මේ වන විට මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා වේ. Colombo Gold Centre ෆේස්බුක් පිටුවට අනුව මේ වන විට කැරට් 24 රන් පවුමක මිල රු. 110,000/- ක් ලෙසින් සටහන් වන අතර කැරට් 22 රන් පවුමක මිල රු. 100,850/- ක් ලෙසින් වාර්තා වේ. මීට අමතරව කැරට් 21 රන් පවුමක මිල දැක්වෙන්නේ රු. 96,250/- ක්…
බලයලත් දේශීය අලෙවි නියෝජිතවරුන් මගින් ජාත්‍යන්තර වාහන නිෂ්පාදකයින් හා සෘජු සබඳතා පවත්වන ශ්‍රී ලංකාවේ එකම වාහන ව්‍යාපාරික සංගමය වන, සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), රජය විසින් පනවනු ලැබූ වාහන ආනයනය අත්හිටුවීමේ කාල සීමාව පිළිබඳව පැහැදිලි මග පෙන්වීමක් ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලීමක් කරයි. එමෙන්ම රජයේ රෙගුලාසිවලට අනුකූලව, ලියාපදිංචි වාහන ව්‍යාපාරිකයින් මගින් පමණක් වාහන මෙරටට ආනයනය…
මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය පසුගිය 2020 මැයි මාසය තුළ දී රු. බිලියන 14,024.7 සිට රු. බිලියන 13,895.9 දක්වා රු. බිලියන 128.8 කින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. මෙහිදී රජයේ මුළු දේශීය ණය ප්‍රමාණය රු. බිලියන 7,217.7 සිට රු. බිලියන 7,381.4 ක් දක්වා රු. බිලියන 163.7 කින් ඉහළ…
කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට කොමර්ෂල් බැංකු වෙබ් අඩවියේ දිස්වන QR කේතය ඔවුන්ගේ ජංගම දුරකතන QR ගෙවීමේ ඇප් සේවාව තුළින් ස්කෑන් කිරීම මගින් ඉතාමත් පහසුවෙන් සහ ක්ෂණිකව ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඞ්පත් හිඟ මුදල් ගෙවීමේ අවස්ථාව බැංකුව විසින් ලබාදී තිබේ. මේ ආකාරයෙන් ක්‍රෙඩිට් කාඞ්පත් හිඟ මුදල් පියවීම සඳහා QR කේත ගෙවීම් සක‍්‍රීය කළ පළමු ශ‍්‍රී ලාංකේය බැංකුව…
ශ්රී ලංකාවේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ (MRIA) භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කරමින්, හම්බන්තොට සිට එක්සත් ජනපදයට භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ප්‍රථම වරට ඊයේ (09) ගුවන් ගත විය. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ රජයේ වැඩසටහනේ කොටසක් ලෙස එමිරේට්ස් ගුවන්සේවයට අයත් යානයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට අතරමං වූ ශ්‍රී ලාංකිකයන් 428…
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස චිත්‍රාංජලී දිසානායක මෙනවිය පත්කර තිබේ. ඇය 1986 දී පර්යේෂණ සහකාරවරියක ලෙස අපනයන සංවර්ධන මණ්ඩලයට සම්බන්ධ වූ අතර ප්‍රතිපත්ති හා සැලසුම් අලෙවිකරණය නිෂ්පාදන කළමනාකරණය සහ කාර්මික නිෂ්පාදන හා සේවා යන අංශවල වසර 34 ක පළපුරුද්දක් ලබා ඇත. ඇය අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්වීමට පෙර වැඩබලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල්(සංවර්ධන)…
2020 මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී අවසන්ය. මහ මැතිවරණය අවසන් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 225 න් 145 කම ජයග්‍රහණය අත්පත් කර දෙමිනි. එය ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රී ආසන 128කින් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 17 කින් සමන්විත විය. ඡන්ද ප්‍රතිඵල නිකුත් වී අවසන් වූ වහාම බොහෝ…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජුනි මාසයේ පැවති සියයට 3.9හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 4.2 දක්වා ඉහළ ගියේය. ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් සහ 2019 ජූලි මාසයේ පැවති පහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන්…
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය විමසන හෙට (අගෝස්තු 05) දිනයේ දී මෙරට වාණිජ බැංකුවල සාමාන්‍ය ගනුුදෙනු දින භාගයකට සීමාවන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ සෙයාබැලීමක දී තහවුරු වූයේ හෙට දිනයේ දී බැංකු ශාඛා කලින් වසා දැමීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බවත්, බැංකු ශාඛා විවෘතව තබන…
ටයිල් හා සනීපාරක්ෂක නිෂ්පාදන ආනයනකරුවන්ගේ ගැටලු විසඳීමේ අරමුණින්, පිහිටුවන ලද ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයතනය වන ටයිල් හා සනීපාරක්ෂක ආනයනකරුවන්ගේ සංගමය (TSIA), රජය විසින් ටයිල් හා සනීපාරක්ෂක නිෂ්පාදන ආනයනය තාවකාලිකව අත්හිටුවීමට පසුගියදා ගත් තීරණය පිළිබඳව බරපතල අවධානය යොමු කර තිබේ. ඒ පිළිබඳව කණස්සල්ලට පත්වන එම සංගමය, එම නිෂ්පාදන ආනයනය කිරීම තහනම් කිරීම, රට තුළ විනිමය විදේශයට…
Video Story