Top News

නව ආදායම් බදු පනත නිසා සේවක අර්ථසාධක අරමුදලේ බදු වියදම රු. බිලියන 12කින් වැඩිවෙලා

සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල් එවනු ලබන සාමාජික ගිණුම් (සක්‍රීය ගිණුම්) ප්‍රමාණය 2018 වසරේ දී මිලියන 2.6 ක් බවත් එම සංඛ්‍යාව 2017 වසරේ දී දැක්වුණේ මිලියන 2.8 ක් ලෙසින් බවත් සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව පවසයි. සේවක අර්ථසාධක අරමුදලේ 2018 වසරට අදාළ වැදගත් මූල්‍ය තොරතුරු සම්බන්ධ වාර්තාවක් ප්‍රකාශයට පත්කරමින් අරමුදල මේ බව අනාවරණය කර සිටී. මේ…

(0)Comments | July 28, 2020 3:28 pm

රුපියල් බිලියන 350කට වැඩි ණය පමා සහන සමඟින් හැටන් නැෂනල් බැංකුව COVID සහන ඉහළ නංවයි

පුද්ගලයින් හා ව්‍යවසායන් 65,000කට වැඩි සංඛ්‍යාවකට ණය පමා සහන ලබා දෙයි 4% වාර්ෂික පොළී අනුපාතයට මහ බැංකුවේ සහන යෝජනා ක‍්‍රම හරහා රුපියල් බිලියන 5ක ණය අරමුදලක් අනුමත කරයි දේශීය ව්‍යවසායකයින්ගේ සහායට රුපියල් බිලියන 5ක HNB COVID සහන අරමුදලක් ලෝකයේ හොඳම බැංකු 1000 අතර ශ්‍රී ලංකාවේ ඉහළ ශ්‍රේණිගත පුද්ගලික අංශයේ බැංකුව ලෙස පිළිගෙන ඇත ජාතික ආර්ථිකය…

(0)Comments | July 28, 2020 11:56 am

ඉන්දියානු සංචිත බැංකුවෙන් ඩොලර් මිලියන 400ක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දියානු සංචිත බැංකුව සමඟ මුදල් හුවමාරු ගිවිසුමකට එළඹේ දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (SAARC) රටවල් වෙත 2019-2022 කාලය සඳහා පිරිනමනු ලබන මුදල් හුවමාරු පහසුකම් රාමුව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව,  ඉන්දියානු සංචිත බැංකුව සමග මුදල් හුවමාරු ගිවිසුමකට 2020 ජූලි මස 24 වන දින එළඹිණි. මෙමගින් රටේ කෙටිකාලීන ගෙවුම් ශේෂ අවශ්‍යතාවන් මූල්‍යනය…

(0)Comments | July 28, 2020 10:56 am

සංවර්ධන බැඳුම්කර වෙන්දේසියෙන් ඩොලර් මිලියන 100ක්

2020 ජූලි 22 සිට ජූලි 27 දින දක්වා පවත්වන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙන්දේසියේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 100 ක වටිනාකමකින් යුතු ලංසු අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. වසර 01 මාස 01, වසර 01 මාස 08, වසර 02 මාස 09 හා වසර 04 මාස 06 යනා…

(0)Comments | July 27, 2020 5:38 pm

යල කන්නයේ වී මිලදී ගැනීමට භාණ්ඩාගාරයෙන් රු. මිලියන 10,400 ක්

2020 යල කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50 ක රජයේ සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමේ කටයුතු රජය මේ වනවිට ආරම්භ කර ඇත. මෙම වැඩසටහනේ මුල් අදියර යටතේ මෙවර යල කන්නයේ වී අස්වනු මෙට්‍රික් ටොන් 200,000 ක් මිලදී ගැනීමට රජය අපේක්ෂා කරන අතර, ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන…

(0)Comments | July 27, 2020 2:58 pm

රජයේ ණය රු. බිලියන 14,000 ඉක්මවයි. මාස 04ක දී රු. බිලියන 993කින් ඉහළට

2020 වසරේ මුල් මාස 04 තුළ දී මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රු. බිලියන 13,031.5 සිට රු. බිලියන 14,024.7 ක් දක්වා රු. බිලියන 993.2 කින් වැඩි වී ඇති බව නවතම වාර්තාවක සඳහන් වේ. මෙහිදී රජය විසින් දේශීය වශයෙන් ගෙවීමට ඇති ණය රු. බිලියන 6,629.1 සිට රු. බිලියන 7,217.7 ක් දක්වා රු. බිලියන 588.6 කින් ඉහළ ගොස්…

