Top News

ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි

2017 පෙබරවාරි 23 වන දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල හමුවේ දී රුපියල් මිලියන 149.328 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් හිමිකම් කොටස් නිකුතුවක් කිරීමට තීරණය වූ බව ස්වදේශී ඉන්ඩස්ට්‍රියල් වර්ක්ස් පීඑල්සී විසින් නිවේදනය කර සිටී. මේ අනුව දැනට පවතින සෑම සාමාන්‍ය කොටස් 7 කටම 1 බැගින් වන පරිදි හිමිකම් කොටස් 18,666 ක් නිකුත් කිරීමට නියමිතය. සිය…

(0)Comments | February 27, 2017 10:32 am

ශ‍්‍රී ලංකාවේ හොඳම අන්තර්ජාල බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව පිදුම් ලබයි

ගෝලීය වශයෙන් ගෞරවාදරයට සහ කීර්තියට පත්ව තිබෙන එංගලන්තයේිග්ලෝබල් ෆයිනෑන්ස් ඇන්ඞ් රිවිමු’ සඟරාව විසින් 2016 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම අන්තර්ජාල බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර තිබේ. ගෝලීය මූල්‍ය ප‍්‍රජාව අතුරින් සුවිශේෂී අංශ කෙරෙහි විශේෂඥතාවයක් දක්වන සියළු ප‍්‍රමාණයන්ගෙන් යුතු සමාගම් සඳහා සම්මාන ලබාදීම මෙම සම්මාන ප‍්‍රදානය මගින් සිදුකරයි. කොමර්ෂල් බැංකුව වෙත හිමිවූ මෙම සම්මානය මගින් බැංකුවේ…

(0)Comments | February 27, 2017 8:44 am

මිල අඩුම හොන්ඩා කාරය ලබන මාසයේ දී වෙළෙඳපොළට

පසුගියදා එළිදක්වන ලද සිය නවතම නිෂ්පාදිතය වූ හොන්ඩා City 2017 මෝටර් රථයෙන් පසු තවත් සුපිරි මෝටර් රථ අත්දැකීමක් ලබා දීමට හොන්ඩා සමාගම ඉදිරිපත් වී සිටී. මේ අනුව රාජස්තානයේ, ටපුකාරා කර්මාන්තශාලාවේ දී නිෂ්පාදනය කෙරෙන Honda WR-V මෝටර් රථය ලබන මාර්තු 16 වන දා ඉන්දීය වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිතය. හොන්ඩා නාමයෙන් එන කුඩාම මෝටර් රථය වන මෙය…

(0)Comments | February 26, 2017 6:46 pm

ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය කවුන්සිලය 21 වැනි සියවසේ ඉගැන්වීම් හැකියාවන්ගෙන් ශ‍්‍රී ලංකාවේ පංති කාමර සවිබල ගන්වයි

ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය කවුන්සිලය ශ‍්‍රී ලංකා – බි‍්‍රතාන්‍ය සහයෝගීතා සංවාදය සමරමින් ‘21 වැනි සියවසට ගැලපෙන වගකීම් සහගත අධ්‍යාපනයක්’ යන තේමාව යටතේ සුවිශේෂ වැඩසටහනක් පවත්වන ලදී. පසුගිය පෙබරවාරි 16 වැනි දින මහනුවර මහවැලි රීච් හෝටලයේදී එම වඩසටහන පැවැත්විණි. මෙම සුවිශේෂී මුලපිරීම බි‍්‍රතාන්‍ය කවුන්සිලයේ පාසල් වැඩසටහන සමග සම්බන්ධවී පවත්වනු ලැබූවකි. බි‍්‍රතාන්‍ය සහ ශ‍්‍රී ලංකාවේ පාසල් සම්බන්ධ කරමින්…

(0)Comments | February 26, 2017 3:18 pm

රබර් කර්මාන්ත නිෂ්පාදනය ගැන මූලික සැලැස්මක් එළිදකී

ශ්‍රී ලංකා රබර් කර්මාන්ත නිෂ්පාදනය පිළිබඳ මූලික සැලැස්ම එළිදැක්වීමේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි. මෙම උත්සවය අරලියගහ මන්දිරයේදී පැවැති අතර අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(0)Comments | February 26, 2017 2:39 pm

