Top News

ඡන්දය දා කොටස් වෙළෙඳපොළ ප.ව. 12.30 දක්වා පමණයි

මහ මැතිවරණය පැවැත්වෙන 2020 අගොස්තු 05 වන බදාදා දින, කොළඹ කොටස් වෙළෙඳපොළ පස්වරු 12.30 දක්වා පමණක් විවෘතව තැබෙන බව එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේණුක විජයවර්ධන නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මේ අනුව 2020 අගෝස්තු 05 දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික සාමාන්‍ය ගනුදෙනු පෙරවරු 11.00 සිට පස්වරු 12.30 දක්වා පැය 1 1/2 ක කාලයකට පමණක් සීමා…

(0)Comments | July 30, 2020 2:28 pm

කුවේට්ය ශ්‍රී ලංකාවට දොර වසයි

කැබිනට් තීන්දුවක් උපුටා දක්වමින් කුවේට් පුරවැසියන්ට සහ නේවාසිකයින්ට රට තුළට පැමිණීමට සහ ඉන් පිටතට යාමට අගෝස්තු 1 වනදා සිට අවස්ථාව ලබා දෙන බව කුවේට් රජයේ සන්නිවේදන මධ්‍යස්ථානය ට්වීටර් පණිඩුයක් හරහා කියා සිටී. කෙසේ වෙතත් බංග්ලාදේශය, පිලිපීනය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඉරානය, නේපාලය යන රටවලින් පැමිණෙන වැසියන්/ නේවාසිකයින් රට තුළට පැමිණීම තවදුරටත් තහනම් කර ඇති බව…

(0)Comments | July 30, 2020 12:27 pm

කොවිඩ්-19 ලංකාවේ ලොකුම සමාගම් සමූහයට බලපෑවේ මෙහෙමයි

2020/21 පළමු කාර්තුවේ දී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී බදු ගෙවීමට පෙර රු. බිලියන 2.43 ක අලාභයක් වාර්තා කරයි ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ ලැයිස්තුගත සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි නවතම මූල්‍ය ප්‍රතිඵල ඊයේ (29) දින ප්‍රකාශයට පත්කරන ලදී. ඒ අනුව සමූහයේ ආදායම පෙර වසරට සාපේක්ෂව රු. බිලියන 31.74 සිට රු. බිලියන 21.60…

(0)Comments | July 30, 2020 11:55 am

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ප්‍රමාණවත් ලංසු ලැබී නැහැ

අද (29) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා ප්‍රමාණවත් පරිදි ලංසු ඉදිරිපත් වී නොමැති බව වාර්තා වේ. රු. බිලියන 39.5 ක බිල්පත්, වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණ ද ලැබුණු ලංසුවලින් පිළිගෙන තිබුණේ රු. බිලියන 12කටත් අඩු ලංසු ප්‍රමාණයකි. දින 91 සහ දින 182 බිල්පත් පොළී අනුපාතික පසුගිය සතියට සාපේක්ෂව පදනම් අංක 1 බැගින් පහළ…

(0)Comments | July 29, 2020 4:43 pm

වයඹ පළාත් සභාවේ මානව සම්පත් කළමණාකරණ කටයුතු ඔන්ලයින් ක්‍රමයට

වයඹ පළාත් සභාව සදහා ඉ- මානව සම්පත් කළමණාකරණ පද්ධතියක් (e-HRM) සැකස්කිරීමට පියවර ගැනේ . ඒ අනුව දැනට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන  පළාත් සභාවට අයත් ආයතනයන්හි  මානව සම්පත් කළමණාකරණ කටයුතු  මාර්ග ගත (ONLINE)  ක්‍රමයට වඩාත් ඵලදායී හා කාර්යක්ෂමව කිරීමට හැකිවේ. මේ සදහා වන තාක්ෂණික සහාය සහ උපදෙස් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ලබා දෙනු…

(0)Comments | July 29, 2020 3:44 pm

ඩුබායි වෙත සහ ඩුබායි හරහා සංචාරය කරන මගීන් පිළිපැදිය යුතු නව මාර්ගෝපදේශ මෙන්න

ඩුබායි නගරය ව්‍යාපාරික සහ සංචාරක කටයුතු සඳහා නැවතත් විවෘත කර තිබෙන නිසා එමිරේට්ස් ගුවන් සේවා ජාලයේ ගමනාන්ත සිට මේ වනවිට ඩුබායි නගරයට සංචාරය කළ හැකි අතර මගීන්ගේ සහ ප‍්‍රජාවගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා හඳුන්වාදී තිබෙන නව ගුවන් ගමන් ක‍්‍රමවේදයන් මෙහිදී අනුගමනය කළ යුතුවේ. මේ අනුව, අගෝස්තු 01 වනදා සිට ගුවන් මගීන් කොවිඞ්-19 රෝගය…

(0)Comments | July 29, 2020 2:59 pm

PPE අපනයනය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට ඇමරිකානු සහාය

ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින්ට එක්සත් ජනපදය වෙත පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) අපනයනය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් සහාය දෙනු ලැබේ. ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (Joint Apparel Association Forum – JAAF) සහ අපනයන සංවර්ධණ මණ්ඩලය (Export Development Board – EDB) සමඟ එක්ව පවත්වන ලද මෙම වැඩසටහනට කර්මාන්ත නියෝජිතයින් 100කට අධික සංඛ්‍යාවකට එක්සත් ජනපද වෙළෙඳපොළට පිවිසීම…

(0)Comments | July 29, 2020 1:14 pm

කොවිඩ් එන්න කලින් ආර්ථික වර්ධනය සෘණ වෙලා. පළමු කාර්තුවේ දත්ත වහාම ඉදිරිපත් කරන්න – හර්ෂ ද සිල්වා

2020 පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ දත්ත තවමත් නිකුත් කර නැති බවත්, මෙම දත්ත ප්‍රමාද නොකර වෘත්තීයවේදීන් ලෙසින් තම වෘත්තීය ගරුත්වය රැකගෙන වහාම ඉදිරිපත් කරන ලෙසත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී. අද (29) පෙරවරුවේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය හමුවීමට පැමිණි…

(0)Comments | July 29, 2020 12:38 pm

රු. බිලියන 39.5ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද. රු. බිලියන 110ක බැඳුම්කර වෙන්දේසියක් හෙට

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රු. බිලියන 39.5 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ  වෙන්දේසියක් අද (29) දින කැඳවීමට කටයුතු යොදා ඇත. මෙහිදී දින 91, දින 182 හා දින 364 යන කල්පිරීමේ කාලයන්ගෙන් යුතු බිල්පත් පිළිවෙලින් රු.බි. 9 ක්, රු.බි. 6 ක් හා රු.බි. 24.5 ක් යන ආකාරයෙන් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය….

(0)Comments | July 29, 2020 11:29 am

සතියක් ඇතුළත සමාගම් දෙකක් කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවෙන් ඉවතට

පීසී ෆාමා පීඑල්සී, කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවෙන් අද (29) දින සිට නිල වශයෙන් ඉවත් කෙරෙන (De-Listing) බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී. මෙය සතියක කාලයක් තුළ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවෙන් නිල වශයෙන් ඉවත් කරන ලද දෙවැනි සමාගමයි. මීට පෙර පසුගිය ජූලි 22 දින සිට බලපැවැත්වෙන පරිදි තවත් ලැයිස්තුගත සමාගමක් වූ එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී සමාගම කොළඹ…

(0)Comments | July 29, 2020 11:03 am