Top News

ලොව විශාලතම මෝටර් රථ ප්‍රවාහන නෞකාව හම්බන්තොට වරායට

මෝටර් රථ හා ට්‍රක් රථ ප්‍රවාහනය කරනු ලබන ලොව විශාලතම නෞකාව වන Hoegh Tracer, මාර්තු පළමු සතියේ දී හම්බන්තොට වරායට සේන්දු වීමට නියමිත බව වාර්තා වේ. තට්ටු 14 කින් යුතු මෙම නෞකාව, වරකට මෝටර් රථ 8,500 ක් ප්‍රවාහනය කිරීමේ ශක්‍යතාවයකින් යුක්ත වේ. මෙම සමාගමේ හිමිකාරීත්වය ඇත්තේ නෝර්වේ ඔස්ලෝ හි Hoegh Autoliners වෙතයි. මෙම නෞකා ගමනයේ…

(0)Comments | February 21, 2017 6:51 am

දශ ලක්ෂ 66,000 ක බැඳුම්කර වෙන්දේසියක් අනිද්දා – පර්පෙචුවෙල්ට තහංචි නැහැ

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රුපියල් දශ ලක්ෂ 66,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් අනිද්දා (23) දිනයේ දී කැඳවා තිබේ. මෙහිදී 2019 වසරේ දී කල්පිරෙන පරිදි රුපියල් මිලියන 9,000 ක සහ 2021, 2024 හා 2026 වසරවල දී කල්පිරෙන අයුරින් රුපියල් මිලියන 19,000 බැගින් වන පරිදි බැඳුම්කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත. 2017 පෙබරවාරි…

(0)Comments | February 21, 2017 6:13 am

රාජ්‍ය මිලදී ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට විද්‍යුත් රාජ්‍ය පරිපාලන ක්‍රමවේදයක්

විද්‍යුත් රාජ්‍ය පරිපාලන ක්‍රමවේදයක් යටතේ පොදු ප්‍රසම්පාදනය, දියත්කිරීම තුළින් දැනට පවතින රාජ්‍ය මිල දී ගැනීම් ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම තත්ත්වයකට ගෙන ඒමට හැකිවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. විද්‍යුත් පොදු ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී නවීන උපාය මාර්ග යොදාගන්නා බැවින් එම ක්‍රියාවලිය තුළ දැනට පවතින ගැටලු නිරාකරණය කර එය කාර්යක්ෂමතාවය වැඩිදියුණු කර, මනා විනිවිදභාවයකින් යුත් තරගකාරී…

(0)Comments | February 21, 2017 4:50 am

කොටස් වෙළෙඳපොළට අලුතින් පුවරු දෙකක්

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවදානම තවදුරටත් අඩු කිරීමේ පරමාර්ථය ඇතිව ගෙවීම් පියවීම් හා හිමිකම් හුවමාරු පද්ධතියක් (Delivery Vs Payment Settlement System) ස්ථාපිත කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ උපදේශක හිරාන් මෙන්ඩිස් මහතා පැවසීය. ගැනුම් හා විකුණුම් යන පාර්ශව දෙකේම අභිවෘද්ධිය සඳහා කොටස් හුවමාරුව සහ ඒ වෙනුවෙන් අදාළ…

(0)Comments | February 20, 2017 8:59 am

මොරිසන් පුතාගෙන් අලුත් වැඩකට ඩොලර් මිලියන 13.5 ක්

ජේ.එල්. මොරිසන්ස් සන් ඇන්ඩ් ජෝන්ස් (සිලෝන්) පීඑල්සී විසින් නව ඖෂධ නිෂ්පාදනාගාරයක් ඉදිරිකිරීම සඳහා පියවර ගෙන තිබේ. මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 13.5 ක ආයෝජනයක් සිදුකරනු ලබන බව සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. හෝමාගම පිටිපන පිහිටි SLINTEC නැනෝ තාක්ෂණ උද්‍යානයේ මෙම ඖෂධ නිෂ්පාදනාගරය ඉදිකිරීමට නියමිතය. මෙහි වාණිජ මෙහෙයුම් කටයුතු 2019 වසරේ දී…

(0)Comments | February 20, 2017 7:06 am

මිලියන 74 දාහක් ක්‍රෙඩිට් කාඩ්වල හිරවෙලා

2016 වසර අවසානය වන විට මෙරට ජනතාව විසින් රුපියල් මිලියන 74,892 ක් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ගෙවිය යුතුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. මෙය 2015 වසර අවසානයේ දී වාර්තා වූ රුපියල් මිලියන 63,010 හා සැසඳීමේ දී සියයට 18.86 ක ඉහළ යාමකි. මේ අතර 2015 වසරේ දී මෙරට සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය…

(0)Comments | February 20, 2017 5:58 am

අද වරුවක බැංකු නිවාඩුවක්

2017 පෙබරවාරි 04 වන දිනට යෙදී තිබුණු ජාතික නිදහස් දින නිවාඩුව සෙනසුරාදා දිනයකට යෙදී තිබුණු හෙයින් ඒ වෙනුවට අද (17) දිනයේ දී දින භාගයක බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇත. මේ හේතුවෙන් අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ද මධහ්න 12.00 ට නතර කෙරිණි.

(0)Comments | February 17, 2017 6:34 am

දෙසැම්බර් කාර්තුවේ දී ලංකා IOC ලාභ සියයට 80 කින් බසී

බදු ඉහළ යාම හා මිල පාලන නීති හේතුවෙන් 2016 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ දී ලංකා IOC සමාගමේ ලාභය 2015 දෙසැම්බර් කාර්තුව හා සැසඳීමේ දී රුපියල් මිලියන 257.5 දක්වා සියයට 80 කින් පහළ ගොස් තිබේ. සිය නවතම මූල්‍ය වාර්තාවන් කොළඹ කොටස් වෙළෙඳපොළ ඉදිරිපත් කරමින් සමාගම විසින් මේ බව හෙළිදරව් කර ඇත. මේ අතර 2016 සැප්තැම්බර්…

(0)Comments | February 17, 2017 6:10 am

කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් පවුඩර් කෝටින් සහ ප්ලාස්ටික් කෝටින් පිළිබඳව එක් දින තාක්ෂණික වැඩමුළුවක්

කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් පවුඩර් කෝටින් සහ ප්ලාස්ටික් කෝටින් පිළිබඳව එක් දින තාක්ෂණික වැඩමුළුවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ උපදේශකත්වය ඇතිව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනක් මෙම වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ යටතේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ තාක්ෂණික සේවා අංශය මගින් පවුඩර් කෝටින් සහ…

(0)Comments | February 17, 2017 5:07 am

මූල්‍ය පිරිවැය ඉහළට – ලාෆ්ස් ලාභ, අලාභ වෙයි

2017 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය කාර්තුව සඳහා ලාෆ්ස් ගෑස් පීඑල්සී විසින් ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශයෙහි සඳහන් වේ. මෙහිදී අදාළ කාර්තුව තුළ දී රුපියල් මිලියන 185.66 ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබෙන අතර 2015 දෙසැම්බර් කාර්තුව තුළ දී සමාගම විසින් වාර්තා කර තිබෙන ශුද්ධ…

(0)Comments | February 16, 2017 10:52 am