ෆුල්ෆේස් හෙල්මට් තහනම් – ගැසට් කළ නීතිය මෙන්න

යතුරු පැදිකරුවන්ගේ ආරක්ෂක හිස්වැසුම් සම්බන්ධයෙන් නව නීති මැලැවක් රජය විසින් ගැසට් කර තිබේ. එහි සඳහන් වන පරිදි යතුරු පැදියක් පදවන තැනැත්තකු පළඳින හෝ භාවිතා කරන සෑම ආරක්ෂක හිස්වැසුමක් ම ශ්‍රී ලංකා ප්‍රමිති 517-1994 හෝ ආරක්ෂක හිස්වැසුම් සම්බන්ධයෙන් කලින් කළ අදාළ වන්නා වූ ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවයි. තවද ආරක්ෂක හිස්වැසුමක්, එය පැළඳි විට එහි කිසිදු…

(0)Comments | February 24, 2017 9:38 am

සෙලින්කෝ ලයිෆ් ප‍්‍රධාන ඩිජිටල් නිලධාරිනී ලෙස උපමාලිකා රත්නායක පත් කරයි

මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ක‍්‍රියාවලීන් සහ සේවා ලබාදීමේ අංශයේ සිදුකරමින් තිබෙන ඩිජිටල් නවෝත්පාදන කටයුතු සඳහා නායකත්වය ලබාදීම වෙනුවෙන් උපමාලිකා රත්නායක මහත්මිය සමාගමේ ප‍්‍රධාන ඩිජිටල් නිළධාරිනිය (CDO) ලෙස පත්කර තිබේ. රත්නායක මහත්මිය සෙලින්කෝ ලයිෆ් සමාගමේ වසර 17 ක කාලයක් සේවය කර තිබෙන අතර ඇය සමාගමේ පළමු ප‍්‍රධාන තොරතුරු නිළධාරිනියද (CIO) වූවාය….

(0)Comments | February 24, 2017 8:06 am

ශ‍්‍රී ලංකා වෙළෙඳ ප‍්‍රදර්ශනය 26 දා මෙල්බර්න්හි දී

කොළඹ වාණිජ මණ්ඩලය තම සංවිධානය දරණ ශ‍්‍රී ලංකා වෙළෙඳ ප‍්‍රදර්ශනය හා සැණකෙළිය මෙම මස 26 දා ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න්හි ක‍්‍රවුන් හෝටල් පරිශ‍්‍රයේ දී පැවැත්වේ. ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන වෙළෙඳ ප‍්‍රදර්ශනය අතර ශ‍්‍රී ලංකීක අනන්‍යතාවය සහිත එකම වෙළෙඳ ප‍්‍රදර්ශනය මෙය වේ. මෙම අවස්ථාව සඳහා ඕස්ටේ‍්‍රලියාවේ රටවල සියලූ ශ‍්‍රී ලංකික ප‍්‍රජාව එම වෙළෙඳ ප‍්‍රදර්ශනය පැවැත්වෙන මෙල්බර්න් නගරය වෙත පැමිණෙන අතර…

(0)Comments | February 24, 2017 7:47 am

ජපානයේ කෝබේ වරාය හා කොළඹ වරාය අතර අන්‍යෝන්‍ය ගිවිසුම් ප්‍රකාශයක්

ජපානයේ, කෝබේ නගරයේදී පැවැත්වීමට නියමිත ‘ජාත්‍යන්තර වරායන් පිළිබඳ සමුළුව’ සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ඇරියුම් ලැබී ඇත. මෙම සමුළුව ආසියානු කලාපයේ සමුද්‍රීය කටයුතු පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීම සඳහා සුවිශේෂ අවස්ථාවක් වන අතර, එහි දී ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ජපානයේ කෝබේ නාගරික රජයේ වරාය සහ නාගරික ව්‍යාපෘති කාර්යාංශය අතර අන්‍යෝන්‍ය ගිවිසුමකට එළඹීම…

(0)Comments | February 23, 2017 10:35 am

ඉතිහාසයේ පළමු වරට ඩොලරයේ විකුණුම් මිල රුපියල් 154 ඉක්මවයි

එක්සත් ජනපද ඩොලරයක් සඳහා මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රුපියල් අගය අද (23) දිනයේ දී වාර්තා විය. අද දින නිකුත් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 150.32 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 154.21 ක් ලෙසින් සටහන් විය. මේ අතර ඊයේ දිනයේ…

(0)Comments | February 23, 2017 9:06 am