(0)Comments | July 27, 2020 1:17 pm

ලෝක තෙල් මිල අඩුවෙද්දීත් ලංකා IOC ලාභ නැහැ කියයි. මාස 03ක අලාභය රු. මිලියන 795 ඉක්මවයි

2020/21 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව, එනම් අප්‍රේල්-ජූනි කාර්තුව සඳහා වූ මූල්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට ලංකා IOC සමාගම අද (27) දින කටයුතු කර තිබේ. කෙසේ වෙතත් මෙම කාර්තුව තුළ මූල්‍ය වාර්තා පිරික්සීමේ දී පෙනී යන්නේ අදාළ කාලපරිච්ඡේදය තුළ සමාගම රු. මිලියන 795.45 ක බදු ගෙවීමෙන් පසු අලාභයක් වාර්තා කර ඇති බවයි. පසුගිය වර්ෂයේ සමාලෝචිත කාර්තුව හා…

(0)Comments | July 27, 2020 12:05 pm

ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව පුද්ගල ආරක්ෂණ මෙවලම් නිෂ්පාදනය සඳහා බ්‍රැන්ඩික්ස් සමාගමට මුල්‍යයන පහසුකම් සපයයි

වසංගත තත්ත්වය හමුවේ දේශීය ව්‍යාපාරවලට මුල්‍ය සහයෝගය ලබා දීම සඳහා ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව ගෝලීයව දියත් කරන ලද ඇ.ඩො. බිලියනයක මුල්‍යයන වැඩසටහන යටතේ මෑතකදී සහන ණයක් සම්පූර්ණ කළ සමාගම ලෙස බ්‍රැන්ඩික්ස් සමාගම පත් වූ බව එම බැංකුව නිවේදනය කළේය. එම වැඩසටහන යටතේ පිරිනැමුණු ඇ.ඩො. මිලියන 12 ක අරමුදල හරහා බ්‍රැන්ඩික්ස් සමාගමේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කර්මාන්තශාලාවලට…

(0)Comments | July 27, 2020 11:41 am

සීගිරිය විලේජ් අත්හැරීමට ලංකෙම් සිලෝන් තීරණය කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන සීගිරිය විලේජ් හොටේල්ස් පීඑල්සී හි දෙවැනියට විශාලතම කොටස් හිමියා වූ ලංකෙම් සිලෝන් පීඑල්සී විසින්, තමන් විසින් දරන ලද කොටස් හිමිකාරීත්වය පසුගිය සිකුරාදා (24) විකුණා දමන ලදී. මෙහිදී ගැනුම්කරුවා වූයේ යූනියන් ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්) සමාගමයි. මෙය C M HOLDINGS PLC හි පූර්ණ අනුබද්ධ සමාගමකි. සීගිරිය විලේජ් හොටේල්ස් පීඑල්සී හි කොටස්…

(0)Comments | July 27, 2020 10:59 am

ඩොලර් බිලියන 4.5ක එක්සත් ජනපද භාණ්ඩාගාර සුරැකුම්පත් ඇපයට තබා ඩොලර් බිලියනයක ණයක් ගන්නා බවට කෙරෙන ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් – මහ බැංකුව අවධාරණය කරයි

අවශ්‍ය අවස්ථාවල දී එක්සත් ජනපද ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීමට යොදා ගැනීමේ තාවකාලික මූලාශ්‍රයක් වශයෙන්  ඇමෙරිකාවේ නිව්යෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව සමග ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දිනෙක ගිවිසුමකට එළඹිණි. මෙම පහසුකම ශාස්ත්‍රීය වචනවලින් හැදින්වෙනුයේ, “විදේශීය සහ අන්තර්ජාතික මූල්‍ය අධිකාරීන්” සඳහා වූ එක්දින ප්‍රතිමිලදීගැනුම් පහසුකමක් (Overnight Repurchase Facility) වශයෙනි. ලොව පුරා බොහෝ  මහ බැංකු සිය කෙටිකාලීන…

(0)Comments | July 24, 2020 8:16 pm