී දියත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව මුල්‍ය ආයතන සමඟ එක් ව LANKAQR ගෙවීම් යෙදුම භාවිතා කිරීමේ වැඩසටහන “රට පුරාම LANKAQR“ යන තේමාව යටතේ දීපව්‍යාප්ත වැඩසටහනේ පළමු අදියර ලෙස 2020 සැප්තැම්බර් මස 12 වන දින “මාතලේට LANKAQR“ තේමාව මත ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාලයේ දී පැවැත්විණි. මෙම සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා මහ…

(0)Comments | September 15, 2020 12:41 pm

දේශීය කොටස් වෙළෙදපොළ ස්ථාවර තත්වයක ; පුර්ව කොවිඩ් 19 මට්ටම් ඉක්මවා අඛණ්ඩ ප්‍රගතියක

මෑත කාලයේදී  ආයෝජකයින් කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය සඳහා දැක්වූ වැඩි උනන්දුව සහ මිල දර්ශකවල  ලබාගත් ප්‍රගතිය හේතුකොට ගෙන කොළඹ කොටස් හුවමාරුවෙහි  කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබී ඇත. කොවිඩ් 19 වසංගතය මත වසා දැමුනු කොළඹ කොටස් හුවමාරුව නැවත 2020 මැයි 11 වන දින විවෘත කිරීමෙන් පසු  සියලු කොටස් මිල දර් ශකය (ASPI) 18.97% ක වර්ධනයක් ලබා ගෙන…

(0)Comments | September 15, 2020 11:39 am

2020 ජූලි මාසයේ දී වෙළෙඳ හිඟය ඩොලර් බිලියන භාගයකින් පහළට

වෙළෙඳ ගිණුමේ හිඟය 2019 වසරේ ජූලි මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 717 සිට 2020 වසරේ ජූලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 209ක් දක්වා එක්සත් ජනපද ඩොලර් මිලියන 509කින් අඩු වූ අතර, මේ සඳහා අපනයන ඉහළ යෑම සහ ආනයන පහත වැටීම හේතුවිය. එලෙසම සමුච්ඡිත වශයෙන් සැලකීමේ දී වෙළෙඳ හිඟය 2019 වසරේ ජනවාරි…

(0)Comments | September 15, 2020 11:12 am

විදේශීය අංශය තවදුරටත් යථා තත්ත්වයට – මහ බැංකුව පවසයි

වෙළඳ භාණ්ඩ ආනයන වියදම අඩුවීම හමුවේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ  ප්‍රේෂණ ඉහළ යෑම හේතුවෙන්  2020 වසරේ ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් යථා තත්ත්වයට පත් විය. කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ වුවද, කැපී පෙනෙන වර්ධනයන් කිහිපයක් නිරීක්ෂණය කරන ලදී. වෙළඳ භාණ්ඩ අපනයන ආදායම 2020 වසරේ ජනවාරි සිට ප්‍රථම වරට ජූලි…

(0)Comments | September 15, 2020 10:41 am

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ව්‍යාපෘති නමයකට යුරෝපා සංගමයේ මූල්‍යාධාර

යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර ලැබූ 2020 වසරේ ‘උසස් අධ්‍යාපනය සඳහා ධාරිතා නැංවීමේ‘  (Capacity Building for Higher Education – CBHE) ව්‍යාපෘති එළිදැක්වීම ඉකුත් සැප්තැම්බර් 10 වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී සිදුවිය. ඒ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපා සංගම් දූත මණ්ඩලයේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහයෝගීත්වයෙනි. එම ව්‍යාපෘතිවලට සම්බන්ධ සහභාගීත්ව ආයතන 15ක් ද එම අවස්ථාවට එක්ව සිටියහ. 2020 වසර…

(0)Comments | September 14, 2020 5:16 pm

ඇමති විමල් හමුවීමට ‘දියසෙන්‘ පැමිණෙයි

දකුණු ආසියාවේ ප්‍රථම හියුමොනොයිඩ් රොබෝවරයා වන ‘දියසෙන්’ හි නිර්මාතෘ, ඇරිමැක් පෞද්ගලික සමාගමේ (Arimac Pvt Ltd) ප්‍රධාන විධායක නිලධාරී චමීර ප්‍රසාද් ජයසිංහ මහතා ඇතුළු ඔහුගේ එම විස්මිත නව නිපැයුමට දායක වූ තරුණ කණ්ඩායම අද (13) කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති ‘කර්මාන්තකරුවන්ගේ දිනයේ දී’ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවිය. මේ පිරිස අමාත්‍යවරයා හමු වූයේ සිය ‘දියසෙන් රොබෝවරයා’ ද…

(0)Comments | September 14, 2020 4:40 pm