Top News

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ පුනර්ජීවනයට ස්විස් රජයේ සහාය – ස්විස් තානාපති අගමැතිට සහතික වෙයි

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (26) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. ආයෝජන, අපනයන, සංචාරක සහ කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම ඇතුළු දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගත හැකි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. කොවිඩ්-19 වෛරසය මර්දනය සඳහා රජය නීති පනවමින් හා ඒවා බලාත්මක කරමින් ප්‍රතිචාර…

(0)Comments | October 27, 2020 12:48 pm

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 565 ක ණය අනුමතයි

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ණය මාලා ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් අතිරේක මූල්‍ය ආධාර ලබාගැනීම කොවිඩ් වසංගතය හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට එල්ල වී ඇති අයහපත් බලපෑම හේතුවෙන් පැන නැඟි ඇති තත්ත්වයන්ට පිළියම් යෙදීම සඳහා ගත යුතු පියවරයන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100ක හදිසි ප්‍රතිචාර සංරචකයක් ද ඇතුළුව ඇමරිකානු ඩොලර්…

(0)Comments | October 27, 2020 12:24 pm

කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීමට පියවර

කොළඹ වරායේ දකුණු බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ආයෝජනයක් යටතේ ක්‍රියාත්මක කළ අතර, එහි ඉදි කිරීම් කටයුතු 2016 දෙසැම්බර් මස 01 දින අවසන් කර මේ වන විට වාණිජ මෙහෙයුම් සිදු කෙරෙමින් පවතී. එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්ත සමාගම (CICT) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමකට එළඹ ඇත….

(0)Comments | October 27, 2020 12:03 pm

පිළියන්දල ‘කපිලවස්තු ශාක්‍ය ජනපදය‘ ඉදිකිරීම නවතයි

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ පැවති පිළියන්දල, කහපොළ රෙජිඩේල්වත්ත ඉඩම එවකට පැවති බුද්ධශාසන විෂය භාර අමාත්‍යාංශය වෙත පවරා ගෙන අවබෝධතා ගිවිසුමක් යටතේ ‘ලයිට් ඔෆ් ඒෂියා ෆවුන්ඩේෂන්‘ නැමති ආයතනය වෙත පවරා ඉන්දියාවේ කපිලවස්තු ශාක්‍ය ජනපදය ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ලබා දීමට 2016 වර්ෂයේ දී අමත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. එම ව්‍යාපෘතිය 2017 වර්ෂයේ දී ආරම්භ කර 2020…

(0)Comments | October 27, 2020 11:51 am

සුරැකුම්පත් විනිමය කොමිෂන් සභා පනත වෙනුවට නව පනතක් – කැබිනට් අනුමැතිය හිමිවෙයි

ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන මනා ක්‍රියා පිළිවෙත් අනුව නියාමනය කිරීඹට අවශ්‍ය විධිවිධාන ඇතුළත් කරමින් දැනට පවතින 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත වෙනුවට නව පනතක් හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක උපදෙස් දීම සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා…

(0)Comments | October 27, 2020 11:28 am

ශ්‍රී ලංකාවේ කුළුබඩු ගැන කියන්න ජෝර්දානයේදී ඉවුම් පිහුම් ප්‍රදර්ශනයක්

ශ්‍රී ලංකාවේ පිරිසිදු කළු ගම්මිරිස්, කරඳමුංගු වැනි කුළුබඩු පිළිබද විදේශයන්හි දී පුළුල් ප්‍රචාරයක් ලබා දෙමින් ජෝර්දානයේ ඉන්ටර්කොන්ටිනල් හෝටලයේදී ශ්‍රී ලංකාවේ ඉවුම් පිහුම් වැඩසටහනක් 2020 සැප්තැම්බර් මස 23 වනදා පැවැත්විණි. ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට ෆැමිලි ෆ්ලේවර්ස් සඟරාව සමඟ එක්ව පවත්වන ලද මෙම ප්‍රදර්ශනය මෙහෙයවනු ලැබුවේ මෙරට ජනප්‍රිය සූපවෙිදියෙකු වන තාරක ජයසේකර විසිනි. මෙහිදී අදහස් දැක්වූ ජෝර්දානයේ ශ්‍රී…

(0)Comments | October 27, 2020 10:41 am

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ  නව තාක්ෂණික සජීවී විකාශ ඔස්සේ ලොව සංචාරක ලෝලීන්හට ආශ්වාදජනක නැවුම් ‘වනජීවී’ අත්දැකීමක්

ගෝලීය වසංගත තත්ත්වය නිසා ගුවන් ගමන් සීමා තහංචි වලට යටත්වීම් හේතුවෙන් ශ්‍රී ලංකා දූපතට විදේශ සංචාරක ගලා ඒම අඩපණ විය. එවන් අවස්ථාවකදී එම අභියෝගයෙන් නොසැලී, නැවුම් “කවිච්චි සවාරිය” සංකල්පය ඇසුරින්, වඩාත්ම ජනප්‍රිය ජාතික වන උද්‍යාන තුළ සිට, නව තාක්ෂණය උපයෝගී කරගනිමින්, සජීවී විද්‍යුත් විකාශයක් (Live Streaming) දියත් කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අදහස් කරයි….

(0)Comments | October 27, 2020 10:38 am

කොළඹ කොටස් හුවමාරුව හා එහි අතරමැදි ආයතන දුරස්ථ ව්‍යාපාරික ක්‍රියාවලිය හරහා සාර්ථක ගනුදෙනු දිනයක් නිමා කරයි

නිරෝධායන ඇදිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශද ඇතුලත්ව කොළඹ කොටස් හුවමාරුව හා එහි අතරමැදි ගනුදෙනුකරන ආයතන තම ගනුදෙනු කටයුතු අද (26) දිනයේදී ඉතාම සාර්ථකව නිමා කරනු ලැබීය. පසුගියදා නව්‍යකරණයට ලක්වූ කොටස් හුවමාරුවෙහි ඩිජිටල්කරණ වැඩපිළිවෙල යටතේ අඛණ්ඩව ව්‍යාපාරික සේවා පවත්වා ගැනීමේ ක්‍රියාන්විතය දුරස්ථ මට්ටමෙන් තැරව්කාර ආයතන හා එකාබද්ධව ක්‍රියාවට නැංවිණි. ආයෝජන ක්ෂේත්‍රයක් ලෙස කොටස් වෙළෙඳපොල ක්‍රියාකාරීත්වය වඩාත් සුමට…

(0)Comments | October 26, 2020 6:24 pm

සංචාරය අරඹමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා මෙසේ කියයි

“ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින් හා ඉන්දුනීසියාව කරා යන සංචාරය සඳහා පිටත් වූයෙමි. ස්වාධීන, ශක්තිමත් සහ සමෘද්ධිමත් රටවල්වලින් සමන්විත නිදහස් හා විවෘත ඉන්දුශාන්තිකර කලාපයක් සඳහා අපගේ පොදු දැක්ම ප්‍රවර්ධනයට අපගේ හවුල්කරුවන් සමගින් සම්බන්ධවන්නට ලැබෙන අවස්ථාව පිළිබඳව ස්තුතිවන්ත වෙමි“, යනුවෙන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පවසයි. එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ආසියානු සංචාරය ආරම්භ කරමින් සිය…

(0)Comments | October 26, 2020 3:10 pm

ප්‍රංශයේ දී ශ්‍රී ලංකාවේ තේ ප්‍රවර්ධනය කරන Ceylon Tea මුව ආවරණ

ප්‍රංශයේ පැවැති සැලෝන් සෙන් වෙළඳ ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවේ තේ ප්‍රචලිත කීරිමේ අරමුණින් ceylon tea වෙළඳ නාමය සහිත මුව ආවරණ බෙදා හැරිමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය කටයුතු කර තිබුණි. මෙම වෙළඳ ප්‍රදර්ශනය 2020 ඔක්තෝබර් 1 – 5 දක්වා දින 05ක් මුළුල්ලේ පැරිස් නගරයේදී පැවති අතර 35,000 කට අධික පිරිසක් ඊට සහභාගී වූහ. ගෝලීය වෙළඳ නාමයක් වශයෙන්…

(0)Comments | October 26, 2020 12:35 pm